සිරියාවේ කඳවුරුවල අවතැන්ව සිටින එරට වැසියන් 20,000ට සිය රටට ඇතුළුවීමට වීසා ලබාදෙන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කරයි.
ඔවුන්ට මානවවාදී ආරක්ෂක වීසා අවසර පත්‍රයක් යටතේ වසර පහක කාලයක් බ්‍රිතාන්‍යයේ රැඳීසිටීමට අවසර ලබාදෙන බව ද අගමැතිවරයා පවසයි. මේ 20,000ක පිරිස තෝරාගැනීමේ දී එක්සත් ජාතීන්ගේ කොන්දේසි පිළිපදින බවත් දරුවන්ට ප්‍රමුඛත්වය ලබාදෙන බවත් බ්‍රිතාන්‍ය රජය පවසයි.
සිරියාවෙන් පලාවිත් දැනට යුරෝපයේ රටවල සිටින සරණාගතයන්ට මේ සඳහා අවස්ථාව නොලැබෙන බවත් සිරියාවේ තැන තැන පිහිටි කඳවුරුවල අවතැන්ව සිටින පිරිසට පමණක් මේ අවස්ථාව ලැබෙන බවත් දැනගන්නට ඇත. මිනිසුන් වෙනුවෙන් සේවය කිරීමට ගොඩනගා ඇති අරමුදල් යොදාගෙන මේ පිරිසට සෙත සැළසීමට ද බ්‍රිතාන්‍ය රජය අපේක්ෂා කරයි.
මෙවන් අවස්ථාවක් ලබා දීමට තම රජය කඩිනමින් තීරණය කළේ පසුගිය දා මුහුදු වෙරළට ගොඩගසා තිබූ කුඩා දරුවාගේ මළ සිරුරේ හද සසළ කළ දර්ශන හේතුවෙන් බව ද අගමැතිවරයා පවසයි.
බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය මේ තීරණය විවේචනය කරමින් කියා ඇත්තේ බ්‍රිතාන්‍යයට සරණාගතයන් 20,000ට වඩා වැඩි ප්‍රමාණයක් ගැනීමට හැකියාව ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගැන ගැඹුරින් සිතීම අවශ්‍යයි (නි)
නුවන් නිව්යෝක් ...අනේ පව් ...ලෝකයම කනවා (බ)
නුවන් නිව්යෝර්ක්, අහලා බලන්න සැබෑ ඉංග්‍රීසි ජාතිකයෙකුගෙන් හරි ඇමරිකන් ජාතිකයෙකුගෙන් ඔය අයට යුධ ආධාර සපයන්නේ කවුද කියලා (නි)
මට ලෝක ඉතිහාසය උගන්වන්න එන්න එපා සිල්වි.ලෝක දේශපාලනය මම විශ්ව විද්‍යාලයේත් ඉගෙනගෙන තිබෙනවා. ඇමරිකානු රජය මැදපෙරදිග ආණ්ඩු වලට ආධාර කරමින් ඒවා පවත්වාගෙන යන්නේ ඒ ආණ්ඩු පෙරලුනොත් මුලු මැදපෙරදිගම එකම ගිනි ජාලාවක් වෙන නිසා හා ඉන්පසු මුලු ලෝකයේම තෙල් සැපයුම අඩාලවෙන නිසා. එතරම් තෙල් සම්පතක් ඇති රටක් ත්‍රස්තයින් අතට ගියොත් වෙන දේ අමුතුවෙන් කිවයුතු නැහැනේ. ඒ නිසා සෞදි, කුවේට්, කටාර්, බහරේන්, එමිරේට්ස්, ජෝර්දාන් වගේ රටවල රජයන් ස්ථාවරව පවත්වාගන්න ඇමරිකාව උදව් කරනවා. (නි)
අහක යන නයි ගේ අස්සේ දාගත්තා වගේ නෙමෙයි කන්න ගත්තාම. ඔය විසි දාහෙන් හැමෝම ඕනේ නෑ සියයට දහයක් අන්තවාදියෝ හිටියොත් හොඳටම ඇති ප්‍රශ්න ඇති කරන්න. (අ)
සුමිත් එහෙම කියන්න එපා එල් ටි ටි ඊ එකේ කට්ටිය ගොඩක් ඉන්නේ ඔය රටවල තමා. මෙයාල වවපුව තම දැන් කන්න වෙලා තියෙන්නේ (අ)
නුවන් කියන දේ ඇත්ත. මැද පෙරදිග ධනවාදීන් තමා මේ රටවලත් ව්‍යාප්තවාදය පතුරුවන්න ආධාර කරන්නේ. ඉතා බරපතල තර්ජනයකටයි යුරෝපා රටවලුත් දැන් පත්වෙලා තියෙන්නේ. අපේ රටටත් අති විශාල තර්ජනයක් තියෙනවා. (අ)
විජයබාහු දන්න දෙයක් කතාකරන්න... ඔබ යුරෝපයේ ජීවත්වෙලා තිබෙනවාද? බ්‍රිතාන්‍යයේ බහුතර දමිලයින් කොටි සංවිධානයේ සාමාජිකයින් නෙමේ... ඔවුන් 1980 ගනන්වල ඉදලා රජයේ හමුදාවලින් හා කොටින්ගෙන් යන දෙපාර්ශවයෙන්ම බේරෙන්න බැරිව යුරෝපයට පැනගිය අහිංසක ද්‍රවිඩයින්... ශ්‍රීලාංකික දමිල ඩයස්පෝරාවෙන් ඔනෙ නම් 20% ඇති කොටි හිතවාදීන්... ඔවුන්ට බ්‍රිතාන්‍ය උදව්කරේ සුද්දන්ගේ තියෙන මනුස්සකමට.. තවත් ජාතියකට ගරහන්න තරම් පහත්වෙන්බ එපා (අ)
මේ දරුවා දැකලාවත් සටන්කාමීන්ගේ හිත් උණුවුණේ නැද්ද දන්නෙ නැහැ (නි)
සමහරු එන්නේ සරණාගතයෝ වගේ වුණාට පස්සේ බලන්න පුළුවන් කොහොමද කියලා (නි)
නුවන් නිව්යෝක්ද ඉන්නේ? නොමැති නම් කියුබාවේ ඇමරිකන් සිර කඳවුරේද? (නි)
නුවන් වගේ තමන් උගත්තුයි කියා හිතන 60% ක්ම සිටින්නෙත් ලංකාවේ. (නි)
සමහරු මෙතැන නොදන්නාකමට හෝ මෝඩකමට බටහිරට හා ඇමරිකාවට බනිනවා... මැදපෙරදි භීෂනය වපුරන්නේ සෞදිය, කුවේටය, කටාර්, තුර්කිය ආදී රටවල ධනවතුන්ගෙන් ආධාර ලබන ඉස්ලාම් අන්තවාදීන්.. ඔවුන්ගේ සාමාජිකයින් බහුතරයත් මැදපෙරදිග මිනිස්සු... නැතිනම් යුරෝපයේ ඉදන් ආපු මුස්ලිම් වරු... ලෝකයේ ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව සටන් කරන්න වැඩිපුරම ජීවිත හා ධනය වියදම් කරන රට ඇමරිකාවයි...(බ)
ඒත් ඉතින් අපි යුධ අපරාධ කළාලු. ඒවා කියන්නෙත් ඔයගොල්ලොම තමයි (නි)
මේ ප්‍රශ්නයට විසදුමක් නැහැ, මොකද පළවෙනි ලෝක යුද්ධය දෙවැනි ලෝක යුද්ධය වගේ මේ යුද්ධය කවදාවත් ඉවර වෙන්නේ නැති නිසා. යුරෝපයට මේකේ බැරැන්කම තේරෙන කොට පරක්කු වැඩි. ඔස්ට්‍රේලියාවේ ඈත වෙලා ඉන්න පාඩමක් ඉගෙන ගත්තේ නිසා. (ම)
මේ ලඟදි සරණාගතයෝ විදියට ඕස්ට්‍රේලියාවට අපේ රටේ කෙනෙක් මට කියනවා ගොඩක් සරණාගතයෝ එයාගේ රටට එවිල්ලා රට විනාශ කරලලු මම ඇහුව ඔයත් එහෙ ගියේ සරණාගතයෙක් ලෙසට නේද කියල නෑලු එයාව එහෙ පවුලක් හදාගත්තාලු හැබැයි එය එහෙට යනකොටත් වයස අවුරුදු 32යි.(ම)
යුද්දය කාලයේ අපේ දරුවොත් අමානුෂික ආකාරයට මැරුව එතකොට ඔය කාගෙවත් මුකුත් වුණේ නැත. (අ
සරණාගතයෝ ටිකක් ගත්තට ප්රශ්නය අවසන් වෙන්නේ නැහැ.එනිසා එක්සත් ජාතීන්ගේ සාම හමුදාව යවා සරණාගතයන් සදහා රටතුල කොටසක් වෙන්කර ගත හැකියි.ඉන්පසු සහනාදාර සපයන්න මුළු ලෝකයටම ඉදිරිපත් වෙන්න පුළුවන්. (අ)
හදවත උණුවෙන එක මනුස්සකම. හැබැයි දුරදිග බලලා කටයුතු කළයුතුයි. විශේෂයෙන් මේ අයගේ වගකීම ලෝකයේ ධනවත් මුස්ලිම් රටවල් බාරගන්නේ නැත්තේ ඇයි..? (නි)
මේ සරණාගතයෝ ළඟ ඉන්න ධනවත් අරාබි රටවලට යන්නේ නැතිව බටහිර රටවලටම යන්නේ එයි? තව කුමන්ත්‍රණයක්ද?(ම)
මේ මොහොතේ ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවල පළවෙන පුවත ඒ දරුවාගේ පියා පීපල් ස් මග්ලර් හෙවත් නීති විරෝධී සංක්රමනිකයන් ගෙන යන්නෙක් බව. දරුවා ගිය බෝට්ටුව පවා ඇත්තේ ඔහුයි, මිනිසුන්ගෙන් ඩොලර් 10000 ගණනේ අය කරලලු. ඒ අනතුරින් දරුවන් මියගිය කාන්තාවක් ඒ බව කියන්නේ. ඇයගේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සිටින නෑදෑයකු ඒ බව චැනල් 10 රුපවාහිනියට ප්‍රකාශ කරනවා.නිව්ස්.කොම්.ඒයු වෙබ් අඩවිය බලන්න. (බ)
අපි නොදන්නා දේවල් කොපමණ තිබෙනවාද..?දැන් හිතෙනවා මේ මනුස්සයාට අනුකම්පා කරපු එකත් අපරාදේ කියලා.(නදී)
ලංකාවේ බුරුතු පිටින් ළහයි මැරුනා. එක්කෙනෙක්වත් දුක් උනාද? (නදී)
මොකද මේ පාප් වහන්සේ නිහඬ වෙලා බැරිද මේ අසරණ අයට උදවු කරන්න නේද (බ)
මේ දරුවා මුළු ලෝකයටම වීරයෙක්. මේක දැකීමෙන්වත් සිරියාවේ සටන්කාමීන්ට යුද්ධය නතර කරන්නට සිත් පහළවේවා! (නි)
ත්රස්තවාදයට ශාප වේවා! (නි)
මේ දරුපටියාගේ තනි වී සිටින පියාටයි පළමු තැන දිය යුතු වෙන්නේ. ඔහුගේ දරුවයි මුළු ලොවම කැළඹුවේ....! (අ)
යුරෝපය මේ උගුලට අහුවෙන්න යන්නේ. මේගොල්ලෝ මොකද සල්ලිකාර ගල්ෆ් රටවල් වලට නොගිහින් යුරෝපෙට යන්නේ. මෙතන තියෙන්නේ ඔවුන්ගේ ව්‍යාප්තවාදය. යුරෝපය මුස්ලිම්කරණය කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ඔවුන්ගේ හිත හොඳ කමින් ප්‍රයෝජන අරන් ඒ රටවල් වල පදිංචි වෙන එක. (බ)
චමල්,තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.ඔය එන හැමෝම අන්තවාදියො නෙමෙයි. අයි.එස් ත්‍රස්තවාදයෙන් බේරෙන්න එන අය ඔතන බහුතරයක් ඉන්නවා. අනෙක ඔය එන අය අතර 'කොප්ටික්' ක්‍රිස්තියානි, කුර්දි, 'යසිඩි', ඇසිරියානු ආදී විවිධ ආගම්වල සිරියානුවො ඉන්නවා. යමක් කියන්න කලින් ඒ ගැන හොයා බලන්න (නි)
අහක යන නයි රෙද්ද පල්ලේ දාගෙන කෑ ගහන්න එපා (බ)
චමල් කියන්නේ සහතික ඇත්ත. මෙම සරණාගත ප්‍රශ්නයෙන් වෙන්නේ යුරෝපයම ආර්ථික ලෙස සහ සංස්කෘතික ලෙස කඩාවැටීමයි. මන්ද මෙම පිරිස් අතර සිටින ත්රස්තවාදීන් යුරෝපයම වනසද්දී ඇමෙරිකාව තම ආධිපත්‍ය රැකගැනීමයි (නි)
ඔස්ට්‍රේලියාව මොකද සද්දයක් නැත්තේ.....?සරණාගත වේෂයෙන් පැමිණ මෑතකදී ත්‍රස්තවාදියෙක්, අවන්හලක් තුළ කරපු වින්නැහිය පාඩමකට අරන් වාගෙයි. (බ)
කොටි ත්රස්තවාදීන් අපේ රටේ දරුවෝ මරණ කොට , පාසල් වලට බෝම්බ ගහන්න හදන කොට ඔය මානවයෝ කොහෙද හිටියේ ? ත්‍රස්තවාදීන්ව විනාශ කරපු අපිට දැන් එනවා මානව හිමිකම් උගන්වන්න .. අනේ ඔහෙලගෙ මානව දයාවක මායාව (බ)
මම දන්නා සිරියන් ජාතිකයින් ඉන්නවා. ඒ අය බොහොම හිත හොඳ අය (බ)
මියගිය කිරිසප්පයාගේ නාමයෙන් දැන් කී දෙනෙකුට පිළිසරණක් ලැබෙනවාද.......?මෙයින් පිළිසරණක් ලබාගත්තවුන්ට, මේ අසරණ පොඩිත්තා මිය ගියත් කර ඇත්තේ මිල කළ නොහැකි අමිල සේවයකි.(ම)
අමතක කරන්න එපා . ජිහාඩ් ජෝන්ලගේ දෙමාපියනුත් ඔහුත් බ්‍රිතාන්‍යට ආවේ සරණාගතොයෝ හැටියට. අද ජෝන් කොතනද? මුස්ලිම් බහුතරය අන්ත ආගම්වාදීන්. කිරි සප්පයට නිවන් සැප ලැබේවා. (බ)
චමල් කියන දේ ඇත්ත. (නි)
යුරෝපය අහක යන කුණුගොඩවල් වලට තමා හැම තිස්සෙම අත දාන්නේ. ඔය මිනිසුන්ට ළඟ තියන රටක ඉන්න කියලා පහසුකම් සැළසුවා නම් ඉවරනේ. (නි)
මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් අවශ්‍යයි නේද? (නි)
ඇමරිකාව, යුරෝපය වපුරපු භීෂණයේ විපාක ඔවුන්ටම ඉදිරියේදී ලැබෙනවා නියතයි. (නි)
ප්රශ්නයේ මුල කොතැනද එතනට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය කාරණාවකි. සිරියාව පමණක් නොවේ. ඇෆ්ගන්ස්ථානය,ඉරාකය, ලිබියාව, ආදී රටවල් ගණනාවක සරණාගතයෝ යුරෝපය තුළම විසිරී ඇත. ඇමෙරිකාව වගකිවයුතු නමුත් නිහඬව සටන්කාමීන්ට ආයුධ සපයති (නි)
මේ ඡායාරූපය මුළු ලොවම කළඹනසුළු එකක් (නි)
මේ දරුවා මියගිහින් වුණත් මට නම් පෙනෙන්නේ පණපිටින් ඉන්නවා වගෙයි (නි)
මිනිස්සු අවතැන්වන සාපලත් ත්‍රස්තවාදය අවසන් කිරීමට ලොවම එක්විය යුතුයි .අනුන්ගේ කුණු ගොඩවල් තමුන්ගේ රටවල් වලට දා ගැනීමට පෙර දෙවරක් සිතිය යුතුයි (අ)
ශ්‍රී ලංකාවේ ගොඩාක් මැරුණා ඒ වෙලාවේ කවුරුත් හිටියේ නැත. (අ)