ඉතාලිය බලා යාත්රා කරමින් තිබූ අනවරස සංක්රමණිකයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් 500 දෙනෙකුවත් මියගොස් ඇතැයි සරණාගතයින් පිළිඹද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ගී්රසිය ආසන්න මුහුදේ පාවෙමින් තිබූ තවත් බෝට්ටුවක සිට සොයාගත් අනවසර සංක්රමණිකයින් පිරිසකගෙන් ලැබුණු තොරතුරු වලට අනුව මේ බව සොයාගැනීමට හැකිවූයේයැයි එම කාර්යාලය කියයි.
ලැබී තිබෙන තොරතුරු වලට අනුව ලිබියාවේ සිට ඉතාලිය බලා සංක්රමණිකයින් පිරිසක් රැගෙන යාත්රා කරමින් සිටි ජාවාරම්කරුවෝ පිරිසක් මුහුද මැදදී වෙනත් යාත්රාවකට එම සංක්රමණිකයින් පිරිස නැංවීමට උත්සාහ කර ඇත.
එම යාත්රාවේ ඒ වන විටත් සංක්රමණිකයින් පිරී සිට ඇති තවත් අය නංවද්දී බර දරාගත නොහැකිව එය ගිලී ගොස් තිබේ.
මියගොස් ඇති පිරිස 500 ක් පමණවත් වන බව අනුමාන කෙරේ.
දිවිගලවාගනු ලැබූ සංක්රමණික පිරිසට ගී්රසියේ රැකවරණය ලබාදීමට බලධාරීන් කටයුතු කර ඇත.37 දෙනෙක් ඔවුන් අතර සිටින බව සඳහන්ය.
වසර කිහිපයක සිට යුරෝපය අනවසර සංක්රමණිකයින්ගේ ගැටලූවකට මුහුණදී සිටින අතර බලධරයින් කුමන පියවර ගත්තද මේ දක්වාම විසඳුමක් සොයාගැනීමට හැකිව නොමැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණකමටනේ මේ මිනිස්සු මෙහෙම එනවා ඇත්තේ. පවු! (නි)
යුරෝපයේ මිනිස්සු බොහොම හොඳයි. අන්න එතනයි වරද.
තමර පුදුම අසරණකමක් , මෙයාල යන්න කැමති යුරෝපයේ රටකටම පමණයි. (ර)
නැතුව අසංක, ඉන්දියාවට පකිස්තානයට යන්නද? අනේ යනවා නම් හොඳ රටකට යන්න ඕනෑ. (නි)