ඉන්දියාවේ නවදිල්ලි නුවර වෛද්‍ය සිසුවිය සමූහ දුෂණයට ලක් කර මරා දැමූ චූදිතයන් සිව් දෙනාට මරණ දඬුවම දීමට නවදිල්ලි දිසා විනිසුරු යෝගේෂ්
|
මරණ දඬුවමට නියමවුණු චූදිතයෝ |
ඛන්නා ඊයේ (13) තීන්දු කිරීමත් සමඟ නවදිල්ලියට රැස්ව සිටි දහස් ගණනක් උද්ඝෝෂකයෝ පී‍්‍රතිඝෝෂා කරන්න වූහ.
එම පිරිස කෑ කෝ ගසන්න වූයේ, යුක්තිය ඉටු වුණා යැයි කියමිනි. ඔවුන් නවදිල්ලි අගනුවරට රැස්වූයේ, එම චූදිතයන් සිව්දෙනාට ජීවිතාන්ත සිරදඬුවමක් නොව මරණ දඬුවම නියම කරන ලෙස ඉල්ලමිනි.
එම සිව්දෙනා ඉකුත් 10 වැනිදා නවදිල්ලි දිසා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුහු වරදකරුවෝ වූහ. ඔවුන්ට දඬුවම් නියම කිරීම ඊයේ සවස සිදු කෙරුණි.
|
නවදිල්ලි නුවරට රැස්ව සිටි උද්ඝෝෂකයෝ පිරිස |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණයක් සිදු කළ අයකුට මරණ දඩුවම හොද වැඩියි. අවුරුද්දට දෙවතාවක් ගල් ගහන්න ජනතාව අතට ගල් දෙන්න ඕනෑ. ඔලුවට හෙල්මට් එක දාලා දෙන්න ඕනෑ. නැත්නම් මැරෙනවා.හැබැයි නීතිය ක්‍රියාත්මක කීරීම ජනතාවට දෙන්න ඕනෑ (නි)
මහත්මා ගාන්ධිගේ ඉන්දියාවට ස්තුති වෙවා. අපේ රටටත් මෙවන් උසාවි බිහි වෙවා!(නදී)
අපේ රටේ මේ වගේ උසාවි තිබුණට වැඩක් තියෙනවද? (නි)
ඉක්මන් නඩු තීන්දුවක් ප්‍රකාශ කරමින් ඉන්දියා අධිකරණය දුන් මෙම තීන්දුව ආසියාතික අනෙක් රටවලටද මහගු ආදර්ශයකි (නි)
ඔය පන්ඩිත වදන් දාන අය නිති උගන්නන මහත්තුරු නෝනලා තමන්ගෙ කෙනෙක් ඹය අපරාධ කලා නම් ඔහොම කෑ ගහනවද? පන්සල් පල්ලි ගානෙ ගිහිල්ලා පෙත්සමි අත්සන් කරලා ජනාධිපති සමාව ඉල්ලන්නෙ නැද්ද?ඇහැට දැක්කත් නොදැක්කා වාගෙ ඉන්නෙ නැද්ද. සාක්ෂියක්වත් දෙන්න උසාවියකට යනවද? ඉස්සෙල්ලා තමුන් හැදෙන්න. නිතියට සහයෝගය දෙන්න.(නදී)
හැගීම්වලට වහල් නොවී යුක්තිය ඉටුකරන්න හැකි අදිකරණයක් ලංකාවේ තියෙනවා ඒගැන විස්වාස කරන්න.
රිෂාර්ඩ් බොරු කියන්න එපා. මේක කොහොමද ශරියා නීතිය වෙන්නෙ. ශරියා නීතිය තිබුන නම් මේක කවදාවත් ඔප්පු වෙන්නෙ නෑ. ඇයි ඇසින් දුටු පිරිමි සාක්කිකාරයො 4 දෙනෙක් එපැයි. (දී)
ඒ දඩුවම අපිත් අනුමත කරනවා
ලංකාවේ හම්බන්තොට ස්ත්‍රී දූෂකයන්ට හිරේ නොගිහින්ම ජනාදිපති සමාව ලැබුනාද?(නදී)
ගයාන්,මම රිෂාර්ඩ් පමණක් නෙවෙයි මමත් කියන්නේ ෂරියා නීතිය වගේම මේකෙත් තීන්දුව දීල තියෙන්නේ. (නදී)
ගමගේ, හම්බන්තොට ස්ත්‍රී දුෂකයන් ගැන නම් මම දන්නේ නැහැ , නමුත් නත්තල් දවසේ තන්ගලේ ස්ත්‍රී දුෂණය සහ මිනීමැරුම් එකවිට කළ (20-30 බලාසිටිනවිට) පුද්ගලයකු කාගේ දෝ අනුග්‍රහය ලබමින් යහතින් වැජඹෙනවා. මේක තමයි ඉන්දියාවේ සහ අපේ රටේ වෙනස (නි)
දැන්මම උඩ පනින්න එපා. නිදහස ලැබෙන්නත් පුළුවන්. දඬුවමට තව දෙයක් එකතු කළ යුතුයි. එනම් අපරාධයට භාවිතා කළ ආයුධ විනාශ කළ යුතුයි. (නි)
අහිංසකයෝ හතරදෙනෙක්, අපරාදේ ඉන්දියාවේ උපන්නේ. අපේ රටේ උසාවියේ ඇපීල් කරා නම් නිදහස් වෙන්නත් පුලුවන්නේ.(නදී)
රිෂාර්ඩ්,කුරානයේ තියෙන්නේ විද්‍යාඥයන් ප්‍රතික්ෂේප කරන මහා මැවුම් වාදය මිසක් මහා පිපුරුම් වාදය නොවේ.ඔබ කුරානයවත් හරි හැටි අධ්‍යයනය කළ කෙනෙක් නොවේ.ඔබ දන්නා මහා පිපුරුම් වාදේ?පොඩි ළමයෙක්ගෙන්වත් අහලා මහා පිපුරුම්වාදේ ඉගෙනගන්න.අල්ලාහ්ගේ ශුද්ධ වූ වදන් ඇතුලත් කුරානයේ තියෙන දේවල් විකෘති කරන්න එපා.එය ඔබට නිරයේ දුක් විඳීමට හේතුවේ.දෙවියන් ඉදිරියේ ඔබ නොවටිනා දුහුවිල්ලක් පමණයි.දේවවදන් වෙනස් නොකරනු. (නි)
ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැනේ? ලංකාවේ මෙහෙම උනාම ප්‍රාදේශීය සභාපති කමට සුදුසුකම් ලබනවා?(නදී)
ඒ මිනිස්සු ඉල්ලපු ඒ දේ සමස්ත සමාජයටම බලපානවා (දී)
ලංකාවේ එක්තරා ප්‍රාදේශීය සභාවක සාමාජිකයෙක් , ස්ත්‍රී දුෂණ 100 කරලා සැමරීමට උත්සවයකුත් පවතුව , එම උත්සවයට දෙසපලකයන් ඇතුළු රජයේ වගකිවයුතු නිලධාරීන් කිහිපදෙනෙක් සහබාගි උන , (දී)
මෙහේ නම් ස්ත්‍රී දුෂණයක් කරොත් පාර්ලිමේන්තු යන්න ලේසියෙන්ම පුළුවන්. (ස)
ලෝකෙන්ම දුෂණය නැති වේවා
ඇයි එහෙනම් මෙහාට බැරි? (නි)
අපේ රට අවතක්සේරු කරන්න එපා (නි)
අපේ රටේ නම් මේ යට ප්‍රාදේශීය සබාවක මන්ත්‍රීධූරයක් දෙයි. මහා මැතිවරණයට නොමිනේෂන් දෙන්නත් පුළුවන් (නි)
අපේ රටේ නම් මෙයට ඇප දේවි. ඇප පිට ඉන්න ගමන් ප්‍රාදේශීය සභාවට නොමිනේෂන් ලැබේවි. ප්‍රාදේශීය සබාවෙන් පාර්ලිමේන්තුවට ගියහම වැරදිලාවත් නඩුව පැරදුනොත් අධිකරණයට වඩා පාර්ලිමේන්තුව උසස් කියලා විනිසුරුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒවි (නි)
ඉන්දියාව කල ඒ වැඩේ නියමයි අපි මොනවා කියුවත් එසේ කිරීමෙන් වරදට දඩුවම දීමෙන් වරදට පෙලබෙන අය කෙනෙක් හරි අඩු වෙනවා (දී)
ඉන්දියානු ෂරිය නීතිය.පේනවනේ අන්තීම දීපු තීන්දුවට තියෙන ප්‍රතිචාරය.හැබයි මේ ගොල්ලන් තව පැත්තක් අමතක කරලා (දී)
අපේ රටේ මෙහෙම තීන්දු දෙන්න බැරි රටේ ලොකුම තැනින් අපරාද කාරයන්ව ආරක්ෂා කරන නිසයි (දී)
ලංකාවෙනම් ලක්ෂ කීයක් එල්ලන්නද. (දී)
බල්ලන්න ඉන්දියාව ඉතා කෙටි කලකින් මේ නඩුව තීන්දුව දුන්න .ලංකාව නම් අව්රුදු ගානක් අදිනවා .හේතුව දේශපාලන ඇගිලි ගැසීම් .(දී)
අපේ නම් මේ හතරදෙනාට සමාව දෙයි (නි)
ඉන්දියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.ලංකාවේ වුණා නම් බලන්න තිබුනා වැරදිකරුවෝ දේශපාලන බලපෑම් වලින් නිදහස් කර මල් මාලා දමා ජය ඝෝෂා මැද පිළිගන්න අපුරුව. (නි)
අර සමාව තමා අපට තිබෙන එකම හෙණය. (නි)
අචිනි, අපේ රටේ මෙහෙම තීන්දු දෙන්න බැරි රටේ ලොකු තැනින් අපරාද කාරයන්ව ආරක්ෂා කරන නිසයි.(නදී)
ඉන්දියා නීතියට සහ අදිකරණයට හිස නමාආචාර කරමි...... (දී)
අපේ නායකයන්ටත් මෙය ආදර්ශයට අරගෙන මරණ දඬුවම ගෙනෙන්න ශක්තිය ලැබේව (අ)
ඉන්දියාවේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ...// මෙහෙ දූෂණය කලාම හම්බ වෙන්නේ ජනාදිපති සමාවනේ. (දී)
මේ අදහස් දාන අය ලෝකය ගැන ගැන දන්නේ නැහැ වගේ. අපරාධයක් කළ පමණින් මිනිස්සු එල්ලා මරන්න බැහැ. ශ්‍රීලංකාව විවිද ජාත්‍යන්තර ප්රඥප්ති වලට අත්සන් කරපු රටක්. ඔය ඔක්කෝටම මුල මත්ද්‍රව්‍ය, නුගත්කම, කාමුක ෆිල්ම්. ලෝකේ පුරාම ඕවා තියෙනවා. නැති රටක් නැහැ. .මොකද ලෝකය යන්නේ වැරදි දිශාවකට නිසා.(නදී)
නියමයි ලංකාවට කවදද මේ තීන්දුව වලංගු වෙන්නේ.(නදී)
මේ හැමෝම ඉන්දියාව ගැන අහෝද කියන්නේ , මෙයාල කවලම්ද කොහිද (අ)
ඒවගේ මෙහෙත් කරනවානම් නිකම්ම අපරද අඩුවෙනවා නිතිය කියාත්මක කරන්න (අ)
ලංකාවේ ඔය ස්ත්‍රී දූෂණය සිද්ධ වුනා නම් අද මේ හතර දෙනාම දේශපාලකයෝ කියන තනතුරුවලින් පිදුම් ලැබූ අය.(නදී)
මෙහෙත් දඩුවම නියම වෙනවා. ක්‍රියාත්මක කිරීමට බාලගිරි අත්සන් කරන්නේ නැහැ.(නදී)
ඉන්දීය නීතිය ගරු ගාම්භීරයි.(නදී)
එහෙම ඉක්මනට තීන්දු දුන්නම ලංකාවෙ පෙරකදෝරුවො ජීවත්වෙන්නෙ කොහොමද?(නදී)
ලංකාවේ දූෂණය කරලා ලොකු පොඩි ගැහැණු ළමයි. කිරි සප්පයෝ කීදෙනෙක් මරා දැම්මද මේ ටික කාලෙට. කෝ මොනවද උන්ට විරුද්ධව කලේ? ඉන්දියාවේ නීතියක් තියෙනවා. අපේ රටේ නැහැ. (නදී)
මේ නිව්ස් එක දැකල පුදුම සතුටක් ඇති උනා.(නදී)