කයිරෝ අගනුවරට රැස්ව සිටින ලක්ෂ දෙකකට වැඩි විරෝධතාකරුවන්ගේ හඬට කන් දී, වහාම ධුරයෙන් ඉවත් වන්නැයි ඊජිප්තු හමුදාව එරට ජනපති
|
ජනපති මොර්සි |
මොහොමඞ් මොර්සිට අනතුරු අඟවා තිබේ.
පැය 48 ක් ඇතුළත ජනපති ධුරයෙන් වහා ඉවත් වීමට කටයුතු කරන ලෙසටත් එසේ නොකරන්නේ නම්, කුමන්ත්රණය කර ජනපති මොර්සි බලයෙන් නෙරපා දමන බවටත් හමුදාව අනතුරු අඟවා ඇත.
ජනාධිපති මොර්සි හඳුන්වා දී ඇති නව දේශපාලන ප්රතිසංස්කරණ සහ නව නීති ජනතාවගේ අප්රසාදයට හේතුවක් වී ඇති අතර විරෝධතා පැවැත්වෙන්නේ ඔහු ජනපති ධුරයට පත් වී වසරක් ගත වෙද්දීය.
විරෝධතාකරුවන් මේ වනවිට ජනපති මොර්සිගේ ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂයේ මූලස්ථානයටත් සෙසු පක්ෂ කාර්යාලවලටත් පහර දී ගිනි තබා ඇතැයි ද පැවැසෙයි.
|
තරීර් චතුරස්රයට රැස්ව සිටින විරෝධතාකරුවෝ |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හමුදාවට රට ගැන දැන් මේවගේ කැක්කුමක් නැද්ද (ත)
අනේ අනේ අචිනි, අපේ හමුදාවට රට ගැන තිබ්බ කැක්කුම නිසා නෙමෙයිද කොල්ලෝ ලක්ෂ ගනනකගේ ජීවිතේ පුජා කරලා අපේ රට බේරාගත්තේ? ඒ ටිකම මදිද ඔයාට? (නි)
අචිනි : මේ කැක්කුම එන්නේ ඔයාලා වගේ අය ගැන... මංගල සමරවීරගේ එස්.එම්.එස් 5000 පච බලකායටනම් මෙහෙම හිතෙනවා ඇති.(නදී)
අපේ මිනිස්සුන්ට උදේ කාපු දේ දවල්ට අමතක වෙන එකේ ඕකත් අහන්න දෙයක්ද දිල්? (නි)
මේ තහ්රිර් චතුරශ්රය නෙමෙයි. මේ ඇලෙක්ෂ් සැන්ඩ්රා වගේ මුහුද ආශ්රිත පැත්තක්.(නදී)
අරාබි වසන්තය නැගලා යනවා නේද? (නි)
දිල්, රට ගැන කැක්කුමක් නැද්ද ඔයාට? (නි)
බල ලෝභී දේශපාලකයන් විසින් මඩ ගොහොරුවක් කළ මේ දේශපාලනයට අවතීර්ණ වීමට අපේ හමුදාවන් නම් කැමති නැත. (නි)
දිල්, එයාල බේරගත්ත රට විනාශ කරන එකෙන් බේරගන්න එක ගැනයි මම කතා කලේ (අ)
අනේ අචිනි ඔයා පව්. තප්පුලන එකේ සීමාවක් තියාගන්න.(නදී)
අචිනි, ඔයා පරණ යූඑන්පී කාරයෙක්ද? මොනවා කරන්නද මෙයා, දුක තමා. (නි)
මෙන්න හමුදා, සහ හමුදා නායකවරු,ආදර්ශයට ගත යුතුයි.(නදී)
අචිනි, කතා කරන්න දන්නෙ නැත්නම් කට වහගෙන ඉන්න (නි)
අචිනි,නිල්මිණි ඊජිප්තුව, ලේබනන් වගේ රට වල නිතරම බල අරගල, ඔය රටවල් වලින් අපිට ගන්න කිසි ආදර්ශයක් නැහැ.(නදී)