සංක්‍රමණිකයින් වෙනුවෙන් එරට දොර විවර කර තැබීමේ ජර්මන් ප්‍රතිපත්තිය හමුවේ මේ දක්වා අත්පති‍්‍රකා හා පෝස්ටර වලට සීමාවී සිටි නාසිවාදී කි‍්‍රයාකාරීන් හා දේශපාලඥයින් ප්‍රසිද්ධියේම තම කටයුතු වල නියැලෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
පිරිසිදු තනි ජාතියකට ජර්මනිය උරුම බව විශ්වාස කරනා මොවුන් පිළිපදින්නේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ දේශපාලන දර්ශනයයි.
නාසිවාදී කි‍්‍රයාකාරීන් ජර්මනියේ සිටින සංක්‍රමණිකයින්ට එරෙහිව සිදුකළ ප්‍රහාර රැුසක් පසුගිය සමයේ වාර්තා විය. බරපතලම සිදුවීම වූයේ සංක්රමණියකින් වෙනුවෙන් පෙනී සිටි ප්‍රාදේශීය දේශපාලඥයකු නාසි කි්රයාකාරියෙකුගේ පිහි පහරට හසුව මරණීය තුවාළ ලැබීමයි.
සංක්රමණියකු දුටු විට යන ගමනද නවතා ඔවුන්ට හිරිහැර කිරීමටත්,ඔවුන් ජීවත්වන නිවාස වලට පුපුරණ ද්‍රව්‍ය විසිකිරීමටත්, අවස්ථාවක් ලද තැන ඔවුන්ට දරුණු ලෙස පහර එල්ල කිරීමටත් මෙම නාසිවාදීන් කටයුතු කරන බව ජර්මන් මාධ්‍ය වාර්තා වල දැක්වේ.
නාසිවාදී දේශපාලඥයින්ද ඔවුන්ගේ දේශපාලන මතය ජනතාව අතරට ගෙනයාමේ කටයුතු වල වෙනදාට වඩා සකී‍්‍රය ලෙස නියැළී සිටින බවද එම වාර්තා වල සඳහන්ය.
ඇන්ජෙලා මර්කෙල් ජර්මන් ජනපතිනිය උද්ගතව ඇති වාතාවරණය දෙස උපේක්ෂාසහගතව බලා සිටින බවත් දැකගත හැකිය.මෙයින් ජර්මනියේ යහපත් හා අයහපත් මිනිසුන් හඳුනාගැනීමට හැකිවනු ඇතැයිද මේ සියල්ල ජර්මනියට යහපත් වන පරිද්දෙන් නිමාව දකිනු ඇතැයිද ඇය වරක් කීවාය.
නමුත් දිනෙන් දින ඉහළ යන ප්රචණ්ඩත්වය හමුවේ ජර්මනිය නැවත වරක් අඳුරු යුගයකට තල්ලූ වනු ඇතැයි විචාරකයෝ බිය පළකරති.

![2E1ACB8D00000578-3303852-She_was_campaigning_in_the_city_of_Cologne_to_become_mayor_when_-a-22_1446657778284[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/2E1ACB8D00000578-3303852-She_was_campaigning_in_the_city_of_Cologne_to_become_mayor_when_-a-22_14466577782841.jpg)
![2E1ACD1B00000578-3303852-image-a-3_1446657219520[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/2E1ACD1B00000578-3303852-image-a-3_14466572195201.jpg)
![2E1ACD5300000578-3303852-image-a-6_1446657237267[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/2E1ACD5300000578-3303852-image-a-6_14466572372671.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජර්මනි මුළු ජනගහනය ගත්විට නාසිවාදී අදහස් දරන ය ඉතා සුළු පිරිසක්. බහුතරය මෙම සරණාගතයන්ට පිහිට වෙති. සමහර සරණාගත කඳවුරු වල සිටින විවිධ ජාතීන්ට අයත් සරණාගතයින් අතරත් පිහි ඇනුම්, ගැටුම් වාර්තා වී ඇත. (ම)
ජර්මනිය එක්සත් ජාතික සංවිධානය පිළිගෙන තිබෙන්නේ 'ජර්මන් ෆෙඩරල් ජනරජය' ලෙසයි. අපි ඉදිරියට යන්නට නම් චීනය වගේ මේ රහස දැනගත යුතුමයි. හැබය් 'ෆෙඩරල්' රටක් හැටියට ඔවුන්ගේ අත්දැකීම් නම් කොහෙත්ම සතුටුදායක නැති බව ජර්මන් පාලකයන් කෙසේ වෙතත් නිලධාරී තන්ත්රය අවබෝධ කරගෙන තිබෙනවා කියන අත්දැකීමයි මට තිබෙන්නේ. (නි)
සෞදි අරාබියේ මිලියන ගානකට නැවතීමේ පහසුකම් සහිත සුඛෝපභෝගී තාවකාලික නිවාස දහස් ගානක් තිබෙනවා. ඒවා පාවිච්චි කරන්නේ වසරකට මාස දෙකයි. මේ සරණාගතයන්ට එහෙ පහසුවෙන් ඉන්න පුළුවන්. (නි)
ඔය සරණාගතයින් සමෘද්ධිමත් අරාබි රටවල් වෙත නොයන්නේ ඇයි? (නි)
දැනට දශක හතරකට පමණ පෙර පැමිණි අරාබි සංක්රමිණික නායකයෙක් ඊළඟවර මෙහි එනවිට මෙය ඔවුන්ට අයිති රටක් වියයුතුයි යනුවෙන් පවසා ගියා. හැබැයි ඔහු අකාලයේ මියගියා. (නි)
ජර්මනියේ ආර්ථික තත්වය බිඳ වැටෙන්නට ඉඩනොදී එය මැනවින් හසුරුවීමේ ශක්තිය, යෝධ බලය දරා සිටින්නේ ජර්මනියේ "යකඩ ගැහැණිය" ලෙස නම් කළ හැකි ඇන්ජෙලා මර්කල් චාන්සල්වරියගේ දෙවුර මතිනි. (නි)
පිටිගල මිලානෝගේ අදහස් රූපවතීගේ අදහස් වලට සමානයි (නි)
හොඳ ලිපියක් (නි)
ඕවට තමා කියන්නේ අහකයන නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කියන එක (බ)
පාඩුවේ සිටි රටවල් අරාබි සංක්රමිණිකයෝ ගෙන්නාගෙන මුළු රටම විනාශ කරගත්තා! (නි)
ඔය කියන සංක්‍රමණික ජාතිය ලෝකේ කොහේ හිටියත් එකයි (ම)
අපහට සිදුවී ඇති කරුමය නම් අන් සියලුම ජාතීන් ජාතිවාදී වුවත් අපට ඒ බව නොතේරීමය. (ම)
සහන්, ජර්මනියේ බොහෝ අය මොවුන් ප්‍රතික්ෂේප කරනවා. ජර්මන් ජාතික බහුතරය ජාතිවාදී නොවේ. (නි)
ජර්මනියේ අතිබහුතරය නාසිවාදයට විරුද්ධයි. (නි)
මුළු යුරෝපයම ආර්ථිකව කඩාවැටෙද්දීත් යම් තරමකට ස්ථාවරව තිබූ ජර්මනියේ ආර්ථිකය සහ සමාජමය ස්ථාවරය නැතිවේයැයි කියා ජර්මන් ජනතාව ටිකක් කලබලවෙලා ඉන්නේ. (නි)
බලනකොට අපේ රට මොනතරම් හොඳද? (නි)
හොඳ හෙළිදරවුවක් (නි)
ජර්මනිය යුරෝපා හවුලේ රටවල් වැඩිකර ගනිමින් දියුණු යුරෝපයක් කරා යන්න කටයුතු කරන්නේ එහි දියුණුව මගින් අනෝන්‍යව තම රට යුරෝපයේ අංක එකට එන බව දැනගෙනය. ඒ සඳහා ජර්මනිය උපරිම දායකත්වයක් යුරෝපා හවුලේ රටවලට දෙනු ලබයි. බ්‍රිතාන්‍ය මේ ගැන කණස්සල්ලෙන් සිටිනා බව ලොවට හෙළිවුණේ ග්‍රීසිය වැටීමේදී සියලු රටවල් ග්‍රීසියට මුල්‍ය ආධාර සපයන්න ජර්මනිය ගෙන ආ යෝජනාවට බ්‍රිතාන්‍යය පස්ස හැරවූ විටයි. කෙසේවෙතත් යුරෝපයේ තිබෙන දියුණුම රට ජර්මනියයි. (නි)