ඉරානය හොර රහසේ පරමාණු බෝම්බ නිපදවනවාදැයි සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ පරමාණුක ශක්ති අධිකාරියේ නිලධාරීහු පිරිසක් ඊයේ (29) ඉරානයට පැමිණියහ. ඔවුන් එසේ පැමිණියේ ඉරාන ජනාධිපති මහම්මුද් අහමදිනෙජාද්ගේ විශේෂ ආරාධනාවක් සහ ඉල්ලීමක් සැලකිල්ලට ගෙනය. ඉරාන ජනාධිපති, පරමාණුක ශක්ති අධිකාරියෙන් ඉල්ලා ඇත්තේ තම රටට ඇවිත්, කැමැති විධියකට පරීක්ෂණ පවත්වා සත්‍යය කුමක්දැයි අවබෝධ කර ගන්නා ලෙසය. එ.ජා. නියෝජිත පිරිසට ඔවුන්ගේ රුචිකත්වය සහ ඉල්ලීම පරිදි ඉරානයේ ඕනෑම තැනකට ගොස් පරීක්ෂණ කටයුතු පැවැත්වීමට අවසර දෙන බවට ද ජනාධිපති මහම්මුද් අහමදිනෙජාද් සහතික වී ඇත. ඇමෙරිකාව, ඊශ්‍රායලය, බි්රතාන්ය ප්රමුඛ බටහිර රටවල් චෝදනා කරන්නේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනට මුවා වී විනාශකාරී පරමාණු බෝම්බ නිපදවන බවය. එම හේතුව නිසාම ඉරානයට සම්බාධක පැනැවීම් ද සිදු කර තිබේ.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd