තුර්කියේ අන්කාරා නගරයේ පැවැති සාම රැලියක් ආසන්නයේ එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් 95 දෙනකු මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
එක් පිපිරීමකින් පසු තවත් පසු පිපුරුමක් සිදුව ඇති අතර බෝම්බ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසවකු බාර ගෙන නැති බව එරට ආරංචි කියයි.
තුර්කි අගමැති අහමද් ඩව්ටෝග්ලු පවසන්නේ මෙම බෝම්බ ප්රහාරයන් තදබල පණිවිඩයක් ලබාදෙන්නක් බවත් කුර්දිෂ් කැරලිකරුවන් හෝ ඉස්ලාම් අන්තවාදීන් ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරන බවත්ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම මිනිස්සු කියල හිතුවනම් මෙහෙම වෙන්න විදිහක් නැහැ නේද , පවු අහිංසක මිනිස්සු (බ)
මෙවන් අපරාධකරන මිනිසුන් තමනුත් මනුස්ස ආත්මයක් ලද මිනිසුන්දැයි තම තමාගේ හදවත් වලට තට්ටු කර ඇසිය යුතුවෙයි. (බ)
මුන් රුසියන් එයාර් ක්‍රාෆ්ට් එකක් එකක් බිම දැම්මා මෙයාලගේ දේශ සීමාවලට ආවා කියලා. ඒකේ ප්‍රතිඵල දවස් 2ක් යන්න පෙර ලැබිලා තිනෙවා (බ)
රුචී මෝඩ කතා කියන්ඩ එපා... මේ බෝම්බ ප්‍රහාරය ත්‍රස්තවාදීන්ගෙ වැඩක්...(බ)
අපේ රටෙත් යුද්ධය තිබුණා නම් අපිටත් මේ ඉරණමම අත්වෙන්න තිබුණා (නි)
මේ කුරිරු ලොවෙන් මිදේවා (ම)
අපි නිසා තම මේ හැම දේම (ම)
2009 දී දිනු නිදහසේ අගය දැනේ යලිත්... (ර)
මොහොමඩ් බොරු අැක්ටින්ග් එපා ඔබතුමා මුස්ලිම් නෙමෙයි කියලා අපි දන්නවා (බ)
තුර්කිය කියන්නේ පැත්තකින් අන්තවාදීන්ට උදව් කරන ගමන් යුරෝපා සංගමයට ඇතුල් වෙන්න දගලන රටක් (ම)
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නොහිටින්න අපිත් මේ වගේ තමයි තාමත්. (නි)
මම නම් තුර්කිය දකින්නේ හදවත් නැති මිනිසුන් ඉන්න රටක් විදිහටයි (නි)
අපේ රටෙත් ඔය ප්රශ්නය නොතිබුනා නොවේ. ඒ යුගය මිනිසුන්ට අමතකවෙලා.කෙසේවෙතත් මිනිස් ආත්මයක් ලබා මිනිසකු මෙන් මියයාමටත් පෙර පින් තිබිය යුතුය.මිනිස් ජිවිත බිලිගන්න මිනිස් වෙසින් ජීවත්වන අය මළවුන් වැනිය (නි)