රුසියා ජනපති වැල්ද්මීර් පූටින්ගේ පෞද්ගලික රියදුරු අනතුරකින් මිය ගිය බව විදෙස් පුවත් සේවා පවසයි.
මොස්කව් නුවර ප්‍රධාන මාර්ගයකදී ජනපතිගේ මෝටර් රිය තවත් මෝටර් රියක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවත් එම අනතුර සිදුවන ආකාරය අවට තිබූ කැමරාවල සටහන්ව ඇති බවත් කියති.
අනතුර සිදුවන අවස්ථාවේ ජනපති පූටින් එහි සිට නැති බවත් අධික වේගයෙන් ගිය රිය මාර්ගයේ විරුද්ධ දෙසින් පැමිණි මෝටර් රියක හැපීම හේතුවෙන් එම රථයේ රියදුරුද තුවාල ලබා ඇති බවත් වාර්තාවේ.
ජනපතිගේ නිල මෝටර් රිය වන කළු පැහැති බීඑම්ඩබ්ලිව් රථය එසේ අනතුරට පත්ව ඇති අතර මිය ගොස් ඇති රියදුරු ජනපති පූටින්ගේ ප්‍රියතම රියදුරා බවද රුසියා මාධ්‍ය වාර්තා කරයි.
අනතුරින් මිය ගිය රියදුරාගේ නම මෙතෙක් මාධ්‍යයට වාර්තා වී නැති අතර ඔහු වසර 40ක් තිස්සේ නිල රියදුරකු ලෙස සේවය කරන බව කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් අර ලංකාවේ දේශපාලකයන්ගේ රියදුරෝ වගේ ජනාධිපතිගේ ඌෂ්ණය ඔලුවට අරන් පාරේ ඉන්න මිනිස්සුත් යටකරගෙන යන කෙනෙක් වගේ. මට දුක අනිත් වාහන වල ආ මිනිස්සු ගැනයි (නි)
ජනපතිගේ වාහනයේ රියදුරු මියගොස් විරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයේ රියදුරු තුවාල ලැබුවා පුදුමයි. (ලංකාවේ එහෙම වෙන්නේ නැහැ) (නි)
මේක මන්තීරු 14 තියන පාරක් (බ)
රියදුරු ලංකාවේ කෙනෙක්ද දන්නෙ නැහැ (නි)
මේකනම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වියයුතුයි. (නි)
මේතමයි හරිම විදියට කියනවා නම් "මෝටර්වේ"කියන්නේ. කල්පයක් ගියත් අපේ දේශපාලුවන්ගෙන් බේරිලා අපේ රටට මෙවැනි මාර්ග පද්ධතියක් ලබාගන්න අපිට බැරිවෙයි (නි)
මට දැනෙන ලෙස නම් මෙය අධික වේගය පාලනය කරගැනීමට අසීරුවීමෙන් සිදුවූ අනතුරක් (නි)
ජනපති වාසනාවන්තයි (නි)
පුටින් මහතාට කරදරයක් නැහැ නේද.? (ර)