පකිස්ථානය ප්‍රහාරවලින් තොර රටක් බවට පත් කරන බවට අගමැති නවාෆ් ෂරීෆ් සපථ කරයි. පෙෂාවාර් හිදී පාසල් සිසුන් 132 ක් ඇතුළු 145 දෙනකු ඝාතනය කිරීමෙන් පසුව ඔහු එසේ පැවසුවේ තලෙයිබාන් උවදුර පිටුදැකීමට එක්වන ලෙසයි. සිසුන්ගේ හැම ලේ බිඳුවකටම ත්රස්තවාදීන්ගෙන් පළිය ගන්නා බවද ඔහු කීවේය.
පකිස්තානයේ පෙෂාවාර් ප්‍රදේශයේ පකිස්තාන ආරක්ෂක අංශ පාලනය යටතේ පවතින පාසැලකට එල්ලවුණු තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 145 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
පාසල් ළමුන් 132 ක්, කාර්ය මණ්ඩලයේ 10ක් හා සෙබළුන් 3 දෙනෙක් ඒ අතර වෙති.
තවත් දරුවෝ 122 ක් පමණ බරපතල තුවාළ ලබා සිටින බවද සඳහන්ය.
ප්‍රහාරයෙන් පසුව නිවේදනයක් නිකුත් කළ පකිස්තාන තලේබාන් සංවිධානය පවසා සිටියේ පසුගිය සමයේ උතුරු වසිරිස්තාන ප්‍රදේශයේ පකිස්තාන ආරක්ෂක අංශ දියත් කළ මෙහෙයුම් වලින් මරුමුවට පත්වූ තම සාමාජිකයින් හා ඔවුන්ගේ දරුමල්ලන් වෙනුවෙන් පළිගැනීමට මෙය සිදුකළ බවයි.
පකිස්ථාන දැරිය මලාලා යූසොෆ්ෆායිට නොබෙල් සාම ත්‍යාගය ලබාදීමට විරෝධය දැක්වීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතුවක් වූ බව ත්රස්තවාදීහු කියති.
දැනට අනාවරණයව ඇති තොරතුරු වලට අනුව ප්‍රහාරය එල්ලවූ දිනයේ පාසැලේ හදිසි අවස්ථාවකදී ප්‍රථමාධාර ලබාදීම සම්බන්ධයෙන් වැඩමුළුවක් පැවැත්වී තිබෙන අතර එයට සහභාගීවන්නට පැමිණි ආරක්ෂක අංශ සාමාජිකයින් මුවාවෙන් තලේබාන් ත්‍රස්තයින් පාසැලට ඇතුළුවී තිබෙන බවට සැකකෙරේ. පකිස්තාන ආරක්ෂක අංශ වලට අයත් ඇගලූම් ඇඟලාගෙන සිටි නිසා ඔවුන්ව පාසැලේ ගේට්ටුවේදී පරීක්ෂා කෙරී නැතැයිද හෙළිව තිබේ.
ප්‍රහාරයෙන් දිවිගලවාගත්තවුන් පවසන ආකාරයට අවි අමෝරාගෙන වැඩමුළුව පැවැත්වෙමින් තිබූ ප්‍රධාන ශාලාවට ඇතුළුවූ මේ පිරිස දුටු සියලූදෙනා මුලින් සිතා ඇත්තේ ඔවුන්ද වැඩමුළුවට සහභාගීවීමට පැමිණි ආරක්ෂක අංශ සාමාජිකයින් බවය.නමුත් එක්වනම ඔවුන් වෙඩි තැබීමට පටන්ගෙන ඇත.
වෙඩිතැබීම සිදුවන අතර මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් පාසැලේ තවත් පන්තිකාමරයකට ඇතුල්වී බෝම්බය පුපුරුවාගෙන සියදිවිහානි කරගෙන ඇත. එයට හසුව මියගිය සිසුන් 60 දෙනෙකුගේ සිරුරු පසුව හමුවිය.
වෙඩි තබමින් සිටි සාමාජිකයින් පාසැලේ ගුරුවරුන්ව කුදලාගෙන ගොස් ඔවුන්ව පුටුවලට තබා ගැටගසා ඔවුන් මත පෙට්‍රල් වත්කර සිසුන් ඉදිරියේම එම ගුරුවරුන්ට ගිනිි තබා තිබේ. තමන්ට ශිල්ප ඉගැන්වූ ගුරුවරුන්ට වේදනා විදිනු දකිමින් තමන්ගේ අවසානයද ඉක්මනින්ම ළගා වනු ඇතැයි සිතමින් සිටි අයුරු වචනවලින් විස්තර කළ නොහැකි බව දිවි ගලවාගත් සිසුහු කියති.
ඉවක් බවක් නොමැතිව ත්‍රස්තයින් තැබූ වෙඩි ප්‍රහාර වලට හසුව තම සගයින් ඇදවැටෙද්දී ඇතැම් සිසුන් ඩෙස්බංකු යට රිංගාගෙන ආරක්ෂාව සළසාගෙන තිබේ.ඔවුන්ද එළියට ඇද වෙඩිතබන්නැයි කණ්ඩායමේ නායකයා යැයි සැළකිය හැකි පුද්ගලයෙක් උපදෙස් දුන් බවත් අනතුරුව එසේ සැඟවී සිටි තම මිතුරන්ද එළියට ඇද ඝාතනය කිරීම පටන්ගත් බවත් සිසුන් කියයි.
මේ මහා සංහාරය පැය තුනකට අධික කාලයක් සිදුවුනි.
මේ වන විට ආරක්ෂක අංශද පාසැලට ඇතුල්වී සිටි අතර පාසැල ත්රස්තයින්ගෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට ඔවුන්ටද හැකිවූයේ තවත් පැය ගණනකට පසුවය.ත්රස්තයෝ නව දෙනෙක් ආරක්ෂක අංශ වල ප්‍රහාර වලට ලක්ව මියගොස් තිබුණහ.
ත්‍රස්තයින් පාසැලට කඩාවැදීමට වැඩමුළුවක් පැවැත්වෙමින් තිබූ වේලාවක් තෝරාගත්තේ කෙලෙසදැයි සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වල අවධානය යොමුව තිබේ.ඔවුන්ට පාසැල අවට කවරෙකු හෝ මේ තොරතුරු ලබාදෙන්නට ඇතැයි දැනට සැකකෙරෙන අතර එය පදනමේ සිට මේ වන විට ඉස්ලාමික පූජකයින් දෙදෙනෙකු හා තවත් 27 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පකිස්තාන ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
තලේබාන් ඉලක්ක වෙත ගුවන්ප්රහාර එකපිටඑක එල්ල කෙරෙමින්ද පවතී.
බොහෝ රාජ්‍ය නායකයින් මේ ප්‍රහාරය හෙළා දකිමින් අදහස් පළ කර තිබුණු අතර ඔවුහු සියලූදෙනාම අන්තවාදය සම්පූර්ණයෙන්ම විනාශ කළ යුතුයැයි යන මතයේ සිටියහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊලග ආත්මයේදී මොන විදියට පව් ගෙවන්න සිද්ධවෙව්ද දන්නේ නැහැ (නි)
පිටබැද්දර ජයාට ස්තූතියි,සීමිත කොටසකගේ වෛරයට පාත්රවී සිටන,ත්‍රස්තවාදින්ගෙන් රට බේරාගත් ඒ බුද්ධිමත් ශ්‍රේෂ්ඨ එඩිතර ජෙනරාල්තුමාව සිහිපත් කිරිම ගැන.(හේ)
මුන් නැති කරන්න නම් අපේ ආරක්ෂක අංශස වලට රට බාරදෙන්න ඕනා (නදී)
අපේ සහෝදරවරුනි, මේවා ගැන හොඳින් ඇස් අර බලනු. අපි හැමෝම මේවා පිටු දැකිය යුතුයි (නදී)
ඒකනම් හොද අදහසක්.(හේ)
පිටබැද්දර ජයා .ඔබගේ කතාව සහතික ඇත්ත.(හේ)
පේනවා නේද තලේබාන්කාරයන්ගේ වැඩ? දැන් අපේ සමහර අයට තේරෙනවද බටහිර හමුදා කරපුවා හරිද වැරදිද කියලා (නි)
ත්‍රස්තවාදය මේ ලෝකෙන්ම තුරන් කළ යුතුයි.(හේ)
මෝහයෙන් මුලාවෙලා සිටින මේ අධමයන් තමන්ගේම මිනිසුන් මේවිදියට මරයිනම්. අපිගැන කවරකතාද? දැන් දැන් මේ නරුමයන් ලංකාවට කරන්න හදන්නෙත් මේටිකම තමයි. ඉක්මන් වෙයල්ලා එකමුතුවෙයල්ලා. (අ)
කිය කිය ඉදලා වැඩක් නැහැ ෂරීෆ් මහත්තයෝ කරලම පෙන්නන්න. (නදී)
නුඹලාට හදවතක් නැද්ද මිනිසුනි? (නි)
ලෝකයේ හැම දේශපාලන නායකයෙක්ම මේවට වගකියන්න ඕනේ. ආගම යන නමට මුවාවී මිනි මරණ, තමන්ගේ ජාතිය සහ ආගම පමණක් ලෝකයේ පවතින්නට ඕන බව කියන මේ ත්රස්තයන් ලෝකයෙන් තුරන් කරන්න ලෝක නායකයන් ලෙස කියාගන්නා මිනිසුන් නිහඩව ඉන්නේ මොකද? (නදී)
පිටබැද්දර ජයාගේ කතාව තමයි දවසේ කියමන (නි)
මට නම් පුදුම වේදනාවක් මේ දරුවන් දකිනකොට හිතට එන්නේ. (ර)
පිටබෙද්දර රජා එතකොට මේ රට නිදහස් කරගත්තු කෙනා ඉන්නේ ඔහේගේ ගෙදරද? (නදී)
නොදරුවනි හිත් පිත් ඇති මිනිසුන් අතර නුබලා යලි ඉපදේවා. (ර)
නවාස් සේරිෆ් අගමැති තුමනි , උදවු උවමනා නම් අපට කියන්න. ලොවම මවිත කල නිර්භීතම, ශ්‍රේෂ්ට එඩිතරම ජෙනරාල් තුමා ඉන්නේ අපේ රටේ. (නදී)
ත්‍රස්තවාදය මුළු ලෝකයෙන්ම අතුගා දැමිය යුතුයි. (ර)
අමතක කරන්න එපා අපිත් ඒ වගේ කාලයක් පසු කල බව. අපි ඒ අතින් වාසනාවන්තයි. නැවත ඒ වගේ යුගයක් ඇති නොවෙන්න හැම දේශපාලන නායකයෙක්ම කටයුතු කරනවා නම් අපේ මේ පුංචි රට ගැන ලෝකයට ආඩම්බරයෙන් කියන්න පුළුවන් වෙයි තවත් අවුරුදු සිය ගානක්. (නදී)
වපුරන දේ නෙළාගත යුතුය (නි)