බංග්ලාදේශ නිදහස් සටන පැවැති 1971 වසරේදී යුද අපරාධ කළැයි චෝදනා ලද පූජකවරයකුට ඊයේ(22) එරට විශේෂ අධිකරණයක් මඟින් මරණ දඬුවම නියම කෙරිණි.
මෙසේ මරණ දඬුවම හිමි වූයේ ස්තී‍්‍ර දූෂණ සහ මිනීමැරුම් චෝදනා එල්ල වූ, රූපවාහිනී නාළිකා ඔස්සේ ආගමික වැඩසටහන් ඉදිරිපත් කරන මව්ලානා අබුල් කලාම් අසාද් නැමති ඉස්ලාමීය පූජකවරයකුටය.
බංග්ලාදේශ නිදහස් සටන පැවැති සමයේදී යුද අපරාධ සිදු කළ අය වෙනුවෙන් එරට රජය පිහිටු වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
කෙසේ වූවත් අගමැති ෂීක් හසීනාගේ රජය විසින් 2010 වසරේදී පිහිටුවන ලද මෙම යුද අධිකරණය ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන නොමැත. එය පිහිටු වූ අවස්ථාවේදී එරට විපක්ෂ කණ්ඩායම්වලින් පවා ඊට දැඩි විරෝධයක් එල්ල විය.
බංග්ලාදේශයේ විශාලතම ඉස්ලාමීය දේශපාලන පක්ෂය වූ ජමාත් ඊ ඉස්ලාමි පක්ෂයේ නායකයකු වූ අසාද් හින්දූන්ට එරෙහිව ප්රචණ්ඩකි්රයාවල නිරත වූ බවට දිගින්දිගටම චෝදනා එල්ල විය.
1971 දී බංග්ලාදේශය නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පෙර හැඳින් වූයේ නැගෙහිර පාකිස්තානය ලෙසයි. එම නිදහස් සටනේදී ජමාත් පක්ෂය හා පාකිස්තාන හමුදා සෙබළුන් එක්ව පුද්ගලයන් මිලියන තුනක් පමණ ඝාතනය කළ බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අනේ, අපේ කට්ටිය මේ ප්‍රවෘත්තියට උඩ පැන පැන සාදුකාර දීගෙන ලංකාවේ මුස්ලිම් මිනිස්සුන්ට බැනලා අදහස් දාලා ඇති කියලා බැලුවා. කවුරුවත් කරලා නැහැනේ. (නි)
තමන්ගේ රටේ නිදහස් සටනට විරුද්ධව ක්‍රියා කළා නම් මෙහෙම දඩුවමක් දෙන එක සාධාරණයි. (නි)
මිනිස් ඝාතන වලට සම්බන්ධනම් දඩුවම් ලැබිය යුතුයි කවුරු උනත් (ස)
හොඳ පුවතක් (ස)
කොයිකාට වුණත් වරදකට නම් දඩුවම් ලැබිය යුතුයි. (නි)
අපේ රටේ නම් යුධ අපරාධ කරලා රජ සැප විදින අයත් ඉන්නවා. (නි)
අනේ අම්මෝ මිලියන 3 කියන්නේ ලක්ෂ 30 ක් නේද ?? . උල තියලත් මදි එහෙමනම් (ස)
ඉර්ෆාන් නින්දෙන් නැගිටලාද කොහෙද? (නි)
ධර්මා, ඔබ දන්නවාද බංග්ලාදේශය70 දශකයේ සියයට 70ක් බෞද්ධයින් ජීවත්වූ රටක් බව? තව ඉදිරියටයි ලොකු සටන තියෙන්නේ. (නි)
දැනුයි මෙයාලට පලදෙන්න පටන් අරගෙන තියෙන්නෙ..!(නු)