දරු උපතේදී කාන්තාවක් කෙතරම් වේදනාවක් උසුලන්නේදැයි නොදන්නා පිරිමි පාර්ශවයට ඒ අත්දැකීම ලබා ගැනීමේ මගක් සළසා දීමට චීනයේ ෂැන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ රෝහලක් පසුගියදා කටයුතු කර තිබුණි.
එහිදී පෙම්වතුන්ට හා සැමියන්ට විශේෂ යන්ත්‍රයකට සවි කෙරී තිබුණු කොට්ටා දෙකක් තම යටි බඩ ප්‍රදේශයේ තබා ගැනීමට සිදුවූ අතර යන්ත්‍රය පණ ගැන්වූ පසු ඔවුන්ගේ පෙම්වතියන් හා බිරින්දෑවරුන් දරු උපතේදී අත්විඳින වේදනාව ඔවුන්ටද අත්විඳීය හැකිවනු ඇතැයි උපදෙස් දෙනු ලැබිණි.
ඒ කිසිත් ගණනකට නොගෙන සිනාවෙන් සිටි ඔවුන්ගේ මුහුණු මැළවී ගියේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් පසුවය.ප්‍රබල ඉලෙක්ට්‍රෝන ධාරා පැළද සිටි කොට්ටා වලට එල්ල කිරීම මගින් ඔවුන්ගේ යටි බඩෙහි මාංශ පේෂීන් වේදනාවට පත් කෙරිණි.
වේදනාව උසුලා ගත නොහැකිව ඇතැම්හු හැඬූහ,ඇතැම්හු කෑ ගැසූහ,ඇතැම්හු පැන දිවීමට පවා තැත් කළෝය.
විනාඩියක් දෙකක් පමණ මේ ‘‘වදය‘‘විදීමට ඔවුන්ට සිදුවිය.එය අවසානයේ අදහස් විමසූ විට ඔවුන්ගේ බිරින්දෑවරුන් හා පෙම්වතියන් මෙතරම් වේදනාවක් දරන බව කිසිදිනෙකවත් දැන සිටියේ නැතැයි ඔවුහු කීහ.
පරීක්ෂණය විනාඩියකට දෙකකට පමණක් සීමා වුවද විළිරුදා ඇතිවන කාන්තාවක් ඒ වේදනාව ඇතැම් විට පැය ගණනක් හෝ දින ගණනක් පවා විදින්නීය.
මෙයට සහභාගීව සිටි ඇතැමුන් තම බිරින්දෑවරුන්ගේ කරච්චලයට බියෙන් පැමිණ සිටියෝ වූහ.නමුත් පර්යේෂණය අවසානයේ ඔවුන් තමන් ගැන පසුතැවෙන ආකාරයක් දැකගත හැකිවිය.
පරීක්ෂණය සිදුකළ රෝහල පවසන්නේ කාන්තාවන් දරු උපතකදී මෙන්ම දරුවෙකු දරා සිටින විටදී දරන වේදනාව කොතරම්දයැයි පිරිමින්ට පෙන්වා දීමට මෙවැන්නක් සංවිධානය කළ බවයි.කාන්තාවන්ට නිසි ගෞරවය දැක්වීමට පිරිමින් උගත යුතුව ඇති බව රෝහලේ අදහසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේක හුඟක් හොඳ දෙයක්. තමන්ගෙ බිරිය විඳින වේදනාව දැනගන්න ලැබෙන එක. එතකොට බිරියට ගරුනොකරන පිරිමින් පවා ඇයට ගරු කරන්න පටන් ගනීවි. (නි)
ලංකාවේ රෝහල් වලටත් ගෙන්විය යුතුම උපකරණයක් බව මාගේ පෞද්ගලික මතයයි (නදී)
ලංකාවේ රෝහල් වලටත් ගෙන්විය යුතුම උපකරනක් බව මාගේ පෞද්ගලික මතයයි (නදී)
මේක ස්වභාව ධර්මය අපිට මේකට පිටුපාන්න බෑ, මට නම් මගේ ආදර අම්මා මම වෙනුවෙන් විදපු වේදනා කවදාවත් විදින්න බෑ, මැෂින් වලට කවදාවත් ඒක කරන්න බෑ, පිරිමි හිතන්න ඕනේ කාන්තාවන් ගැන ගොඩාක් හැගීම්බර විදියට. (ර)
නිහාල්ගේ කතාව මාතෘ පදවියට නිගාවක් කියලා මම හිතන්නේ.!! (දිල්)
ඔබ පවා මෙලොව එළිය දුටු දින ඔබේ ,මව් විඳි වේදනාවට නිගා කරන්න එපා -උතුම් මව් පදවිය නොවේ නම් ලොවක් පවතීද?නිහාල් ප්‍රනාන්දු සහෝදරයා වෙතටයි (දිල්)
ඇත්තටම නියම දෙයක්.(දිල්)
කාමයේ වරදවා හැසිරෙන්නන්ට දියහැකි හොඳ දඩුවමක්. (නි)
හොද වැඩක්.(හේ)
ඉතා හොඳයි (නි)
බැරිවෙලාවත් හරි ඔය වේදනාව දරුවාගේ පියාට විදින්න විදිහක් හැදුවොත් නම් මලා. අල්ලපුගෙදර මනුස්සයා තමා කෑගහන්නේ.(අ)
අනික ගැහැණු අස්ථි බබාල හම්බෙන විදියට අනුගත වෙලා තියෙන්නේ. (නදී)
මේක නම් ඉතාම හොඳ දෙයක් (නි)
මෙවා මහා තෙරුමක් නති වෑඩ. ගෑහනු අය නෙමෙද ඒ කාලෙ ඉදන්ම ලමයි බිහි කලේ. (ර)
මන් අහල තියෙනවා ඔය වගේ කතාවක්. එක ස්වාමිපුරුෂයෙක් දොස්තර ළඟට ගිහින් ඉල්ලා සිටියා තමන්ගේ බිරිදට දැනෙන විලි රුදාව තමන්ටත් දැනෙන්න සලස්වන්න කියා. දොස්තර මහතා ඔහුට විරේකයක් දීලා පිටුපසට මැහුමක් ගැහුවා. (බ)
මේක නම් ඉතාම හොඳ දෙයක් (නි)
ලංකාවේ රිමාන්ඩ් බන්ධනාගාරවලටත් ගෙන්වල දෙන්න කියල අපේ අධිකරණ ඇමති තුමාගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ . (බ)
හොඳ වැඩක්. (ර)
ඇත්තටම හොද වැඩක්. තමාගේ බිරිද, මව විදින වේදනාව කාන්තාවන්ට හිංසා කරන පිරිමි එතකොටවත් දැන ගනිනේ. (ර)
"පිරිමින් මේ දුක දැරිය යුතුයි.එතකොට තේරෙයි." (බ)
මේක කියලා දෙන්න ඕනේ.නැත්තම් කාන්තාව ප්‍රසව වේදනාවේදී විදින දුක දන්නේ නෑනේ.(හේ)
ඊයේ රැකියාවට එන්න දුම්රියට නගින්න කලින් නෝනලා ඔක්කොටම ඉඩ දීල අන්තිමට පිරිමි අපිට ඉතිරි උනේ පාපුවරුවේ දෙවෙනි පඩිය. දෙය්යනේ කියල එකේ එල්ලෙන්ඩ කකුල උස්සද්දීම කව්ද පිටිපස්සේ ඉදන් තට්ටු කලා. බලනකොට බඩදරු අම්මා කෙනෙක්. ඒ සැරේ එයාටත් ඉඩ දීල මන් ඊලග කෝච්චියේ වැඩට අවා. මිනිත්තු පහක් පරක්කුයි. රතු ඉර ගහන නෝනා වෙලාවට ඉර ගහල මට කියනවා වෙලාවට වැඩට එන්න දන්නැද්ද කියල. (ස)
තමාගේ මවට දයාබර පුතුන් බිරිඳට එක හා සමානව ආදරය කරති (අ)
ස්වභාව ධර්මය සෑම දෙයක්ම අති සාධාරණව බෙදාදී තිබෙනවා. (නි)
පිරිමින් මේ දුක දැරිය යුතුයි.එතකොට තේරෙයි.(හේ)
ස්ත්‍රී දුෂකයන්ට කියාපු දඬුවම (බ)
පිරිමින්ටත් මේ දේ හොද අත්දැකීමක් වෙයි.(හේ)