ලබන වසරේ සිට යුරෝපයේ වයස අවුරුදු 16ට අඩු ළමයින්ට ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල පණිවිඩ යැවීම තහනම් කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. දෙමාපියන්ගේ අනුමැතියකින් තොරව දරුවන්ට කිසිදු ලෙසකින් ෆේස්බුක් වෙත ඇතුල්වීමට හා අන්තර්ජාල පණිවිඩ හුවමාරු ක්‍රම භාවිතා කිරීම තහනම් කිරීමට තීරණය කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.
මෙයට හේතුවී ඇත්තේ යුරෝපයේ ළමයින්ගේ අන්තර්ජාල භාවිතය හා එයින් සිදුව ඇති අහිතරක බලපෑම් පිළිබද අධ්‍යයන කරමින් විද්වත් කමිටුවක් විසින් ලබාදුන් නිර්දේශ කිහිපයකි.
මේ දක්වා යුරෝපයේ රටවල අන්තර්ජාල ක්‍රියාකාරකම් සදහා අනුමැතිය ලබාදෙන වයස වන්නේ අවුරුදු 13 කි. ඒ අනුව තව නොබෝ දිනකින් එම වයස අවුරුදු 16ක් දක්වා දීර්ඝ කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ තීරණයක් හැබැයි යුරෝපෙට විතරක් නෙවෙයි පුලුවන්නම් මුළු ලෝකෙටම බලපාන විදියට මේක කලොත් අපේ දරුපරපුර බේරගන්න පුළුවන් (ම)
අපේ විද්වත් කමිටුවලින් කියන ඒවා කවුරුත් අහන්නේ නෑනේ (බ)
අන්තර්ජාල භාවිතයට ළමයිව යොමු කිරීමට තරම් අපේ සමාජය පරිණත නොවන බව ලාංකික සමාජ විද්‍යාඥයෙක්ද පවසා තිබුණා. ,දියුණු යයි කියාගන්නා රටවලත් මෙහෙම නීති රීති පනවනවානම් අප ගැන කවර කතාද ? වහාම අපත් මේ පිළිවෙත් අනුගමනය කල යුතුයි . (ර)
ලංකාවේ ඉක්මනින්ම මෙය කල යුතුයි. ඇයි බලන් ඉන්නේ.? (ර)
යුරෝපීය ජාතිකයන් මුලිකව මේවා ලොවට හඳුන්වා දුන්නට එහි ඇති හොඳට වඩා නරක ඉස්මතුවේගෙන එන බව දැන් දැන් එයාලටම තේරෙන්න අරන් වගේ. මෙවන් හොඳ දේවල් අපේ රටටත් ආදේශ කරගැනීමට තවත් පමාවිය යුතු නැහැ. ඒත් නොමිලේ සමහරු කැමති වේවිද දන්නේ නැහැ (නි)
තාක්ෂණයේ දියුණුව වගේම පරිහානියකුත් ඇත. ඇමෙරිකා යුරෝපා ජාතීන් සහ චීන ජපන් ජාතීන්ද තාක්ෂනය අතින් පෙරමුණේ ඉන්නේ. ඕනෑම දෙයක හොඳ වගේම නරක පැත්තකුත් තිබෙනවා. නරක දේ ඉක්මනින්ම ළංකර ගන්න එක මනුෂ්‍ය ස්වභාවය. දැන් ඒකේ ආනිසංස ලැබිලා තියෙන්නේ. දෙමව්පියන් නොදන්නා බොහෝ දේ දරුවන් දන්නවා. ඒ වගේම මේවායින් ඉතා හොඳ, ඉගෙනීම සඳහා ප්‍රයෝජන ගන්න ළමයිනුත් ඉන්නවා. මේවා දැන් ජීවිතයට අත්‍යාවශය දෙයක් වෙලා ඉවරයි. පාලනය කරන්නන් පුළුවන් නම් හරිම අගෙයි. (නි)