හතලිස් හය දෙනකුට මරු කැඳවමින් පෙරේදා (24) සවස පාකිස්තානයේ බලූකිස්තාන ප්‍රාන්තය කැළැඹූ අති ප්‍රබල භූකම්පනයෙන් පසු, අරාබි මුහුදේ ග්වඩාර් වෙරළ තීරයට ඔබ්බෙන් කුඩා දුපතක් දකින්න ලැබෙන බව භූ විද්‍යාඥයෝ පවසති.
ග්වඩාර් වෙරළ තීරය පිහිටා ඇත්තේ, බලූකිස්තාන ප්‍රාන්තයට ඔබ්බෙන් අරාබි මුහුද ආශි‍්‍රතවය.
භූමි කම්පාවක් යනු පෘථිවි අභ්‍යන්තරයේ ඇති භූ තැටි එකිනෙක ගැටීමය. ප්‍රබල භූමි කම්පා හටගන්නා ඇතැම් අවස්ථාවලදී පස් තට්ටු ඉහළට මතුවීම ස්වභාවික කි‍්‍රයාවලියකි.
මීට වසර 60 කට පෙර ද මේ අයුරින්ම අරාබි මුහුදේ කුඩා දුපතක් ජලයෙන් ඉහළට මතු වුණු බවත් ටික කලයකට පසු එය යළි මුහුදු පතුළට කිඳා බැස ගිය බවත් භූ විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.
බලූකිස්තාන ප්‍රාන්තයේ හටගත් එම භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 7.7 ක් යැයි සඳහන් විය. භූමි කම්පාවේ හේතුවෙන් පාකිස්තානයේ ප්‍රධාන වෙළෙඳ නගරය වන කරච්චියේ ගොඩනැගිලි පවා දෙදරා යන්න විය. කරච්චි වැසියෝ මහත් සේ බියට පත් වූහ.
භූමි කම්පාවේ ප්‍රබලත්වය ඩුබායි සහ ඉන්දියාවේ නවදිල්ලි නුවරට පවා දැනුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
භූමි කම්පාව හටගත්තේ පාකිස්තාන වේලාවෙන් සවස 4.29 ට පමණය. පිටිසරබඳ ගම්මාන රැසක නිවාස භූමි කම්පාවෙන් මුළුමනින්ම විනාශයට පත් වුණේ යැයි එරට මාධ්‍ය වාර්තා කියා සිටී. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ කිලෝ මීටර් 20 ක් ගැඹුරින් බව ද වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අලුතින් මතුවුණු දූපත වගේම ලංකාවට වයඹ දිගින් ඈත, අත්ලාන්තික් සාගරයේ යුරෝපා අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි තමුන්ම මහා යැයි කියාගන්නා බ්‍රිතාන්‍ය දූපතුත් නිකන්ම නිකන් මඩ ගොඩක් පමණක් බව වටහා ගැනීමට මෙය හොඳ අවස්ථාවක්. (ස)
ලෝක සාමය කඩ කරන ,තැන තැන ගැටුම් ඇති කරන අන්තවාදීන් ටික ඔය දුපතට දැම්ම නම් හරි අරාබියවටත් කිට්ටුය් නේ.(අ)
අපේ කච්චතිව් දුපතත් වෙන තැනකින් මතු උනානම් ප්‍රශ්න ඉවරයි (අ).
කවුද දන්නේ මැණික් ඉල්ලමක් ද කියලා හොයලා බැලුවෙත් නරකද (අ)
අපිට මොකෝ අනේ අපේ ගේ ගාව මතු උනා නම් මොකක් හරි කරන්න තිබ්බා.(නදී)