බ්‍රිතාන්‍යයේ සිටින ඉංග්‍රීසි භාෂාව නොදන්නා මුස්ලිම් කාන්තාවන් රටින් පිටුවහල් කරන බව එරට අගමැති ඩේවිඩ් කැමරන් බ්‍රිතාන්‍යයේ පැවැත්වූ සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
කාන්තාව හා භාෂාව සම්බන්ධ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව කියා ඇත.
බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසා ඇත්තේ තම රටේ මව් භාෂාව නොදැන සිටීම ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වන බැවින් එම තීරණය ගත් බවයි. ඒ අනුව බ්‍රිතාන්‍යයේ සිටින සියලු මුස්ලිම් කාන්තාවන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම අත්‍යවශ්‍ය බව ඔහු කියයි.
කැමරන් වැඩිදුරටත් කියා සිටියේ මුස්ලිම් කාන්තාවන්ගේ ඉංග්‍රීසි භාෂා ඥානය වැඩිදියුණු කිරීම සඳහා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 20ක් වෙන්කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉංග්‍රීසි කවියක් මතක් වුණා, අයි නෝ ද යූ නෝ. යූ නෝ ද හූනෝ. මාගරට් නෝනෝ. ගහපන් පියානෝ (බ)
දැන් එංගලන්තය මුස්ලිම් කොලනියක් වෙලා ඉවරයි. දැන් එංගලන්ත පුරවැසියන්ට මුස්ලිම් වීම තමයි ඉතුරුවෙලා තියෙන්නේ. (නි)
භාෂාවක් දැනගැනීම අතිරේක වාසියක් බව නොදන්නේ නම් ඔහු මෝඩයෙකි (නි)
භාෂාවක් හෝ සංස්කෘතියක් අනුගමය කිරීම තමන් සතු ගෝලීය ප්රජාතන්ත්රවාදී හිමිකමක්.(රේ)
ලංකාවට සිංහල ,දෙමල, කියන භාෂාවල් දෙක හොඳටම ඇති. (ර)
මීටවඩා හොඳයි සුද්දා අරාබි ඉගෙනගත්තා නම් ... (නි)
අපේ රටේ මුස්ලිම් ජනයා ඒ අතින් සෑහෙන ඉදිරියෙන් ඉන්නේ. ඒ ගොල්ලොන්ට රටේ තිබෙන භාෂාවන් තුනම පුළුවන් (නි)
නිලංග,ඔබ ඔය කියන රට ගැන මමත් දන්නවා. මිනිස්කමට සැළකීම අතින් ඉතාමත් ඉහළ රටක්. ඔය කරන කෙරුවාවට කවදාහරි දේශපාලන බල පෙරේතයන් එහෙත් බෝවුණු දවසක විඳවන්නට වේවි. මමත් ඔය කියන රටේ අවුරුදු තුනක් විතර සිටියා. (නි)
මමත් මේ බලාගෙනයි ඉන්නේ වෙන්නේ මොකක්ද කියලා (නි)
දෙමළ, මුස්ලිම් වැඩිහරියක් සිංහල කතාකරනවා. ඉංග්‍රීසිත් පුළුවන්. සිංහල අපිට තමා දෙමළ බැරි. මේ අඩුපාඩුව තේරෙන්නේ පිටකොටුවේ කඩේකට බඩුවක් මුට්ටුවක් ගන්න ගියාමයි. අපිත් දෙමළ ඉගෙනගන්න ඕනෑ (නි)
කළ කළ දේ පළ පළ දේ කියන්නේ ඕකට තමයි. (නි)
අපේ රටටත් මේවා එයිද දන්නෙ නැහැ (නි)
කෙවින් ඔබ සමග එකගයි . එ්ත් ඇයි සිංහල විතරක් ? සිංහල අපිත් දෙමල භාෂාව උගෙන ගත්තොත් නරකද ? සිරි ලාංකිකයින් සැම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනම උගෙන ගත්තානම් අද රට මීට වඩා සංස්කෘතියෙන් සභ්‍යත්වයෙන් සහ සහජීවනයෙන් දියුණු වෙලා නොවේද? (බ)
දැන් පරක්කු වැඩි අගමැතිතුමා (ම)
කෙවින් මහත්මයෝ ලංකාවේ සිටින්නේ රටට ආදරේ ඇති දේසපාලකයෝ නෙවෙයි.බඩ ගෝස්තරවාදී දේශපාලන බල පෙරේතයෝ. එ්කනේ ලංකාවේ රාජ්‍ය භාෂා දෙකක් තියෙන්නේ. පුදුමය එ්ක නෙවෙයි අපිට මානව හිමිකම් උගන්වන කැමරන්ලා ඒගොල්ලානේ රටේ ඉංග්‍රීසි භාෂාව පමණක් රාජ්‍ය භාෂාව වශයෙන් යොදන හැටි සහ ඔවුන්ගේ පදයට නටන ලංකා රජයේ ක්‍රියා කලාපය. (බ)
හැබැයි ඉතින් කාන්තාවෝ ඉංග්‍රීසි ඉගෙනගත්තට පස්සේ බැඳපු මිනිසුන්ට වෙන්නේ රෙදි පෙරෙදි අකුලාගෙන තමන්ටම පිටුවහල් වෙන්න. අපි නොදන්නා කාන්තාවෝ! (නි)
ලංකාවෙත් සිංහල භාෂාව දැනගැනීම අනිවාර්ය කළ යුතුයි දෙමල මුස්ලිම් ගොඩක් අය සිංහල දන්නෑ ඒ ගැන ලජ්ජා විය යුතුයි. ලංකාවේ විතරයි සිංහල තියෙන්නේ එ්කවත් පරිස්සම් කරගන්න ඔයිට වඩා රජය වැඩ කළ යුතුයි (බ)
බෙන්තර මහේෂ් මේ රටේ තමයි ඔහොම වැඩ කරන්නේ, ඡන්ද අපේක්ෂාවෙන්. (බ)
ඔය කතන්දරය හෙට වෙනකොට සංශෝධනයට හෝ ඉල්ලා අස්කර ගන්න තැනට පත්කර ගැනීමට කටයුතු කරනවා නම් මම කැමතියි (නි)
සුපුන්, එන්ගලන්තයේ ඉංග්‍රීසි බැරි කාන්තාවෝ මිනිසුන්ගේ වදකාරියෝ බවට පත්වෙනවා. ඒ කාන්තාවන්ට ස්වාධීනව ජීවිතය ගෙනියන්න බැහැ. මේක ඒ කාන්තාවන්ගේ යහපත වෙනුවෙන් ගන්නා තීරණයක්. ඔබ කරුණු හොයා බලා කතාකරන්න. (නි)
ද සිල්වා බර්ලින්, ඔබ හරි. මම කියන්නේ සෑම ශ්‍රී ලාංකිකයෙක්ම අනිවාර්යයෙන් සිංහල දැන සිටිය යුතුයි (නි)
සුපුන්, ලංකාවේ සිංහල බැරි නම් යන්න කියන්න බැහැ. ඒකට හේතුව ලංකාවේ රාජ්‍ය භාෂා 3 ක් තිබීම. එංගලන්තේ ඉංග්‍රීසි බැරි නම් කාන්තාවන් පිටුවහල් කරනවා කියන්නේ ඔවුන්ගේම හොඳට. බොහෝවිට අරාබි සම්භවයක් ඇති පිරිමි එම රටවලින් කාන්තාවන් විවාහ කරගෙන යුරෝපයට රැගෙනවිත් ඔවුන්ට තනියම එළියටවත් බහින්න ඉඩනොදී ගෙදර ඇතුළෙම තියාගෙන ඉන්නවා. ඉංග්‍රීසි ඉගෙනගැනීම ඔවුන් හිතාමතම වළකනවා. මෙම නීති නිසා කාන්තාවන්ට ඉංග්‍රීසි ඉගෙනගැනීමට යම්කිසි අවස්ථාවක් ලැබෙනවා (නි)
මාරු ප්රජාතන්ත්රවාදය නේද ..අපේ අයත් මහා ඉහළින් පිළිගන්නේ මෙයාලනේ, බකිංහම් මාලිගාවේදී මේස් ගලවල අතදුන්නයි කියලත් අපිට පොඩි ආඩම්බරයක් දුන්නනේ ඉතින්. කොහොමද ලංකාවේ සිංහල බැරිනම් පලයව් කිව්වනම් . මුන්ම අපට විරුද්ධව මානව හිමිකම් ගෙන එයි (බ)
එංගලන්තේ සුද්දන්ට අරාබි භාෂාව ඉගෙන ගන්න වෙනවා ළඟදීම. (බ)
හපොයි මම ඉන්න රටේ ඉංග්‍රීසි බැරි තරමට අනුකම්පා කරලා ඔක්කොම පහසුකම් සපයනවා . කට සහ අත පය හොල්ලන්නෙ නැතිව ඩෝල් එක ලැබෙනවා . ඉංග්‍රීසිත් දැනගෙන රැකියාවක් කරන්න ලැස්ති මිනිස්සුන්ගේ ආදායම මේගොල්ලන්ට වැඩිය අඩුයි. (බ)