රෝගී වූ 12 හැවිරිදි දරුවා සිය කරමතින් රෝහලට රැගෙන යද්දී මිය යාමේ දුක්බර පුවතක් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයෙන් වාර්තාවෙයි. ඉන්දියාවේ මනෝරාමා පුවත්පතට අනුව එම දරුවා කාන්පුර් නගරයේ රෝහලට රැගෙන ගිය අවස්ථාවේ එම රෝහලෙන් බාර නොගැනීම නිසා පියා විසින් රෝගී වූ තම දරුවා කරමත තබාගෙන වෙනත් රෝහලකට රැගෙන යද්දී මියගොස් ඇති බව වාර්තාවෙයි. මීට දින කිපයකට පෙර බස් රථයක් තුළ මියගිය මව සමග දින පහක් වයසැති දරුවා අතර මග දමා යාවේ පුවතක් ද ලොව පුරා ප්‍රචාරය විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවතිල්ලේ හිතා බැලුවාම අපේ රටේ මිනිසුන්ගේ ගුණයහපත්කම් ඒ තරමට පිරිහිලා නැහැ.... (නි)
මෙයාලනෙ අපට බලෙන් ඇම්බියුලන්ස් දෙන්න යන්නෙ....(බ)
ඉන්දියන් නරුමයන් අපිට ගිලන් රථ සේවාවන් සපයනවා උන්ගේ අහිංසක එවුන් පාරේ මියයද්දී . කාටකාටත් සිහිබුද්ධිය ඇතිවේවා. (බ)
අපි ඉන්දියාවට දොස් කිව්වට අපේ රටේ සමහර ඉස්පිරිතාලවල ලේඩුන්ට සලකන විදියත් මිට වඩා වැඩි වෙනසක් නැහැ/(රේ)
අපිට දීපු ගිලන් රථ ටික ආපසු ඉන්දියාවටම පුජාකළොත් ලොකු පිනක් (නි)
ඉන්දියන්කාරයෝ මහා පුදුම ජාතියක්. අපට නැති ගිලන් රථ ලංකාවට දෙන්නේ මොකටද (නි)
ඉන්දියාවේ මේතරම් ගැටළු තියාගෙන නේද අපේ රටේ රෝගීන් වෙනුවෙන් හදිසි ගිලන්රථ සේවාවක් පරිත්‍යාග කරලා තියෙන්නේ? රටට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ ඕකට (නි)
හිතට ලොකු දුකක් දැනුනා (නි)
ඉන්දියන්කාරයෝ අපිට ගිලන් රට දී ශ්‍රී ලංකාවද එම නරා වළට ඇද දැමීමට උත්සාහ කරයි. යුද්ධයෙන් කරවා ගැනීමට නොහැකිවුණ දේවල් වෙනත් මාර්ගයකින් කරවා ගැනීමට මාන බලයි (නි)
එහෙම තියෙද්දී ද අපිට ගිලන් රථ දුන්නේ? (බ)
ඔහොම තමා මුදලට උපාධි ගත්තම ඒ මුදල් හොයන්න මිනිස්සු මේ වගේ දේවල් කරනවා .(ම)
මුදල් නැත්නම් ඇමරිකාවේ රෝහල් වල තත්ත්වයද මෙසේමයි. (නි)
තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ගලු. රජය බාරගත් ඉන්දීය ගිලන් රථ ටික, නැවතත් ඉන්දියාවටම දෙන්නේ නම් ඉතා අගනේය. (නි)
ලංකාවත් එක්ක ගහන්න යන ගිවිසුමෙන් පස්සේ රටවල් දෙකේම අටඅනූවක් රෝග නිවාරණය වේවි. (නි)
මුදල් නැත්නම් ඇමරිකාවේ රෝහල් වල තත්ත්වයද මෙසේමයි. ඔව් ඔව් ඇමරිකාවේ සල්ලි නැති අය තාත්තලාගේ කර පිට මැරෙන්නේ. දන්නා දෙයක් කතා කරන්න (නි)
මේ අය බොරුවට රොකට් යවනවා මෙයලා වගේ අහිංසක මිනිස්සුන්ගේ සෞඛ්‍ය පහසු කමක් වත් හරියට ඉටුනොකර. (හේ)
දිව්‍ය ලෝකයේ සිට සතර මහා අපායත් මිහිපිට තියෙන්නේ ඉන්දියාවේ. බලන් කඩතුරා හැර දෑසේ... ජීවත්වන මිනිසුන්ට පමණි වෙනසක් ඇති කරන්න පුළුවන්... (නි)
අයියෝ පවු මෙහෙම රටක් ලෝකයේ කොහොවත් නැත. (අ)
ඉන්දියාවේ මේ තරම් ගැටළු තියාගෙන නේද අපේ රටේ රෝගීන් වෙනුවෙන් හදිසි ගිලන්රථ සේවාවක් පරිත්‍යාග කරලා තියෙන්නේ? (බ)
අසිරිමත් ඉන්දියාවේ අද තත්වය. ඉන්දියාවේ මිලියන 150 වැසිකිලි නැත. ඉන්දියාවේ මිලියන 435 දිනපතා 1 වේලක් පමණි කෑම ලැබෙන්නේ. ඉන්දියාවේ මිලියන 600 නිවස නැත. ඉන්දියාවේ මිලියන 874 රැකියා නැත. ඉන්දියාවේ මිලියන 900 ඉන්දියාව තිත්ත වී වෙනත් රටවල දුක්විඳිමින් ජීවත් වේ. (බ)
දුප්පත් හැමරටක්ම මේ වගේ මිනිසාට සලකන්න දන්නෙම නැහැ. ඒ වුණාට ගල් රුප නවන්නේ සුවද පැනින් ,කිරිවලි ඉන් මුදල් නාස්ති කරමින් ,පොහොසත් රටවල් වල බලගතු. උදවිය මේ. කිසිවක් නැහැ දුප්පත් ,පෝසත් බේදයක් නැහැ, මිනිසටයි මුල් තැන ලංකාවේ ,ඉන්දියාවේ වගේ නර්ස් නෝනලා ලෝකේ කොහෙවත්. නැතිව ඇති එක කරුණවන්ත කෙනෙක් හිටියනම්. මේ දරුවා බේරා ගන්න තිබුනා (අ)
ඇයි අර ඉන්දියන් ගිලන් රථ ඒවා ඕන ලංකාවට නෙමේ. ඉන්දියාවටයි. (අ)
ඉන්දියාවේ ලෝකෙට සෝබන වැඩ. කන්න නැතුව, බෙහෙත් නැතුව මිනිස්සු මහා පාරේ මැරෙනවා. (බ)
පාලම හදල තිබුනානම් මෙහාටම පයින් එන්න තිබුනා (බ)
මම හිතුවේ අල්ලපු රටටත් නොමිලේ ගිලන් රථ දෙන්නේ ඒ රටේ වැඩිපුර තියෙන නිසා කියල. (බ)
ඉන්දියාව ලෝක බලවතෙන් වෙන්න හදනවා, බුද ග්‍රහයාට මිනිස්සු යවන්න හදනවා, ඒ වුණාට මිනිස්සුන්ගේ දුප්පත්කම ඉහ වහා ගිහින්. (ම)
මිනිසුනි !!! මිනිසුන්ට සලකන්න. වෙන කිසිවක් ඔබ හට ගෙන යා නොහැකිය..... (ම)
මෙහෙම රටෙන් තමයි අපේ ලෙඩ්ඩු ගෙනියන්න අැම්බුලන්ස් දුන්නේ. ඒවත් දැනටම ලෙඩ දෙනවලු. (අ)
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ රටක් (බ)
මෙය දැකීමෙන් ඇසට කදුලක් නැගිණි. (ර)
හරිම දුක්බර අවස්ථාවක්. (ර)
දවස් දෙකකට ඉස්සෙලා බස් එකේ මරුන අසනීප මවක් මල සිරුරත් එක්ක පාර අයිනට දල ගිහින්, ඊට ඉස්සර දවසේ මිය ගිය බිරිදගේ මිනිය කරේ තියාගෙන කිලෝමීටර් 10 ක් ඇවිදගෙන යන ස්වාමිපුරුෂයෙක්, අද මේ පුවත. ඒ වුනාට ලංකාවට නොමිලේ ගිලන්රථ පූජා කරන ඉන්දියාව, ගෙදරට මරගාතේ ලෝකෙට පරකාසේ. (අ)
මේ වීඩියෝ මම දැක්ක පුදුම වේදනාවක් දැනෙනවා. මේ අහිංසක තාත්තා කෙනෙක් නේද කියල හිතුනා (අ)