වයඹදිග පාකිස්තානයේ පෙරේදා(22) පැවැති දේශපාලන රැස්වීමකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් එරට පළාත් ඇමැතිවරයකු ඇතුළු පුද්ගලයන් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
අවාමි ජාතික පක්ෂය විසින් කයිබර් පටුන්ක්වා පළාතේ අගනගරය වන පෙෂාවොර්හිදී පැවැත් වූ දේශපාලන රැස්වීමකට මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල විය. ඒ වන විට ප්‍රදේශීය නායකයන් ඇතුළු පුද්ගලයන් සියයක් පමණ එම රැස්වීමට සහභාගීවෙමින් සිටියහ.
කයිබර් පළාතේ මහඇමැතිවරයාගේ දෙවැනි අමාත්‍යවරයා ලෙස සැලකෙන බෂීර් බිලූර් ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්විය. එම අමාත්‍යවරයා අයත් අවාමි පක්ෂය සැලකෙන්නේ පාකිස්තානයේ ත්රස්තවාදයට එරෙහිව කටයුතු කරන පාර්ශවයක් ලෙසයි.
බෝම්බ ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය බාරගෙන ඇත.
මීට සතියකට ඉහතදී අවි ආයුද සන්නද්ධ තලේබාන් කැරැලිකරුවන් පිරිසක් පෙෂාවෝර් ගුවන්තොටුපොළට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ ද පාකිස්තාන ආරක්ෂක අංශ විසින් එම උත්සාහය ව්‍යර්ථ කෙරිණි. සිද්ධියෙන් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ප්‍රහාරයෙන් මියගිය හැටනව හැවිරිදි ඇමැති බිලූර් දැඩි තලේබාන් විරෝධියෙකි. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඇමැතිවරයා අර්බබ් අයුබ් රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව මියගියේය. සිද්ධියෙන් මියගිය ගණන 17කි. බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ එම රැස්වීමේ උච්චතම අවස්ථාවට පැමිණි අවස්ථාවේදී බව පෙෂාවොර් පොලිසිය පවසයි.
ඇමැතිවරයාගේ මරණය සැල වූ වහාම පාකිස්තාන අගමැති රාජා පර්වෙස් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළේය.
ඉකුත් සැප්තැම්බර් මාසයේදී මැදපෙරදිග කලාපය කැලඹූ ඉස්ලාම් විරෝධී චිත්‍රපටය නිෂ්පාදනය කළ පුද්ගලයා මරා දමන්නෙකුට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් දෙන බවට පවසමින් ජාත්‍යන්තර අවධානයට ලක් වූ පාකිස්තාන දුම්රිය ඇමැති ගුලාම් බිලූර්, ඇමැති බෂීර්ගේ සහෝදරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පුවතක් (ස)
මධුටද අනාගතයේ මෙවැනි අත්දැකීමකට මුහුණ දීමට අවස්ථාව උදාවේවායි අපි ප්‍රාර්ථනා කරමු. (නි)
තව අවුරුදු 20කින් විතර ලංකාවෙත් මෙහෙම දේවල් අහන්න ලැබෙයි. (නි)
මුතුකුඩගේ පැතුම සඵල වේවායි මම පතමි..!(නු)
අනාගතේ ලංකාවෙත් මෙහෙම වෙයිද?(නු)
මෙයාලත් එක්ක මොන සහජීවනයක්ද? (නි)
ලංකාවේ ඉන්න කට්ටියටත් මේකම වුණ කාලයක් තිබුණා. (නි)
ඇයි මධු, අවුරුදු 20ක අතීතය අමතකද? මම හිතන්නේ ඔයා ඉපදිලා නැතිව ඇති. බබාලට මේවා කොහොමත් තේරෙන්නෙ නැහැ. (නි)
මුතුකුඩට මොකෝ මෙච්චර අමාරු? ඔයා වෙන ප්රවෘත්ති කියවන්නෙ නැද්ද? (නි)