මලයාසියාවේ ක්වාලලම්පූර් ගුවන්තොටුපොළේ සිට ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත යාමට ගුවන්ගත වූ මලයාසියා ගුවන් යානයක ඇති වූ දෝශයක් හේතුවෙන් යළි හරවාගෙන ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යානයේ ස්වයංක්‍රීය මෙහෙයුම් පද්ධතියේ ඇතිවූ දෝශයක් හේතුවෙන් මෙලෙස හරවාගෙන පැමිණ ඇත්තේ එම්.එච්.198 අංක දරණ යානයයි. යානය යළි ගොඩබැස්සවීමට පෙර ඉන්ධනය දහනය කිරීම සඳහා පැය හතරක පමණ කාලයක් ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළට ඉහළ අහසේ පියාසර කරවා යළි බස්සවන ලදැයි වාර්තා වෙයි.
සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යානාවල කාලය ඉකුත් වෙලාද කොහෙද මටනම් පෙන්නේ.(අ)
මෙහෙම ගියොත් ඒ ගුවන් සමාගමත් මිහින් ලංකා ගණයටම වැටේවි (දිල්)
පසුගිය කාලයේ සිදු වුන සිදුවීම් නිසා, ගුවන් සේවයේ ජනප්‍රිය තාවය ඉතාම පහල මට්ටමක තියෙන්නේ. නමුත් සමහරු තාමත් මේ ගුවන් සේවයේ ගමන් කරනවා. එයට හේතුව තමයි, අනිකුත් ගුවන් සේවයන් සමග සැසදීමේදී ගුවන් ගාස්තුව ඩොලර් 200 කින් පමණ අඩු වීම. (නදී)
අම්මෝ! මම නම් ඕවායේ යන්නෙ නැහැ (නි)
දැන් නම් නිවාඩුවට ලංකාවට එන උදවිය මේ ගුවන් සේවය තෝරා ගන්නේ දෙපාරක් හිතලා. යානයට නැග්ගොත් මොකක් හරි අලකලංචියක්. (නදී)
මොනා කරන්ඩද අතේ තියෙන ගානේ විදියට අඩුම එක තමයි ඕක (නදී)