බාල වයස්කාර ගණිකාවක ඇසුරු කිරීමේ චෝදනාවකට වරදකරුවූ ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බෙර්ලූස්කෝනිට එරට මිලාන් නුවර අධිකරණයකින් වසර හතක සිර දඬුවම් නියම කර ඇත.
එම සිර දඬුවමට අමතරව ඔහුට තවදුරටත් ඉතාලි රජයේ තනතුරු හෙබවීම ද අධිකරණය තහනම් කර තිබේ.
දැනට 76 වැනි වියේ පසුවන හිටපු ඉතාලි අගමැතිවරයා සිය පාලන කාලයේදී ලිංගික ජීවිතයට දැඩි ලෙස ලොල්වී සිටි අතර එම කාලයේදී බාල වයස්කාර ගණිකාවන් ඇසුරු කරමින් සාද පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිලාන් අධිකරණයේ පැවැති නඩු විභාගයකින් පසුව ඔහු වරදකරු කර ඇත.
මෙම සත් වසරක සිර දඬුවමට එරෙහිව බෙර්ලූස්කෝනි මේ වනවිට අභියාචන පෙත්සමක් ගොනු කර ඇති අතර, එම අභියාචන පෙත්සම විභාගය අවසන්වනතුරු ඔහු බන්ධනාගාර ගත නොකෙරෙන බවද පැවසේ.
මිලාන් අධිකරණය විසින් ඉතාලියේ හිටපු අගමැතිවරයාට එරෙහිව අදාළ දඬුවම නියම කිරීමෙන් පසුව බෙර්ලූස්කෝනි කියා සිටියේ තමා මුළුමනින්ම අහිංසක පුද්ගලයකු බවත්, තමාට දේශපාලන හේතු මත අදාළ චෝදනා ගොනුවී ඇති බවත් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටෙත් ඔය නීතිය ක්රියාකලොත්.....? අපේ ලොකු පුටු ගොඩක් හිස් වෙනවා.(නදී)
මට අදහා ගන්න බැරි උනා (දී)
ඉතාලියේ ඉන්න ලාංකිකයිනේ... ඔබලා මොන තරන් වාසනාවන්තද මෙහෙම නීතියක් ඇති රටක ජිවත් වෙන්න.... (දී)
මම මොකුත් කියන්නේ නැහැ (දී)
අපේ ලංකාවේ නම් නඩුත් නැහැ. කෙලින්ම නිදහස් (නි)
අපි වෙනුවන් වැඩ කරපු නායකයෙක් ඒත් මේ එරට නිතිය කටත් පොදුයි (අ)
අකුරට නිතිය ක්‍රියාත්මක වෙනවා (දී)
අපෙත් මන්ත්‍රී වරු ඉන්නවා මේවට අසු වෙලා නඩු ගිය . එහෙත් බලය සහ මුදල් බලය සමගම ඒවා යටපත් වෙලා .(අ)
මෙම ජාතිවාදී ඉතාලි කාරයා ඉක්මනින්ම හිරේ යා යුතුය.(නදී)
ඉතාලියේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (නි)
මෙවන් සාධාරණ නීතියක් ඇති රටක සිටින අපි කෙසේ නැවත ලංකාවට පදිංචියට එන එක ගැන හිතන්නද? (නි)
අමානුෂීය තීන්දුවක්. (දී)
වයස ප්‍රශ්නයක් නැහැනේ රස්සාව අබිසරු නම් (නි)
ඒකට අපේ රටේ...? බාලවයස්කාරියන් 50 දුෂණය කලත් සමහරු තවමත් නිදැල්ලේ. මහා ලොකුවට කියන්නේ නම් ලෝකෙන්ම උතුම් රට කියලා... (නි)
අප්පා ඒකට අපේ රටේ (අ)
ප්රජාතන්ත්රවාදි අයිතිය හා මානව අයිතිවාසිකම් සැමටම ඇත (නි)
අපේ රටෙත් පහුගිය දවස්වල ඔය වගේ දේවල් සිදු වුනා.(නදී)
ඒකට අපේ රටේ...? බාලවයස්කාරියන් 50 දුෂණය කලත් සමහරු තවමත් නිදැල්ලේ. (නි)
මෝඩ වැඩක්. කරන්න ඕනේ බාල වයස්කාරයින්ව මේකෙන් මුදවාගන්න එක.(නදී)
බාල වයස්කාරයෝ ගණිකා වෘත්තියට වැටෙන විදියට රට පාලනය කළාට දඩුවම් මොකක්ද?(නදී)
කොච්චර නීතිගරුක රටවල්ද අපට හිතා ගන්න පවා නොහැකිය. අපි ඉන්නේ කොතැනද? අපේ නීතිය පොදු සාදාරනයක් තිබේවිද? හොර දේශපාලකයින් සමාජය ආපස්සට හරවමින් අගාදයකට යන ගමනකයි අපි ඉන්නේ. කොහොම වෙතත් අමාරුවෙන් හෝ යුරෝපා රටවලට ගිහින් ඉන්න අපේ අය වාසනාවන්තයි කියා සිතෙනවා. මොකද ඔවුන්ට හොඳ රැකවරණයක් ලැබෙන නිසා (නි)
මිනිස්සුන්ගේ තනතුරු වලට වඩා හැගීම් බලවත් (දී)
සිරි ලංකාවේ එහෙම වෙන්නේ නැත. (නි)
මේ ශ්‍රී ලංකාවේ ඕක ඇවිල්ලා දේශපාලනයට ඕනෑම කරන අවම සුදුසුකමක්. (නි)
අගමැතිටවත් නිදහසක් නැති හැටි? (නි)
ඉතින් ඒක කැමැත්තෙන් දෙන්නගේ වුවමනාවට වෙච්ච දෙයක් නේ. (නි)
දැක්කද සදරුවන්....? (නි)
මේවා මේ කියන උතුම් රටට සිහින. (නි)
ලංකාවෙන් උපදෙස් ගත්තනම් ,එතුමාට ඔහොම වෙන්නේ නැහැ (නි)
මේ ෆොටෝ එකේ ඉන්න කෙල්ලද බාල වයස්කාර කෙනා? එයාගේ නම් කිසි ලාබාල පෙනුමක් නැහැ (නි)
මේ ක්‍රමය ලංකාවේ තිබ්බානම් පාර්ලිමේන්තුවත්, පළාත් සභාවලත් සියයට අනූපහක් හිරේ ඉන්න ඕනා.(නදී)
කාටද අපි වරද දාන්නේ (දී)
ලංකාවේ නම් මෙහෙම නැහැ (නි)
ඒ කාලේ නම් අන්තංපුර තිබුනා. දැන් කාලේ එහෙම බැහැනේ. නීති තදයි.(නදී)
ආපෝ ,අපේ නම් මෙච්චර බල බල ඉන්නේ නැහැ, මෙලහකට දඩුවම දීලා ඉවරයි (ගණිකාවට) (නි)
ලංකාවටත් මේ නීතිය ගෙනාවොත් ඇමති මණ්ඩලෙන් කොච්චර හිරේද? (නි)
බාලවයස්කාරියන් ගණිකාවන්ගේ තත්ත්වයට පත් කළාටත් දඩුවම් දියයුතුයි නේද? (නි)
ඒකට ලංකාව. ලජ්ජා වෙන්න ඕනෑ අපි (නි)
ඔන්න ඔන්න පුරැද්ද ඉස්මතු වෙනවා (අ)
වරුණ, ඔයාගේ අම්මා, සහෝදරිය, දුව සමග අන්‍ය අය දෙදෙනාගේ කැමැත්තෙන් දෙන්නගේ වුවමනාවට වෙච්ච දෙයක් නිසා ඔබ එයට ඉඩදෙනවද? ඔබගේ දහම හරියට ඉගෙනගන්න.... (නි)
මහත්මයානෙනි ,මට ඔබ ගැන කණගාටුයි. ඔබ ඉතාලියේ වෙසෙන විදේශිකයන්ට බොහෝ උපකාර කල අයෙක් (අ)
ඉතාලියේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (අ)