භාවනාවේදී සිත ඒකාග්ර කරගන්නවාට වඩා එයට වුවමනා පරිදි දිව යාමට ඉඩ හැරීමෙන් සාමාන්‍ය අවස්ථාවකදී ක්‍රියාකාරී නොවන මොළයේ ඇතැම් ප්‍රදේශ ක්‍රියාත්මක වන්නේ යැයිද එනිසා මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු වන්නේ යැයිද නෝර්වේජියා පරියේෂකයෝ පිරිසක් කියති.
පරීක්ෂණය සදහා පුද්ගලයින් කණ්ඩායම් දෙකක් තෝරාගෙන ඇති ඔවුන් එක් නියැදියකට සිත ඒකාග්ර කර භාවනාවේ යෙදීමටත් අනෙක සිත දිව යාමට ඉඩ හැර භාවනායේ යෙදීමටත් උපදෙස් දී ඇත.
භාවනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් කණ්ඩායම් දෙකෙහි පුද්ගලයින්ගේ මොළයේ එම්.ආර්.අයි පරිලෝකන පරීක්ෂා සටහන් ලබාගෙන ඇති පර්යේෂක පිරිස භාවනාවෙන් පසුවද එම පුද්ගලයින්ගේ මොළයේ එම්.ආර්.අයි පරිලෝකන සටහන් ලබාගෙන එම සටහන් එකිනෙක හා සන්නසන්දනය කර බලා ඇත.
එහිදී දැකගත හැකිව ඇත්තේ සිත ඒකාග්ර කර භාවනාවේ යෙදුණවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය භාවනාවේ යෙදීමට පෙර ඔවුන්ගේ මොළයේ කි‍්‍රයාකාරීත්වය හා සෑහෙන දුරට සමාන වන බවයි.
නමුත් අනෙක් කණ්ඩායමේ පරීක්ෂණ සටහන් සන්සන්දනය කර බැලු විට පරීක්ෂකයින්ට පෙනී ගොස් ඇත්තේ ඔවුන් විවේකීව සිටි අවස්ථාවේ මොළයේ ක්‍රියාකාරීත්වයට වඩා භාවනාවේ යෙදී සිටි අවස්ථාවේ මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ ගොස් ඇති ආකාරයකි.වැඩි වශයෙන් ක්‍රියාකාරීව තිබූ ප්‍රදේශයන් මොනවාදැයි සොයැබැලු විට හෙළිව තිඛෙන්නේ සිතිවිලි උපදීමට හා හැගීම් දැනවීම සදහා වැදගත් වන මොළයේ ප්‍රදේශයන් එසේ වැඩි වශයෙන් ක්‍රියාත්මක වී ඇති බවයි.
මෙම ප්‍රතිඵල තමන්ද පුදුමයට පත්කිරීමට සමත්වූවේයැයි පර්යේෂකයෝ කියති.
සිතට වුවමනා පරිදි සිතිවිලි උපදීමට ඉඩ හැරීම හා එය භාවනාවට යොදා ගැනීම නිකම් විවේකීව සිටිනවාට වඩා මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරන බව පෙනී යන්නේ යැයි ඔවුහු පවසති.
කි‍්‍රයාකාරීත්වය වැඩිවීමක් ලෙස පෙනුනද ඔවුන් මෙය හදුන්වාදෙන්නේ මොළය ‘සැබෑවටම‘ විවේක ගැනීමක් ලෙසය.
මෙම විවේකයෙන් පසුව මොළයේ ක්‍රියාකාරීත්වය සාපේකෂව වැඩිදියුණු වී ඇති බවක් අත්දැකිය හැකියැයි පර්යේෂකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහමෙන් කියා දෙන භාවනාවෙන් බලාපොරොත්තු වන දෙය සහ මෙම පරීක්ෂකයන් බලාපොරොත්තු වන දෙය අතර විශාල වෙනසක් පෙනෙනා බැවින් කිසිම සැසඳීමක් කළ නොහැකිය.(නදී)
මොළයේ ක්‍රියාකාරිත්වය මනිනවා වගේම හිත දියුණු වෙන ක්‍රම ගැනත් හොයල බැලුව නම් බුදු රජාණන්වහන්සේගේ ධර්මයේ සත්‍ය බව තේරෙයි හැමෝටම!!! ලොව උතුම් සත්‍යය!!! (ස)
"වැඩි වශයෙන් ක්‍රියාකාරීව තිබූ ප්‍රදේශයන් මොනවාදැයි සොයැබැලු විට හෙළිව තිඛෙන්නේ සිතිවිලි උපදීමට හා හැගීම් දැනවීම සදහා වැදගත් වන මොළයේ ප්‍රදේශයන් එසේ වැඩි වශයෙන් ක්‍රියාත්මක වී ඇති බවයි" බුදු දහමට අනුව භාවනාවෙන් කෙරෙන්නේ හිත අයාලේ නොයවා නරක සිතුවිලි සිතට ඇතුළු නොවී තබා ගැනීම නේද?? ඒ වගේම යන දෙයක් පිළිබඳව සිත එකඟව තබා ගැනීම නේද?? මම හිතන්නේ පර්යේෂණයේ ප්‍රතිපල බුදු දහම සමග සැහෙන දුරකට ගැලපෙනවා... එකම වෙනස මේ පර්යේෂණය කරලා තිබෙන අරමුණ වෙනස්. ඒ අනුව තමා ඒ ප්‍රතිපල බුදු දහමත් සමග නොගැලපෙනවා වගේ දැනෙන්නේ.(අ)
ලොවේ උතුම් සත්‍යය. (ස)
ඇතිවෙමින් නැතිවෙමින් පවතින සිතිවිලි ගැන භාවනා කරන්න (ස)
ධම්මපදයේ චිත්ත වර්ගය කියානම් අසා ඇත. ධම්මපදයේ චිත්ත මාර්ගය කියන්නේ කුමන අරුතින්ද ? (ස)
සි. ගංගොඩ, භාවනාවේ ගොඩක් ක්‍රම තියෙනවා. එකක් තමයි සිත ක්‍රියාත්මක වෙන විධිය බලාසිටිම. සිත එක අරමුණක තබන්නේ නැතුව ඒ එන සිතුවිලි දෙස උපෙක්ෂාවන් බලා සිට එය අත්හරිනවා. ඒ විදියට ගත්තම මේ පරීක්ෂණයයි භාවනාවයි අතර සමානකමක් තියෙනවා.(නදී)
මට නම් මේ දේ සමඟ එකඟවන්නට බැහැ (නි)
පිස්සො ටිකක්. (ස)
සි. ගංගොඩ ගේ අදහස හරි. ඔවුන් භාවනා කරන්නෙත් නිත්‍යයි , සුඛයි ආත්මයි යන අදහස පෙරදැරි කරගෙන... ඕවා අනාර්ය පර්යේෂණ ගණයට වැටෙන්නේ. (නදී)
මෙය විදර්ශනා භාවනාවේ චිත්තානුපස්සනාව සමඟ ගැළපෙන බව මාගේ හැඟීමයි. (නි)