මගීන් 300ක් පටවාගෙන පියාසර කරමින් තිබූ බොයිං 777 ගුවන් යානයක් හිටි හැටියේ අඩි 5000ක් පහළට වැටීමට නියමුවන්ගේ නොසැලකිල්ල ද යන්න ගැන පරීක්ෂණයක් ආරම්භ කැර ඇතැයි ඉන්දියාවේ මුම්බායි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
මුම්බායි සිට බ්‍රසල්ස් නගරය දක්වා ගමන් කරමින් තිබූ යානය තුර්කියට ඉහළින් පියාසර කරමින් තිබිය දී ප්‍රධාන නියමුවා නින්දේ පසුවූවේය. ඒ අතර හදිසියේම යානය අඩි 5000ක් පහළට වැටිණි. එයට හේතුව සහාය නියමුවා ද අඩ නින්දේ පසුවීම යැයි මතුවූ සැකයක් හේතුවෙන් මෙලෙස පරීක්ෂණ ආරම්භකැර තිබේ.
සහාය නියමුවා බලධාරින්ට පවසා ඇත්තේ ඒ අවස්ථාවේ තමන් කාර්ය බහුලව සිටි හෙයින් ගුවන් යානයේ වූ වෙනස ගැන අවබෝධයක් නොතිබූ බවයි.
අඩි 34000 ක් ඉහළින් ගමන් කළ යුතු යානය පහළට වැටුණේ ඇයිද යන්න ගැන විමසීමට ඇන්කරා හි ගුවන් ගමන් පාලක විසින් යානයට හදිසි ඇමතුමක් ලබාදෙන තුරු එවැනි පහළට වැටීමක් ගැන නියමුවන් දැන සිට නැත.
මේ යානා තුර්කියට ඉහළින් පියාසර කරන්නේ ඉරාකයේ හා යුක්රේනයේ යුද ගැටුම් පවතින ප්‍රදේශ මගහැර යමිනි.
මේ සිදුවිම ගැන ගුවන් ගමන් පාලක නියමුවන්ට ඇමතුමක් දී ඇත්තේ යානය පාලනයකින් තොරව ගමන් කරන බවට ලැබුණු නිර්නාමික ඇමතුමක් හේතුවෙනි. එම ඇමතුමත් සමග ක්‍රියාත්මක වූ ගුවන් ගමන් පාලක යානය වහාම අඩි 32000ක් ඉහළට ලෙස දැනුම් දී තිබේ. කලබලයට පත් සහාය නියමුවා ඒ අවස්ථාවේ දී ප්‍රධාන නියමුවා නින්දෙන් අවදිකැර ඇත.
මුම්බායි සිවිල් ගුවන් සේවා අධිකාරිය පරික්ෂණ නිමවෙන තෙක් නියමුවාගේ සහ සහාය නියමුවා සේවය තාවකාලිකව අත් හිටුවා ඇත. අන්තර්ජාතික ගුවන් සේවා නියමයන්ට අනුව ලෝකයේ දීර්ඝ ගුවන් ගමන් වල යෙදිද්දී ගුවන් නියමුවාට තම ගුවන් නියමු කුටියේ දි කෙටි නින්දක් ලබා ගැනීමට බාධාවක් නොමැත. එවැනි නින්දක යෙදෙන අවස්ථාවක සහය නියමුවා යානයේ ගමන් මාර්ගය හා හැසිරීම් ස්වභාවය ගැන අවබෝධයෙන් සිටිය යුතුය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමුවා ගැන හොඳින් හොයලා බැලුවොත් හොඳයි (නි)
මට නම් මේක සැකසහිතයි. (නි)
ගුවන් යානා වලට නම් බොහොම අපලයි (නි)
මේ ඔක්කොම නස්පැත්ති වෙන්නේ බී-777 ඒවාටමනේ. අනේ මන්දා! මට හරිම පුදුමයි (නි)
අනේ මන්දා! මේ විදියට ගුවන් යානයක යන්නත් බයේ බැහැ (නි)
2014 වසරේදී සියලුම ගුවන් නියමුවන් සැළකිලිමත් වියයුතුයි. (නි)
ඉන්දියාවේ නිතරම හොර සහතික වලින් රැකියාවලට යන අය අහුවෙනවා. දොස්තරවරු ඉංජිනේරුවන් පවා ඒ අතර වෙනවා. මේ නියමුවන් එම වර්ගයේ වෙන්නට බැරිද? (නදී)
උඩ ගිය හින්දා බේරුනා. මෙයාලගේ කන මතේ නිසා තව පොඩ්ඩෙන් 300 ම ඉවරයි. මේ දෙන්නට මතක හිටින පාඩමක් උගන්වන්න ඕනේ. (නදී)
අනේ මන්ද මෙහෙම ගියොත් මට හිතෙන්නේ පාරේ යන වාහන වගේ වෙයි. (දිල්)
ඕකට හොඳ වැඩක් තියනවා. ප්‍රධාන නියමුවාට තනියට කෙනෙක් දාන්න ඕනෑ. ප්‍රධාන නියමුවා ජීවිතේට නිදියන්නේ නැතිවෙයි (නි)
මම නම් කවදාවත් ගුවනින් යන්න හිතන්නේන නැහැ (නි)
සාන්ත මාලදිවයින, ඔබ හිටපු ශ්‍රී ලංකා ගුවන් හමුදා භටයෙක් වෙලත් මේ තරම්ම බයද ගුවන් යානා වලට ? (නදී)
ලලිත් සහ චමින්දගේ අදහස් වලට මමත් එකඟ වෙනවා. (නි)
මේක සෙල්ලමක් නෙමෙයි. සැළකිලිමත්කමින් වැඩ කළයුතුයි (නි)
දැන් හැමතැනම ගුවන් අනතුරු.... (නි)
සාමාන්‍යෙයන් අළුත් ගුවන් යානා අඩි 34000ක් වගේ ඉහල දී නියමුවන් මෙහෙයවන්නේ නෑ.... ස්වයංක්‍රීය නියමුවා නැත්තම් ඔටෝපයිලට් තමා යානය පාලනය කරන්නේ... එකපාර අඩි 5000ක් ඇද වැටෙනවා කියන එක දැනුනේ නෑ කියන්නේ යානය පල්ලෙහාට ඇවිත් තියෙන්නේ ඒකාකාරීව. එහෙම වෙලා තියෙනවා නම් ගොඩක් විට දෝශය තියෙන්න ඕනේ ස්වයංක්‍රීය නියමු පද්ධතියේ. කොහොමත් බෝයිං යානා වල ඔය පාලන පද්ධතිය සෑහෙන පරීක්ෂන වලට ලක් වෙච්ච එකක්.... නියමුවාට නින්ද ගියා කියන එක මත නියමුවා උඩ වරද පටවන්න බෑ.... අනික ගුවන් යානයක් එකපාර අඩි 5000ක් වැටෙනවා නම් අනතුරු ඇඟවීම් නාද වෙන්න ඕනේ... (දී)
වින්දන, ගුවන් යානයෙන් බැස්සට පස්සේ නම්,ඒ ගොල්ලන්ට තනි රකින්න කට්ටිය ඉන්නවා. (නදී)
මමත් මෙම ගුවන් සේවයේ යානාවක වරක් ලංකාවට ගියා. පයිලට් කුටිය නැරඹීමට ඇතුලට ගිය අවස්තාවක අවුරුදු 22ක් පමණ වූ සුරූපී උප නියාමක වරිය ලැප්ටොප් පරිගණකයකින් හින්දි චිත්‍රපටයක් නරඹමින් සිටියා. (නදී)
නන්දන පනාගොඩ ඔබ පයිලට් කුටියේ ගියේ හිටගෙනද ? ඔබේ කතාව ඇහුවම අසුන් ගෙන සිටි මමත් ඉබේම හිට ගත්තා , ඉන්දියන් ගුවන් යානයක ගුවන් නියමු මැදිරියේ ඔබ ගමන් කල කිව්වම , (දී)
නන්දන පනාගොඩ මහතා ඔහුගේ මානසික වින්දනයක් ලබා ගැනීමට කල ප්‍රතිචාරය ගැන සිරිල් කලබල වෙන්න එපා, කියන්නා හෝ ලියන්නා කෙසේ කිවත් ලීවත් අසන්නා කියවන්නා සිහි බුද්දියෙන් නම් (දී)
නන්දන පනාගොඩ මහතෝ , මම දන්නා ආකාරයට වාණිජ ගුවන් නියමුවකු වන්නට , පාසලේ උසස් අධ්‍යාපනයෙන් පසුව තවත් අවුරුදු ගණනක් යනවා , එවිට අඩුම වයස වාණිජ ගුවන් නියමුවකුගේ , අවුරුදු 25 ක් පනිනවා , මේකේ ඉඳල තියෙන්නේ අවුරුදු 22 ක් සුරූපී කෙල්ලක් උප ගුවන් නියමු හැටියට. (ස)
සමහරවිට ගුවන් නියමුවන් දෙදෙනා ගුවනේදී නිකන් දෙන අරක්කු පාරක් විස්කි පාරක් ගත්තාද දන්නේ නැහැ නේ (දී)
ඒ කාලයේ මම අසා තිබෙනවා ගුවන් නියමුවෙකුට අහස් යානාවක් බාර දෙන්නේ ,පෞද්ගලික ප්‍රශ්න ,සෞඛ්‍ය තත්වය ,මානසික ගැටළු විමසා බලා සෑහීමකට පත්වෙනම්ලු.මගීන් 300 කගේ වටිනා ජීවිත,ගැන නොසැලකිල්ල , ගුවන් සමාගම ,සම්පුර්ණ වගකීම දැරිය යුතුයි ! (අ)
මෙය සිදුවිය හැකිද? (නි)
තව පොඩ්ඩෙන් සමහරු ඒකටත් ඇමරිකාව අල්ලාගන්නවා (නි)
මෙම ගුවන් යානා වල "ඔටෝ කෘසින්' ක්‍රමය තිබෙනවා. එය දැමුවා නම් නියමුවන්ට නින්ද ගියත් මෙසේ සිදුවන්නේ නැහැ. අනතුරු අවම වෙනවා.(නි)
මම මේ කල්පනා කළේ මෙච්චර අත්දැකීම් බහුල ගුවන් නියමුවන්ටත් යානය අඩි 5000ක් පහත් වුණ බව නොතේරුණු එකේ, ඒ බව ගුවන් ගමන් පාලක වෙත නිර්නාමිකව දුරකතනයකින් දැන්වූවේ කවුද කියලයි? (නි)
මෙහෙම ගියොත් ගුවන් මගීන් අඩූවෙයි නේද? (නි)
මේ යානයට අනතුරක් උනා නම් කියාවි මුස්ලිම් ත්‍රස්ත වැඩක් කියලා (නදී)
රජින්ද, මාත් කල්පනා කලේ කවුද කියලා. ගුවන් නියමුවන්ටත් තේරිච්ච නැති එකේ ගුවන් නියමුවන් දෙන්නගේ ජම්මාන්තර වෛරක් කාරයෙක් වෙන්න ඇති. පුදුම වෙන්න දෙයකුත් නැහැ බලන් ගියහම. මමත් වැඩ කරලා තියෙනවා ඉන්දියන් කාරයොත් එක්ක. තව කෙනෙක්ව කපලා ඉහලට නගින්න හරි දක්ෂයෝ. (නදී)
මිනිස්සුන්ට (ගුවන් නියමුවන්ටත්)මේක සෙල්ලමක් වෙලාද තියෙන්නේ. දවසකට එකක් හරි අහන්න තියෙනවා ගුවන් අනතුරු. ඉස්සර නම් මේ විදිහට රිය අනතුරු ගැන (නදී)
පිස්සු යක්කු. මම නම් මීට පස්සේ ප්ලේන් වල යන්නේ නෑ. (නදී)
පවු අසරණ මගීන්, තව පොඩ්ඩෙන් 300 දෙනාටම දෙවියන්ගේ පිහිටයි,(අ)
මම ඉන්නේ මාලදිවයිනේ. අම්මෝ මම නම් ලංකාවට එන්නේ පීනලානගින්නේ නම් නැහැ ප්ලේන් වලට (දී)
ගුවන් නියමුවන්ට වැඩ වැඩියි. එයාලට කියා නිදහසක් නැහැ. (නදී)
අලුත්ම ආරංචිය තමා එම ගුවන් නියමුවන් දෙදෙනාගේම වැඩ තහනම් කරලාලු.(නදී)
යානය යළි පිටත්වෙක තුරු නියමුවාට නිදාගැනීම අනිවාර්ය කරමු (නදී)
ගුවන් යානයක් ගුවන් ගත කල පසුව ගමනාන්තය දක්වා එය පදවන්නේ ඔටෝ. නැවත ගුවන් යානය පදවන්න අතට ගන්නේ අවසන් විනාඩි කීපය තුල. මේ අතර ටර්බියුලන්ස් ´ හැර වෙන මොන හේතුවකට වත් ගුවන් යානයේ වේගය හෝ ගමන් කරන උස වෙනස් නොවේ (නදී)
ෆාසි, දැන්වත් තේරෙනවද ඔයාලගේ වැරදි දර්ශනය නිසා මුළු ලෝකෙන්ම ඔයාලා කොච්චර කොන් වෙලාද කියල? (නදී)
ෆාසි, මිනිස්සු එහෙම කියන්නේ අනතුරු 10 ගත්තොත් 8 ක්ම අන්තවාදීන්ගේ ක්‍රියා හින්ද තමා (නදී)
මංජු හරියටම හරි. (නදී)
ෆාසි, උත්තරේ ඔයා ලග තියාගෙන අනුන්ගෙන් ප්‍රශ්න අහන්න යන්න එපා. ලෝකේ වටේ පොඩ්ඩක් බලන්න ඔයා කියන දේට පිළිතුරු ලැබේවි (නදී)