2011 සැප්තැම්බර් මාසයේ 11 වැනිදා ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයේ මහ මොළකරු, ඇමරිකාව ලෝක සාමය නාමයෙන් කරන මිනිස් ඝාතන තරයේ විවේචනය කරයි. ප්‍රහාරය සැළසුම් කළ බවට චෝදනා ලැබ සිටින කලීඞ් ෂෙයික් මොහොමඞ් මෙසේ සදහන් කළේ ඇමරිකාවේ ග්වන්ටානාමෝ බේ සිර කදවුරේ පැවැති නඩු වාරයකට සහභාගී වෙමිනි. ප්‍රහාරය නිසා අහිමි වූ ජීවිත සංඛ්‍යාව 3000 කට ආසන්නය. පුද්ගලයින් 3000 කගේ ජීවිත වෙනුවෙන් තමාට දඩුවම් කිරීමට සැරසෙන ඇමරිකාව ලෝකය පුරා සිදුකරන මහා මිනිස් සංහාර සාධාරණීකරනය කරන්නේ කෙසේදැයි හෙතෙම ප්‍රශ්න කරයි. ඇමරිකාවට ලෝක සාමය ගැන හරිහමන් අදහසක් නොමැති බවත් ඔවුන්ට අවශ්‍ය විට ලෝක සාමය උදෙසා යැයි කියමින් මිනිස් ඝාතන පීඩා ආදිය සිදු කිරීම ඇමරිකාවම සාධාරණීකරණය කර ගන්නා බවත් එයට බහුතර ලෝක ජනතාව කිසිසේත් එකග නොවන බවත් කලීඞ් පවසයි. ඇෆ්ගනිස්තාන හමුදා භටයකු ලෙස සේවය කර ඇති කලීඞ්ට එරෙහිව නැගී ඇති චෝදනා වී ඇත්තේ අල් කයිඩා සංවිධානය හා ගනුදෙනු කිරීම සාමාන්‍ය වැසියන්ට පහර දීම යුද නීති උල්ලංඝනය කරමින් මිනිස් ඝාතන සිදු කිරීම හා දේපළ විනාශ කිරීම යන ඒවාය. එල්ල වී ඇති චෝදනා වලට වැරදිකරු වුවහොත් කලීඞ්ට මරණ දඩුවම පැනැවෙනු ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු කියන කතාව සමිපුර්න ඇත්ත. ඔහුටත් දඩුවමි කලයුතුයි.(නු)
ෙමි අයුරින් කථාකරන කවුරුත් ඇමරිකාවට ත්‍රස්තවාදියෙක් ලෙසයි මම නම් දකින්නේ. (නි).
ත්රස්තවාදියා බණ කියනවා කියන්නඑපා එයා කියන්නේ ඇත්ත.. ඒ උනාට තුන්දාහක් මරපු එයාට අනිවාර්යයෙන්ම එල්ලුම් ගස් යවන්න ඕන..!(නු)
ලෝකයේ පලවෙනි ත්රස්තවාදියා අමරිකාවයි .අමතක උනාද යුද්ධයේ අවසානකාලයේ එල්.ටී.ටී.ඊ කට්ටිය බේරගන්න ඇමරිකාව සහ මිතුරු රටවල් දගලපු දැගලිල්ල .(නු)
මුළු ලොකෙම යුද්ධයට හේතුව ඇමරිකාවයි.. ඔවුන්ට විරුද්ධව කතාකරන්න කෙනෙක් නැහැ.. එහෙම උනානම් ලෝකෙම රටවලට සාමය ලැබෙනවා.!(නු)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
ලෝකයේ බොහෝ රටවල ඇතිවන යුද්ධ වලට මුල ඇමරිකාවයි (නි)
අයියෝ සල්ලි
ඇමරිකාව නැත්නම් මුස්ලිම් කට්ටිය මුළු ලෝකෙටම වැඩේ දීලා තියෙයි. එයාලට ඕනෑ ඔක්කොම එයාලගෙ පැත්තට ගන්න. (නි)
යුද්ධයේ අවසාන කාලයේ ප්රභාකරන් බේරන්න උත්සාහ කළේ ඇමරිකාව කියන්න තියෙන සාක්ෂි මොනවාද? දැන් ලංකාවේ ත්රස්තවාදීන් අධිකරණයට ඇවිල්ලා ලංකාව උතුරේ මිනිස්සු මැරුවා කිවුවොත් එයාව නිදහස් කරනවද? (නි)
පීටර් මහත්තයා හරි. (නි)