පාරේ සුළුදිය පහකරන්නවුන්ට දඩුවම් දීමට අලූතින්ම නීති ගෙන ඒමට බ්‍රිතාන්‍යයේ බ්‍රයිටන් පොලිසිය සැරසෙයි .
නව නීති ප්‍රකාරව පාරේ සුළුදිය පහකරමින් සිටියදී අසුවන්නන්ට බාල්දියක් හා කොස්සක් දෙනු ඇත.එම ස්ථානය පිරිසිදු කර මිස ගැලවී යෑමට නම් නොදෙන බව බ්‍රයිටන් පොලිසිය කියයි.මීට අමතරව පවුම් 80 ක (රුපියල් 15280) දඩයක්ද වරදකරුවන් හට නියම කැරේ.
විනෝදකාමීන්ගේ පාරාදීසයක් වන බ්‍රයිටන් නගරයේ පවතින තැබෑරුම් වලින් හොද හැටි රහමෙර පානය කර පැමිණෙන්නවුන් මහමග යනෙන අනෙක් අයට අපහසුතා ගෙන දෙන ලෙස හැසිරීමේ ප්‍රවණතාවක් දුටු බැවින් මෙවැනි නීතියක් ගෙන ඒමට තීරණය කළ බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සුළු දිය හොරෙන් පහකළාට බුලත් කෙළ නම් හැමතැනම ගහනවා. (නි)
වැඩේ නම් නියමයි. (නි)
මේ ක්‍රමය ලංකාවේත් ක්‍රියාත්මක කළා නම් නේද හොද? (නි)
නියම දඩුවම් ක්‍රමයක් තමයි ඒක (දී)
ඒකියන්නෙ දැන් ලංකාවෙ අය එහෙම කරන්නෙ නැද්ද?? (නි)
නීතිය සහ සාදචාරය අනුව තමයි කුමන රටක් වුණත් පාලනය වන්නේ. (නි)
ආපෝ! ලංකාවේ බස් නැවතුම් වලට ගිහිල්ලා බලන්නකෝ. (නි)
මුදිත මොනවද මේ කියන්නේ? මෙහේ තත්ත්වය දැනගන්න පිටකොටුව පැත්තේ පොඩ්ඩක් ඇවිදලා බලන්නකෝ. (නි)
මේවා හුගක් කරන්නේ සුද්දො. පිටින් ගිය අය නෙමෙයි. ලංකාවෙ කට්ටිය සුද්දාගෙ රටේ කරන්නෙ නැහැ. හැබැයි ලංකාව තමයි කැත කරන්නේ (නි)
බලන්න තරුණයෝ කාලා බීලා ජොලියේ ඉන්න ලස්සන.(නදී)
නියම දඩුවම (දී)
මෙම නීතිය ලංකාවටත් හදුන්වා දෙන්න. සමහර අය වත්තේ වැසිකිලිය තියෙද්දී ගෙදර බිත්තියට ඔය වැඩේ තරනවා.(නදී)
බෙල්ජියම, නෙදර්ලන්තය වැනි රටක කැළයකවත් මෙය කළ නොහැකියි. (නි)
මේ වගේ වැඩ වලට දඩුවම් දුන්නහම ඒ වගේ වැරදි නොකර ඉදි (දී)
අපේ රටේ නම් රුපියල් 10යි. හැබැයි පෝළිමේ ගිහිල්ලා ඇතුළට යන්න ඕනෑ. (නි)
අධිරාජ්‍ය යුගයෙන් පස්සේ තමා අපේ අයටත් සුද්දා වෑඩේ කරන හෑටි කියලා දුන්නේ.අපේ රටවලත් ජනාකීර්ණ ප්‍රදේශ වලට වෑසිකිලි සාදාදී නීති දෑම්මනම් තමා හොද.(නදී)
සුද්දෝ පුසිද්දියේ මෙහෙම හැසිරුනාට. ලංකාවෙ නම් ඔක්කොම කරන්නේ හොරට.(නදී)
අපේ අය දන්නේ සුද්දන්ට බනින්න විතරයි. බලන්න කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න. නියම නීතිය.(නදී)
බලන්න පින්තූරෙ දිහා කොච්චර නිදහස්ද කියලා. (නදී)
මේවා කොයි රටේ කෙනෙක්ගේ වැඩක්ද? (නදී)
මේවා කරන්නේ එංලන්තෙට පිටින් ගිය අය.(නදී)