බෙදුම්වාදී මුස්ලිම් සටන්කාමීන්ගෙන් ප්‍රහාර එල්ල වේවි යැයි බියක් හට ගැනීමත් සමඟ ප්රචණ්ඩත්වය රජයන දකුණු තායිලන්තයේ පාසල් සිය ගණනක් ඊයේ (27) සිට තාවකාලිකව වසා දැමීමට බලධාරීහු තීරණය කළහ. දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත්තේ පටානී පළාතේ පාසල් 321 කි. ඊට හේතු වූයේ කලාප අධ්‍යාපන නිලධාරියකු සටන්කාමීන් අතින් වෙඩි කා ඝාතනය වීමය. මේ වනවිට බෙදුම්වාදීන් එල්ල කළ ප්‍රහාරවලින් අධ්‍යාපන නිලධාරීන් සහ ගුරුවරුන් 150 දෙනකු ජීවිතක්ෂයට පත් ව ඇත. පටානී පළාතේ ගුරු සංගම් තායිලන්ත රජයෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසටය. තායිලන්තයේ මැලේ මුස්ලිම් සුළුතර ජනයාගේ දුක්ගැනවිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට එරට රජය අපොහොසත් වීම මේ අර්බුදකාරී තත්ත්වයට හේතුවී තිබෙන බව වාර්තා වේ. හමුදා සාමාජිකයන්ගෙන් සිදුවන අකටයුතු මෙන්ම එම ජනතාවගේ වාර්ගික අනන්‍යතාව, භාෂාව සහ ආගමට නිසි තැනක් නොලැබීමද මීට හේතුවී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 2004 වසරේ සිට පවතින බෙදුම්වාදී ප්රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් මේ වනවිට දකුණු තායිලන්ත වැසියන් 5,300 දෙනකු ජීවිතක්ෂයට පත් ව ඇති බව ද වාර්තා වේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලු ලෝකෙම පාලනය තලෙයිබාන්වරු අතට දුන්නා නම් හරි. (නි)
ඇමරිකාවෙන් උදව්වක් ඉල්ලුවොත් නොසලකා හරින එකක් නැ (ස)
ත්‍රස්ථවාදය පරාජය කරන විදිය ශ්‍රී ලංකා යුද හමුදාවෙන් අහගන්න. (ත)
මේවා මොකද පෙන්නේ නැද්ද (දී)
මේකේ අදහස් දාලා තියෙන ගොඩාක් දෙනෙක් හරියට ප්‍රවෘත්තිය එක කියවලා නැහැ වාගේ. මේ ලිපියේ පැහැදිලිවම සදහන් වෙලා තියෙනවා මේ ගරිල්ලා කණ්ඩායම පහර දෙන්නට හේතුව. ලංකාවේ වුණත් සිවිල් වැසියාට පොලීසියෙන් හෝ රජයේ ආයතනයකින් හෝ අසාධාරණයක් වුණොත් ඔවුන් නීතිය අතට ගන්නේ නැද්ද? ලංකාවේ පොලීසියට කී සැරයක් නම් මේ වාගේ ගල් මුල් වලින් ගහලා ඇත්ද? එතකොට ඒ කට්ටියට මොකද කියන්නේ? යම් මිනිසෙකුට අසාධාරණයක් වෙනවා නම්,ඔහුගෙන් පළිගැනීමක් වෙනවා නම්, ඔහු අනිවාර්යෙන්ම මේ වාගේ වැඩ වලට පෙලඹෙනවා. නමුත් පාසල්වලට පහර දෙන එකනම් මම අනුමත කරන්නේ නැහැ. (නි)
දැන් කාටද ලජ්ජා නැත්තේ (දී)
මට මේවා ඇහෙනකොට තියෙන කේන්තිය (දී)
කෝ මානව හිමිකම් (දී)
එතකොට මේවා
අනේ අපේ පුංචි ලංකාවෙ ඉන්න මේ වගේ මිනිස්සු මේ දවස්වල එක එක දේවල් කරන්නේ අර පිටරටවල ඉන්න අල්කයිඩාව ලංකාවට ගෙන්න ගන්නද? අපේ අය බටහිර එන්ජීඕවලට විකුණලා හමාරයි.. ඒකයි මේ වේග පොඩි පොඩි දේත් ලොකු වට පෙන්නලා ප්‍රශ්ණ ඇති කරන්න හදන්නෙ.. අපේ අහිංසක සිංහලයන් එයාලගේ කතා ටික අහගෙන පෙලපාලි යනවා.. ළගදිම ලංකාවෙ කෝලහාල ඇති වෙයි වගෙයි..! ඊට පස්සේ රට ඉන්න කොටින්ටත් හොදයි.. උතුරෙන් ඒ අය ගහයි ආයෙත්..!(නු)
කෝ මානව හිමි කම් කට්ටිය නිදිද (දී)
පාසල් ළමයි මොනවා කාරාන්නද (දී)