තුන් දිනකට ඉහත දී මලයාසියා මුහුදු සීමාවේදී මගීන් 227 ක් හා කාර්ය මණ්ඩලය 12 ක් සමග අභිරහස් ලෙස අතුරුදන් වූ මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච්.370 අංක දරන බෝයිං 777 ගුවන් යානය ගැන මේ දක්වා කිසිදු තොරතුරක් සොයාගැනීමට තමන් අපොහොසත්ව ඇති බව මලයාසියා බලධරයෝ කියති.
මලයාසියා මුහුදු සීමාවේ වූ තෙල් කාන්දු වීම් ලකුණු 2 ක් ගුවන් යානය මුහුදට කඩා වැටෙන්නට ඇතැයි මතයක් ගෙන ඒමට සමත්වූවත් එම තෙල් සළකුණු සොයාගිය පර්යේෂණ කණ්ඩායමක් ඒවා රසායනාගාර පර්යේෂණයට භාජනය කර සොයාගෙන තිබෙන්නේ ඒවා ගුවන් යානයකට යොදන තෙල් වර්ගයක් නොවන බවයි.
තවත් මතයක් වන්නේ ගුවන් යානයට මගීන් ලෙස නැඟුණු ත්රස්තවාදීන් හෝ කඩාකප්පල්කාරීන් එය මුහුදට ඉහළින් පියාසර කරමින් තිබියදී පුපුරුවා හරින්නට ඇති බවයි.ගුවන් යානයේ මගීන් දෙදෙනෙකු ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් තම අසාදු ලේඛනයට ඇතුලත් කර තිබූ ගමන් බලපත්‍ර 2 ක් යොදාගෙන දෙදෙනකු ගුවන් යානයේ ගමන් කර ඇතැයි තොරතුරු අනාවරණයව තිබීම මෙම මතය ශක්තිමත් කිරීමට ප්‍රධාන හේතුව වී තිබේ.
මෙම සිදුවීම 2009 වසරේදී සිදුවූ මෙවැනිම සිදුවීමකට සමාන කිරීමට ඇතැම්හු උත්සාහ කරමින් සිටිති.එදවස ප්‍රංශ ගුවන් සේවයට අයත් අංක 447 දරන ගුවන් යානය බ්‍රසීලයේ රියොද ජැනයිරෝ නුවර සිට ප්‍රංශයේ පැරිස් නුවර කරා පියාසර කරමින් තිබියදී එහි සිටි මගීන් ඇතුලු කාර්යමණ්ඩලයේ 228 දෙනාම සමග අතුරුදන් වුනි.කොතෙකුත් සෙවීම් මෙහෙයුම් දියත් කළත් ගුවන් යානයට කුමක් සිදුවූවේදැයි සොයාගැනීමට ප්‍රංශ බළධාරීන්ට වසර 2 ක්ම ගතවිය.මුහුදෙන් ගොඩගැනීමට සමත්වූ ගුවන් යානයේ කලූ පෙට්ටිය ආධාරයෙන් සොයාගැනීමට හැකිවූයේ තාක්ෂණික දෝශයක් හා ගුවන් නියමුවාගේ අත්වැරදීමක් නිසා යානය කඩා වැටී ඇති බවයි.එහි සිටි 228 දෙනාම මියගොස් ඇතැයි අවසානයේ ප්‍රකාශයට පත් කෙරුණි.
නිගමනයන්ට එළැඹිමට ඉක්මන් කමක් තමන්ට නැතැයි කියන මැලේසියා බළධාරීන් දැන් තමන්ගේ පූර්ණ අවධානය යොමුව ඇත්තේ ගුවන් යානයේ සිටි මගීන්ගේ නෑහිතවතුන් දෙමව්පියන් හිතමිතුරන් ගේ හිතසුව සැළසීම කෙරෙහි බව පවසයි.ඔවුන් මලයාසියාවේ නැවතී සිටින කාලය පුරාවටම ඔවුන්ගේ වියහියදම් පිළිඹද වගකීම මලයාසියා ගුවන් සේවය භාරගෙන ඇත.
ගුවන් යානයේ වූ මගීන්ගෙන් බහුතරය චීන ජාතිකයෝය.
ඇමරිකාව,චීනය,වියට්නාමය,තායිවානය,මලයාසියාව ,සිංගප්පූරුව, ඕස්ටේ්රලියාව,ඉන්දුනීසියාව යන රටවලට අයත් යාත්‍රා සමූහයක් යානය සොයා මලයාසියා මුහුදු සීමාව පීරමින් සිටී.
යහපත් හෝ අයහපත් පුවතක් ඉක්මනින්ම අසන්නට සියලූදෙනා සිටින්නේ නොඉවසිල්ලෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපතට පත් වූවන් ගැන අපේ බලවත් කණගාටුව(දිල්)
මීට දසක තුනකට පමණ පෙර උපාලි විජේවර්දන ඇතුළු පිරිස ගමන්ගත් ගුවන් යානය කධා වැටුණත් මේ ප්රදශයේම තමයි (අ) .
මේ මිනිස්සුන්ට කිසීම කරදරයක් නොමවෙවායි ප්‍රර්ථන කරමි(අ)
මේ කළු පෙට්ටිය කියන්නේ හැම අහස යනයකම තියෙනවා එම යානය ගුවන් තොටුපලින් උඩට නැග්ග වෙලේ ඉදල යානයේ වෙන හැම දෙයක්ම සටහන් වෙනවා .ඉතින් මේ පෙට්ටිය කොහේ වැටුනත් එයට හානියක් වෙන්නේ නැහැ .ගින්නට පිච්චෙන්නේ නැහැ ,එය හමු උනොත් යානයට මොකද උනේ කියල හොයන්න පුළුවන් (අ)
අනේ දෙයියනේ කොහේ හරි ඉදල මේ මිනිස්සු යහතින් මුණ ගැහෙවා (දී)
හරිම වේදනාකාරී සිදුවීමක්,(දී)
පැහැර ගැනීමක් වගේ. ජංගම දුරකථන නාද වෙනවා නම් ජි.පි.එස් වලින් හොයන්න පුළුවන්නේ තාක්ෂණයේ දියුණුවෙන්. එක්කෝ ගුවනේදී පුපුරුව හරින්න ඇති නැත්නම් පැහැර ගැනීමක්. ජිවිත ගොඩක් අනතුරේ. යහපතක් වේවා!!!!!! (දී)
යානය තරංග වලින් මිදී පැය 4ක් ධාවනය කරලා. පැහර ගැනීමක් විය හැකි.(දී)
සෝක ජනක සිදු වීමක් (දී)
මහත් අවසනාවන්ත සිදුවීමක්. ගුවන් යානයේ ගමන් කල සියලුම මගින්ගේ සියලුම පවුල්වල අයට ශ්‍රී ලාංකික ජනතාවගේ සෝකය.(නදී)
මම නම් කියන්නේ මෙච්චර දියුණු තාක්ෂණයන් තියෙන මේ ලෝකයේ ඔක හොයා ගන්න බැරි එකනෙ අමාරු. ඒකට අපි ලැජ්ජ වෙන්න ඒන.තව ටික දවසකින් ඕකත් පිල්ම් එකක් හදන්න ගනියි. (ත)
විපතට පත් අයගේ පව්ල්වල අයට අපගේ බලවත් කණගාටුව (දී)
යහපත් පුවතක් ඉක්මනින්ම බේවා (දිල්)
යහපත් පුවතක් ඉක්මනින්ම ලැබේවා (දිල්)
මේ පිළිබඳව ගොඩක් කනගාටුයි (දිල්)
මේ අය ඉක්මනින් නිරුපද්‍රිතව හමු වේවායි අප සියලු දෙනා ඉත සිතින්ම ප්‍රාර්ථනා කරමු... (දී)
කාටවත් කරදරයක් නැතිව යානය හමු වුනා නම් (දිල්)
මේක ක්රිමියාවට එල්ල කරන්නට යන ප්‍රහාරයකට පෙර රුසියාවට ඔවුන්ගේ හිතවත් රටවලින් ලැබෙන ආධාර අධීක්ෂණය කිරීමට ආසියානු කලාපය තුල යුධ නැව් සහ අධීක්ෂණ යානා ස්ථාපිත කිරීමට හිතාමතා කල ප්‍රයෝගයක් වීමට බැරිද? (නදී)
ලෝකේ තියන සාම කාමිම රටක් තමා චිනේ. අල්කයිඩා කාරයෝ ඊයේ පෙරේද මහා දවාලේ නගරෙකට කඩා වැදිලා හිතු හිතු අතේ කඩු වලින් කොටලා තිස් ගානක් මැරුව. මේ චීන ජාතිකයෝ වැඩිපුරම ගිය ගුවන් යානේටත් ගහනවයි කියල දැන් කියනවා. අම්මප මුන්ට මොනවද ඕන. (දී)
මමත් හැමදමත් පතන්නේ නිරුපද්ද්‍රිතව හමුවේවා කියා. බුදු සරණයි! (ස)
සතුටු දායක පණිවිඩයක් දැනගන්න ලැබේවා. ඔවුන්ට අනතුරක් නොවේවා ! (ස)
ඉතාම කණගාටුදායක පුවතක් (ස)
මේක ගුවනෙදි පිපිරුවා නම් කෑලි මුහුදේ පාවෙනවනෙ. මේක පිපිරුමක් වෙන්න බෑ. මේක නියමුවා හිතා මතා කරපු අනතුරක්.(නදී)
සියලු දෙනාට කරදරයක් නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. ඔවුන් සියලු දෙනා දෙවියෝ රකිත්වා.(නදී)
අනේ කිසිම කරදරයක් නම් වෙන්න එපා (දී)
මොකක්ද මේ කළු පෙට්ටිය කියන්නේ..(දී)
මේ සිදුවීම ලෝකේ මහා ආන්දෝලනයකට තුඩු දීල.හේතුව හොරකන් කරපු ඉතාලි සහ ඔස්ට්‍රේලියා ගමන් බලපත්‍ර දෙකකින් මැදපෙරදිග රටවල ත්‍රස්ත වාදියෝ දෙන්නෙක් නැගල මේ අහස යාත්‍රාව ගුවනේදීම විනාස කරයි කියල. (දී)
ඒ අසරණ මිනිස්සු ගැන අපිත් කනගාටු වෙනවා (දී)
මේක දැන් එලිවෙගෙන යන විදියට තවත් දෙයියන්ගේ නාමෙන් මරපු මිනි මැරුම් දෙසිය තිස් ගානක් කියල තමා ලෝකේ ප්රව්ර්ති වල කියන්නේ... (දී)
ත්රස්තවාදයේ මුහුණුවර සෑම තත්පරයකදීම වෙනස් වෙන හැටි. කවුද හිතුවේ චීනෙට අල්කයිඩා ප්‍රශ්න වැටෙයි කියල. මාස කිහිපයකට උඩදී බීජිං වල බෝම්බයක් පිපිරුව. ඊයේ පෙරේද කඩුවලින් කොටලා තිස් ගානක් මාරුව. දැන් මේ අහස්යාත්‍රාවට ගහල. (දී)
මේවගේ අපරාධ ලොව කොහෙවත් සිදු නොවේවා (දී)
වසර දෙකකට උඩදී හොරකන් කරපු ගමන් බලපත්‍ර දෙකක විසා අවලංගු වෙලා තියෙන්නේ සැහෙන කාලෙකට උඩදී. මැලේසියන් ගුවන් තොටුපල බලදාරියෝ කොච්චර දක්ෂද කියනවා නම් එක දැකල නැහැ. නැතිනම් යටින් සපෝර්ට් කරන්ට ඇති.අර ජාතියේ රටවලනේ.... (දී)
අනේ දෙයියනේ මෙහෙමත් අපරාධයක් (දී)
හරිම දුකයි
අපරාදේ ජීව්ත. සොයා ගන්න ඕනේ උනේ මොකක්ද කියලා ඉක්මනට. නැත් නම් ලොකු පාඩුවක් ලෝකෙට.(නදී)
යානය කෙසේවත් පිපිරීමකට ලක්වී නැතිබව විශ්වාසය. ඒ එසේ පිපිරීමක් සිදුවුනිනම් පාවෙන සුන්බුන් විශාල වශයෙන් මුහුද මතුපිට දැකගත හැකිවනු නිසාය. එහෙත් යානය ක්ෂණයකින් කිසිදු පිපිරීමක් නොවී එක්වරම කඩා වැටෙන්නට බොහෝ හැකියාවක් පවතී. එසේ වූවානම් මුහුද මතුපිට ඉතිරිවන සාධක අල්පය. කෙසේ උවත් අපේක්ෂා දල්වා බලා හිදිමු.(නදී)