ප්‍රංශයේ ”කැනා ඔන්චෙනේ ” නම් ටැබ්ලොයිඞ් පුවත් පතට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. රාජ්‍යයේ හා දේශපාලඥයන්ගේ වැරදි හා දුෂණ හෙළි කිරීමට විශේෂ උනන්දුවක් දක්වන මෙම ආන්දෝලාත්මක පුවත්පත ප්‍රංශයේ 70 හා 80 දශකයට අයත් පරම්පරාව අතර දැඩි ලෙස ජනප්‍රිය වි ඇත.
ඔවුන්ගේ හෙළිකිරීම් හේතු කොට තම ධූරයෙන් අස්වීමට සිදුවූ ඇමැතිවරුන්, නගරාධිපතිවරුන් බොහෝමයකි. එබැවින් දේශපාලඥයෝ බදාදා පළ කැරෙන මෙම පුවත් පතට බියක් දක්වති. අශිල් ෂෙමෝරි හා ස්ටෙෆන් මාර්තෙඌ යන ප්‍රංශ මාධ්‍යවේදීන් දෙදෙනා විසින් ප්‍රංශ ජනාධිපති මැදුර නමින් රචිත ග්‍රන්ථයක අඩංගු කොටසක් උපුටා දක්වන මෙම පුවත් පතේ පසුගිය කලාපය ප්‍රංශ ජනාධිපතිගේ කරණවෑමියා නොහොත් බාබර් යුදෙව් සම්භවයක් ඇති ප්‍රංශ ජාතික ඔලිවියේර් බෙන්හමූගේ මාසික වැටුප ගැන අපූරු හෙළි කිරීමක් කර තිබුණේය.
ඔවුන්ගේ හෙළි කිරීමට අනුව ජනාධිපති කරණවෑමියාගේ මාසික වැටුප යුරෝ 9895 කි. එනම් රුපියල් 16 ලක්ෂ තිස් දෙදෙහකි. මෙම වැටුප් විස්තර පළවීමෙන් පසු ජනාධිපති බාබර්ගේ වැටුප ගැන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් තුළ විවිධ විවේචන සිදු වූයේය. එහි සත්‍ය තත්ත්වය දැන ගැනීමට පුවත්පත ජනාධිපති කාර්යාලය සම්බන්ධ කර ගැනීමට වෙහෙසුනද එය සපල නොවු බව පුවත් පත විසින් සඳහන් කර තිබුණේය.
එසේම මීට පෙර සාර්කෝසි ජනාධිපතිගේ කරණවෑමියා යුරෝ 8000ක වැටුපක් ලබා ගත් බවද හෙළි වුයේය. ජනාධිපති කාර්යාලයයේ හා ජනාධිපතිගේ වැය ශීර්ෂයන් අඩු කරන බව කිව් ජනාධිපති මෙතරම් මුදලක් බාබර්ට ගෙවීම සුදුසුද යනුවෙන් ප්‍රශ්න කරමින් විවිධ විවේචන දේශපාලන හා මාධ්‍ය ක්ෂේත්රය තුළ විශේෂ කථා බහට ලක් වූයේය.
කෙසේ නමුදු මාධ්‍ය තුළ විවේචන හේතුවෙන් ජනාධිපති කාර්යාලයට ඉහත ප්රශ්නය අරභයා පිලිතුරු සැපයීටමට සිදුවුයේය. ඒ අනුව ජනාධිපතිගේ කරණවෑමියා වූ ඔලිවියේගේ රැකියා කොන්ත්‍රාත්තුව අවුරුදු පහකට පමණක් සීමාවූ බවත්, ඔහු හිමිදිරි පාන්දර සේවයට වාර්තා කරමින් සෑම දිනකම ජනාධිපති තුමාගේ කොණ්ඩය හැඩ වැඩ කරන බවත් දින හතේ පැය 24 පුරාවටම සේවයට වාර්තා කිරීමට බැඳී ඇති හෙයින් ජනාධිපතිගේ සෑම සංචාරකටම ඔහු සහභාගි වෙන බවත් එම නිසාම ඔහුට අයත් පැරිස් කලාප අංක 07 හි පිහිටි බාබර් සාප්පුව වසා දමා ඇති බවද එලෙසෙම ඔහුගේ දරුවන් දෙදෙනෙකු උපදින විට බිරිඳ ළඟ සිටීමට නොහැකිවූ බවත් ජනාධිපති කාර්යාල මාධ්‍ය ප්රකාශනයේ සඳහන් වූයේය.
පැය 24 පුරාම සේවයට කැපවී සිටින ජනාධිපතිට විශ්වාසවන්තයකු බවත් පවුල් ජීවිතය පවා දෙවැනි තැන තබමින් සේවයේ යෙදෙන ඔහුට එම වැටුප ගෙවීම වැරැද්දක් හෝ ජනාධිපති බලතල අවභාවිතයේ යෙදීමක් නොවන බව ප්‍රංශ සමාජවාදි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කෘෂිකර්ම ඇමැති ස්ටෙපන් පෝල් මහතා විසින් මාධ්‍ය හමුවකදී පැවසීය.
හිටපු ජනාධිපති නිකොලා සාර්කෝසි මාධ්‍යවේදීන් මේ ගැන ප්‍රශ්න කළ විට පිළිතුරු නොදී සිනාසෙමින් පිටව ගියේය. මේ දිනවල ප්‍රංශයේ සිදුවන ත්‍රස්තවාදි ප්‍රහාර හේතුවෙන් කරණවෑමි විෂය මදකට මතකයෙන් ගිළිහී ගොස් ඇත්තේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේසපාලකය කියන්නේ මොන රටේ වුනත් රට කන එකෙක් තමා ආඉබෝන් !(අ)
මිට වඩා මාසෙකට හරි හම්බු කරපු කට්ටියක් ලංකාවෙත් හිටිය .රටේ වාසනාවට දරුවන්ගේ වාසනාවට,උපදින්න ඉන්න දරුවන්ගේ වාසනාවට අද ඔවුන් බලයේ නැහැ (අ).
ටිකිරි බණ්ඩා ඔයාගේ කතාව හරි .දැන් ඒ හොරු ටික තමයි පාද (ඩ )යාත්‍රා යන්නේ . මට දුක හොරු පස්සේ යන අහිංසක මෝඩ මිනිස්සු ගැනයි .කමක් නැහැ එහෙම කට්ටියකුත් ඉන්න එපැයි .නැත්නම් හොරු ටික විතරයි යාත්‍රා කරන්නේ .(අ)
එ කියන්නේ ලංකාවේ ජනාධිපති වෙනවට වැඩිය ප්‍රංශයට ගිහින් බබර් කෙනෙක් වෙන්න තියෙනවා නම් වඩා හොඳයි වගේ?(අ)
මේවා මොනවද? සතියට දෙකට, බිලියන ගණන් හම්බ කරපු, මහා බැංකු අධිපතිල එයාල රැකපු ලොකු තැන හිටපු හිටපු රටවල් තියෙනවා (අ)
දේශපාලකයෝ කියන අය සාමාන්‍යයෙන් තමන් පාලනය දන්නේ නැති උදවිය. සාමාන්‍ය ජනතාව රවටලා ඔවුන්ගේ රුධිරය උරාබොන ජාතියක් (නි)
බලනකොට එහෙයි මෙහෙයි කියලා වෙනසක් නැහැනේ (නි)
ලංකාවේ රජවරු නම් තමන්ගේ බාබර් තනතුරට ගත්තේ අති විශ්වාසවන්තයෙක්. පඩි ගෙවුවේ ගම් නියම්ගම් පිටින්. (නි)
ලක්ෂ 16 නොවෙයි, කෝටි ගානක් ගියත් අපි ඒ සල්ලි දෙනවා. මේ අය ප්‍රංශයේ දුප්පත් මිනිසුන්ටත් සළකනවා (නි)
අපේ රටේ කොයි දේශපාලුවත් කරන්නේ ව්‍යාපාරයක්. ඔවුන් ඒ සඳහා මෝඩයෝ රැලක් හදාගෙන ඉන්නවා. මේ මිනිස්සු කවදාවත් යහපත් රස්සාවක් කරලා හම්බ කරන්න කැමති නැහැ. (නි)
දැන් කෝටි 287 ක් හොරකම් කරපු හැටි අතටම අහුවෙලානේ ඉන්නේ. යාත්‍රාවෙන් පසු යාත්‍රාවේ ඉස්සරහින් යන සමහර කට්ටිය වැලිකඩ, මැගසින්, බෝගම්බර, මහර දක්වා පාද යාත්‍රාවට එක්වේවි (නි)
ටිකිරි බණ්ඩා,මහේෂ්ලා වගේ අය ශ්‍රී ලංකාවේ ජීවත්වන නිසා ශ්‍රී ලංකාව එක තැන පල්වෙනවා (නි)
දේශපාලනයේදී එක එක පැති ගෙන රණ්ඩු වීම බැනවැදීම මෝඩ කමක් , මොන පක්ෂය වුනත් මොන රටේ වුනත් දේශපාලකයන් අවංක නැහැ , එහෙත් රටත් කාල වැනසෙන දේශපාලකයන් ඉන්නවා , රටත් හදන ගමන් තමන් හැදෙන දේශපාලකයනුත් ඉන්නවා (බ)
සනත් ගුණවර්ධන මහතා කී සේ හිටපු මහින්ද රාජපක්ෂ රටත් හදන ගමන් ඔවුනුත් හැදුනා. දැන් රටත් කනවා, ඔවුන් පමණක් හැදෙනවා. වෙනස එපමණයි (නි)
අපේ අය නම් බාබර්ලට දුන්නේ නැහැ. ඔක්කොම එයාලම ගත්තා. නෑයන්ට දුන්නා. මුළු පරපුරටම දුන්නා. වෙනස එයයි (නි)
යහපාලන රජයට මේවා හොඳ ආදර්ශ. කතාව හා විවේචන නවතලා වැඩ පටන් ගනිමු. (නි)