මොළයේ වර්ධනයවී තිබූ සෛල ගොනුවක් ඉවත් ඉවත් කර ගැනීම සදහා වූ ශල්‍යකර්මයකට මුහුණදුන් බ්‍රසීල ජාතිකයෙකු එම සැත්කම අවසන් වන තුරු ගිටාරය වයමින් ගීතද ගැයීය.
බ්‍රසීලයේ නෝසා සේනහෝරා ඩේ කොන්සෙයිකාවෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම පුද්ගලයාගේ රෝගී තත්ත්වය අනුව හිස්කබල කපා මොළයේ වැඩී තිබූණු සෛල ගොනුව ඉවත් කළ යුතුයැයි වෛද්‍ය නිර්දේශ කර තිබිණි.
සැත්කම සිදුවන අවස්ථාවේ රෝගියා සිටියේ හොද සිහියෙන්ය.ඔහු ගිටාරය වැයුවේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනුවය.
රෝගියා ගිටාරය වයමින් සිටි නිසා ඔහුගේ මොළයේ ක්‍රියාකාරීත්වය හොදින් අධ්‍යයනය කිරීමටත්, ඒ උපකාරයෙන් මොළයට හානියක් නොකර වැඩී තිබුණු සෛල ගොනුව ඉවත් කිරීමටත් හැකියාව ලැබුණු බව වෛද්‍යවරු පවසති.
සැත්කමෙන් පසුව අදහස් දැක්වූ එම පුද්ගලයා කියා සිටියේ දකුණු අතේ සුලූ අප්‍රාණික භාවයක් තිබුණද ගිටාරය වැයීමට එය බාධාවක් නොවූ බවයි.වෛද්‍යවරු සැත්කම සිදුකළේ ඔහුගේ මොළයේ දකුණු කොටසේ බවද කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකය පුදුම තැනක් නේද ? (බ)
මොලයේ කරන සෑම ශල්‍ය කර්මයකදිම ..ඒ රෝගියා හොද සිහියෙන් තබා ගැනීම අනිවාර්ය වීම වෛද්‍යවරුන්ගේ මතයයි..? (ම)
ඕක මොකද්ද කොටි 2ක් ම හාමතේ ඉන්නකොට 225 ගිටාර් ගහන්නේ... (ර)
මේක පුදුම ලෝකයක්... (ර)
කල්ප, ඒ 225 සම්බන්ධව මොළ ටික පිහිටා තිබෙන තැන නම් ගිටාර් ගහලාවත් සොයාගන්න වෙන්නේ නැහැ. (නි)
සංගීතයට මේ ලොව කරන්නට බැරි දෙයක් නැතිතරම් නේද? (නි)