ගෙවුණු මාස 20 කට ආසන්න කාලය සැළකීමේදී බි්රතාන්යය,ඇමරිකාව,ප්‍රංශය වැනි රටවල් එක්ව දියත් කළ මෙහෙයුම් වලින් අයිඑස් ත්‍රස්තයින් 25000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එල්ල වන ප්‍රහාර හමුවේ අයිඑස් ත්‍රස්තයින් ඔවුන් අත්පත් කරගෙන සිටි බිම් අතහැර පසුබසිමින් සිටින බවත් මේ වන විට අයිඑස් පාලනය යටතේ පැවති උතුරුදිග ඉරාකයේ බිම් වලින් සියයට 40 ක් පමණම අයිඑස් ත්රස්තයින්ගෙන් නිදහස්ව ඇති බවත් එම වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.
අයිඑස් බලකොටුව ලෙස සැළකෙන සිරියාවේ රකා නුවරට සැළසුම් සහගත ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමකින් බි්රතාන්යය ඇතුළු රටවල් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබේ.
සාමාජිකයින් දහස් ගණනින් මරුමුවට පත්වීමට අමතරව අයිඑස් සංවිධානයට මුහුණදීමට සිදුව තිබෙන තවත් ප්‍රධාන ගැටලූවක් ලෙස සඳහන් වන්නේ එම සංවිධානය ආදායම් උපයාගැනීමට යොදාගන්නා තෙල් බිම් වලට නිරන්තරයෙන්ම එල්ල වන ගුවන් ප්රහාරයන්ය.ආදායම කොතෙක් දුරට පහළ ගොස් තිබේද යත් අයිඑස් සාමාජිකයින් වෙත ගෙවනු ලබන වැටුප් පවා හරි අඩකින් පමණ කප්පාදු කිරීමට සංවිධානයේ නායකයින්ට සිදුව තිබෙන බව සැළය.
සිරියාවේ සිවිල් යුද්ධයත් සමග හිස එසවූ අයිඑස් ත්රස්තයෝ 2014 වන විට නැගෙනහිර සිරියාවේ සැළකිය යුතු බිම් පෙදෙසක් තම අණසක යටතට ගත්හ.පසුව ඔවුහු ඉරාකය දක්වාම ව්‍යාප්ත වූහ.නව තාක්ෂණය උපරිම අයුරින් භාවිතයට ගත් ඔවුහු නව සාමාජිකයින් බඳවා ගැනීමට බෙහෙවින් යොදාගත්තේ සාමාජ ජාල වෙබ් අඩවිය.
නමුත් තුර්කිය වැනි අසල්වැසි රටවල් දැන් අනුගමනය කරමින් සිටින දැඩි දේශසීමා නීති නිසා සංවිධානයට නව සාමාජිකයින් බදවා ගැනීමද දුෂ්කර වී තිබේ.
වැඩිදුර තොරතුරු හෙළි කළ නොහැකි වුවත් අයිඑස් ත්‍රස්තයින් දණ ගැස්වීමේ සමත් ප්‍රබල ප්‍රහාරයක් ළගදීම එල්ල කිරීමට සැළසුම් කර තිබෙන බව බැග්ඩෑඩයේ සිට අයිඑස් මර්දන මෙහෙයුම් මෙහෙයවන ඇමරිකා හමුදා ප්‍රධානියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය කරපු හරියෙන් තමයි මේතරම් ඔය ත්රස්තයෝ බාල් නැටුවේ. රුසියානු ප්‍රහාරය අතිශය සාර්ථක වෙච්ච නිසයි මෙහෙම හරි සිරියාව බේරිලා තියෙන්නේ. නමුත් ඒකෙ ලකුණු ටිකත් ඇමෙරිකාව ප්රමුඛ රටවල් වලට බැර කරගන්නයි දැන් ඔය හදන්නේ. (නි)
අනේ කවුරුහරි මොනවාහරි ලියන්නකෝ. මැරිලා ඉන්නේ අයිඑස් ත්‍රස්තයෝනේ
එයාලව හැදුවේ අැමරිකාව ප්රමුඛ බටහිර රටවල්. මැදපෙරදිග විනාශ කරලා සම්පත් සූරාකන්න කරපු වැඩ. ලංකාවේ අයටත් ඕවා හොඳ පාඩම් (නි)
ත්‍රස්තයින් මර්දනය කළ යුතුම දෙයක්. නමුත් මියගිය 25000 න් සියයට 90 ක්ම සාමාන්‍ය ජනතාව.(ම)
මැරිලා තියන 25000 පිටසක්වලයෝද? පොලවේ ඉන්නේ අපි වගේ මිනිස්සු නෙමෙයිද? (කෞ)
මේවායින්වත් පාඩම් ඉගෙනගෙන දැන්වත් බඩු මිල අඩුකරලා ජනතා අසහනය නැති කිරීමට කටයුතු කරනවා නම් හොඳයි. (නි)
දීන්, ඔව් ඔව් ඔයාලා වගේ අයනේ කියන්නෙ අර ප්රභාකරන් සහ එයාගෙ ගෝලයොත් සාමාන්‍ය ජනතාව කියලා (නි)
කවුරු වුණත් මේ මැරෙන්නේත් මිනිස්සුනේ (නි)
රජින්ද දන්නා දෙයක් කතාකරන්න.. රුසියාව පහර දුන්නේ සිරියානු ඒකාධිපතියාට විරුද්ධවුණු සියලු කණ්ඩායම්වලට.. අයි.එස් දුර්වල කලේ 90% ම බටහිර ප්‍රහාර වලින් (අ)
කස්තුරි අයි.එස් ත්‍රස්තයින්ට අවි හා ආධාර දෙන්නේ සවුදි, කුවේට්, කටාර්, තුර්කිය වගේ රටවල ඉන්න ඉස්ලාම් අන්තවාදී ෂෙයික් වරුන්.. අයි.එස් ලාගේ ප්‍රධාන සතුරාත් බටහිර.. බටහිර රටවලට මැදපෙරදිග සම්පත් සුරා කන්න දෙයක් නෑ, මැදපෙරදිග තෙල් සම්පත ගොඩ ගන්නෙම බටහිර තාක්ෂණයෙන්.. ඔබ ලෝකය ගැන මීට වඩා හදාරන්න (අ)
ලංකාවේ යුද්ධය නතරකළේ රණවිරුවෝ. ඒ වුණාට කියවන්නේ මහින්ද සටන් කළා වගේ (නි)
ත්රස්තවාදයට තිත තබමු (නි)
එතකොට රුසියාව මොකුත්ම කළේ නැද්ද? (නි)
මේ ත්‍රස්තවාදය මුළු ලොවටම පිළිලයක් (නි)