අඩි 6 අගල් 8 ක් උසැති ලොව උසම තරුණිය වන බ්‍රසීල ජාතික එලිසිනා ද කෘෘස් සිල්වා ලොව උසම මනාලිය බවට පත්වීමට සැරසෙන්නීය.
ඇයගේ අත ගැනීමට සැරසෙන්නේ වසර 3 ක් තිස්සේ ඇය සමග පෙමින් බැදී සිටින ෆ්‍රැන්සිනාල්ඩෝ ද සිල්වා කාර්වල්හෝය.අඩි 5 අගල් 4 ක් පමණක් උස් වන ඔහු එලිසිනා හමුවේ ගලිවර් ඉදිරියේ ලිලිපුට්ටෙකුට සමාන වුවත් උස තමන්ගේ ආදරයට බාධාවක් කරගැනීමට දෙදෙනම සූදානම් නැත.
සිටගත්විට ෆ්‍රැන්සිනාල්ඩෝ යන්තම් උස් වන්නේ එලිසිනාගේ හිණ පමණටය.
‘අප වෙරළේ ඇවිදිමින් සිටියේ.එක්වරම ඔහු දණින් වැටී ඔහුගේ අත තිබුණු මුදුවක් දිගු කර මගේ අත පතා සිටියා.මට කියන්නේ මොනවද කියලා එක සැරේ හිතාගන්න බැරිවුනා.මොකද මම ඉස්සර ඔහුට කිය කිය හිටියේ මාව විවාහ කර ගන්න අහන්න එපා කියලා.මොකද කියලා දන්නවනේ.නමුත් මට කල් ගතවෙද්දී තේරිලයි තිබුණේ ෆ්‍රැන්සිනාල්ඩෝ තමයි මට ගැලපෙන කෙනා කියලා.ඉතින් මම කැමැත්ත දුන්නා‘ ඇය කියන්නීය.
එලිිසිනා විවාහ කර ගැනීම සම්බන්ධයෙන් ෆ්රැන්සිනාල්ඩෝට නම් කිසිම ගැටලූවක් තිබී නොමැත.
‘මට ඕනෙ වුනේ මටත් වඩා උස කෙල්ලෙක්ව.එලිසිනා ඉතින් හොදටම උසයි නේ.ඒ නැතත් අපි දෙන්නා හොදට ගැලපෙනවා.‘ ඔහු කියන්නේය.
එලිසිනාගේ මේ අසාමාන්‍ය උසට හේතුව ඇයගේ පිටියුටරි ග්‍රන්ථීයේ අධි කි‍්‍රයාකාරීත්වයක් බව වෛද්‍යවරු පවසති.මිනිස් සිරුරේ වර්ධනය සදහා වන හෝමෝන නිකුත් වන්නේ පිටයුටරි ග්රන්ථීයෙනි.
‘එලිසිනාට තවම 18 යි.ඇය පොඩි දරුවෙක්.ඉගෙන ගන්න දේවල් ගොඩක් තිඛෙනවා.ඇය හිතුවක්කාරයි එක වෙලාවකට.මේ නිසා දෙන්නා අතර හිත් අමනාපකම් එහෙමත් ඇති වනවා.නමුත් ෆ්‍රැන්සිනාල්ඩෝ ඒ සියල්ල ඉක්මනින් විසදා ගන්න දන්නවා.ඔහු තමයි මගේ දුවට හොදින්ම ගැලපෙන කෙනා‘ යැයි එලිසිනාගේ මව පවසන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් නියමම ආදරයක් (නි)
අයියෝ, සිල්වා එහෙනම් මට වඩා ඉස්සරහින් ඉදලා.එලිසිනා එතකොට මට මොකද වෙන්නෙ. (ස)
මුහුණ ලස්සන නම් උසත් ප්‍රශ්නයක්ද? (නි)
සිකුරු ලියා - බොළඳ ලියා (දික්තලා කාලගෝල ) නව අර්ථකථනය. (අ)
ආලය අන්ධයිලුනේ (නි)