ලිබියාවේ බෙන්ගාසි නුවර ඇමෙරිකා තානාපති කාර්යාලයට එල්ල කෙරුණු ප්‍රහාරය තමන් දැඩි ලෙස හෙළා දකින බව ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා ඊයේ(12) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය ලිබියාවේ ඇමෙරිකා තානාපති කි‍්‍රස් ස්ටීවන්ස් සහ ඔහුගේ නිලධාරීන් තිදෙනාට සිය ශෝකය පළ කරන බවද ජනාධිපතිවරයා පැවසුවේය.
තානාපතිවරයා ඇතුළු ඇමෙරිකානුවන් සිවුදෙනාගේ ඝාතනය තමන් හෙළාදකින බව කී ජනපති ඔබාමා ලිබියාවේ සහ ලොව අනෙක් රටවල සිටින ඇමෙරිකානු තානාපති නිලධාරීන්ට දැඩි ආරක්ෂාවක් යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව ද අවධාරණය කළේය.
මෙම ප්‍රහාරය එල්ල වූයේ ඊශ්‍රායල-ඇමෙරිකානුවකු වන සෑම් බැසිල් නැමති තරුණයකු විසින් ඉස්ලාම් ආගමට නිගරු වන අන්දමින් නිර්මාණය කරනු ලැබූ චිත්‍රපටයක් නිසා බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
චිත්‍රපටයට විරෝධයපාමින් ලිබියාවේ බෙන්ගාසි නුවර විරෝධතාවක නිරත අවි ආයුධ සන්නද්ධ කලහකාරී පිරිසක් විසින් තානාපති කාර්යාලයට මෙම ප්‍රහාරය එල්ල කරන ලද බව වාර්තා වේ.
චිත්‍රපටය සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඇෆ්ගන් ජනපති කියා සිටියේ එය ‘අමානුෂික සහ අපහාසාත්මක’ කි්රයාවක් බවත් තමන් එය තරයේ හෙළාදකින බවත්ය. එම චිත්‍රපටය ආගමික සහ සංස්කෘතික සහජීවනයට තර්ජනයක් බව ද කී ඇෆ්ගන් ජනපති ලෝකයේ සාමයටත් යහ පැවැත්මටත් එමඟින් තර්ජනයක් එල්ල වන බව ද සඳහන් කළේය.
ප්‍රහාරය පිළිබඳව නිකුත් වූ වාර්තාවක දැක්වූණේ තානාපති කාර්යාලය තුළ සිටි තානාපතිවරයා මියගියේ කාබන්මොනොක්සයිඞ් විසවීමෙන් බවය. බෙන්ගාසි නගරය ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ බල කඳවුරක් ලෙස ද සැලකේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ටයි. (නි)
ඇමෙරිකාව වගාකරලා නෙළාගත් අස්වැන්න තමයි දැන් ඒ අයට ලැබිලා තියෙන්නේ. (නි)
ගඩාෆි මරා දැමීම ගැන සම්බන්ධන් ඇමෙරිකාවට ස්තූති කළ යුතුයි. (නි)
ඔබාමාට දුකද
නියමයි. (නි)
නියමයි.නියමයි. (නි)
අපිත් ඒ ප්‍රහාරය හෙලා දකිනවා (දී)
අසිත, ගඩාෆි මැරුණා කියලා ඔයාට ඇති ඵලය කුමක්ද? (නි)
ඇමරිකාවෙන් ඉල්ලගෙන කන්න හදන්නෙ. මුස්ලිම් මිනිස්සු ඉන්නවනම් ඉන්න හැමතැනම අපරාධ. තමන් ගැනම විතරයි හිතන්නෙ. ඇමරිකාව මට්ටු කරන්න හැදුවොත් තමන්ලමයි මට්ටු වෙන්නෙ. (ස)
ඇමෙරිකාවට ඔහොම වෙලා මදි. ඇමෙරිකාව විනාශ වේවා! (නි)
ඉල්ලගෙන කාලා තියෙද්දී, හඩලා වැඩක් නැහැ. (නි)
මෙය ආරම්භය හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට. (ස)
අසිත, ගඩාෆි ලංකාවට කළ උදවු ගැන දන්නේ නැද්ද? (නි)
අසිත, මම හිතන්නෙ ගඩාෆි කියන්නෙ ඔයාගෙ අසල්වාසියෙක් වෙන්න ඇති. ඒකනෙ එයා මැරුණට සතුටු. එතකොට ඇමරිකාව ඔයාගෙ කවුද? (ස)
අසින්ත, ගාඩාෆි මැරුණම ප්‍රශ්නේ ඉවර උනාද ?? (ස)