ණය අර්බුදයෙන් මිදීමට අන්තර්ජාතික ණයහිමියන් සමඟ සාධාරණ ණය ගිවිසුමකට එළැඹීමට නොහැකි වුවහොත් ග්‍රීසියට යුරෝපා සංගමයෙන් හා යුරෝපා කලාපයෙන් ඉවත් වීමට සිදුවනු ඇතැයි එරට මහ බැංකුව අද (17) අනතුරු ඇඟවූයේය.
ණයහිමියන් සමඟ ගිවිසුමකට එළැඹීමට නොහැකි වුවහොත් එය දැඩි අර්බුදයක ආරම්භය වනු ඇති බවත් ප්‍රතිඵල වශයෙන් යුරෝපා කලාපයෙන් මෙන්ම යුරෝපා සංගමයෙන් ද ඉවත් වීමට සිදුවනු ඇති බවත් ග්‍රීක මහ බැංකුව අනතුරු අඟවා ඇත.
ග්‍රීසිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, යුරෝපා සංගමයට හා යුරෝපා මහ බැංකුවට වී ඇති ණය ප්‍රමාණයෙන් යූරෝ බිලියන 7.2 ණය මුදල ආපාදා අරමුදල් ලෙස කපාහැරීම පිළිබඳව ග්‍රීක බලධාරීන් හා ජාත්‍යන්තර ණයහිමියන් අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබිණි.
ග්‍රීසිය මේ මස අගදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යුරෝ බිලියන 1.6ක මුදලක් ගෙවීමට නියමිතව තිබූ අතර යුරෝපා මහ බැංකුවට ජූලි හා අගෝස්තු මාසවලදී යූරෝ බිලියන 6.7ක ගෙවීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් මෙතරම් ණය මුදලක් ගෙවීමට තරම් හැකියාවක් ග්‍රීක රජයට නැතැයි එරට බලධාරීහූ පැවසූහ.
ඇතැන්ස්හිදීය (ඒ.එෆ්.පී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලයේ ග්‍රීසියේ ජාතික රූපවාහිනියත් වැහුවා වැටුප් ගෙවාගන්න බැරුව.දැන් යුරෝපයේ සමහර රටවල් වලට වැඩිය ලංකාව හොඳයි (නි)
මම සෞදි අරාබියේ සේවය කරන්නේ ග්‍රීසියට අයත් සමාගමක. එයාල මෙහෙ සේවක පහසුකම් සලසන්නේ අධ්‍යාපනික සුදුසුකම් වලටවත් රැකියා සුදුසුකම් වලටවත් නොවේ. එයාලගේ රටේ කට්ටිය සහ අනෙකුත් ඒ ආශ්රිත රටවල වලින් අාපු අය දක්ෂයි කියල වෙන් කරලා. අපි තුන්වෙනි පන්තියේ රටක කියා වෙන්කරනවා (නදී)
ඔව්. එක හරි . දකුණු කොරියානු සමාගම් වලත් මේ විදියට බෙදනවා. ශ්‍රී ලංකාව / ඉන්දියාව ආදී රටවල් 3 වැනි රටවල් විදියට සලකනවා. (ම)
මනෝජ් කියන්නේ යුරෝපයේ යහපාලන දර්ශකයක එක දෙයක්. දැන් අපේ මිනිස්සුන්ගේ මනස්වලත් වන්දනාමාන කරන්න උගන්වන්නේ මෙම ආකෘති. පහුගිය කාලේ අපේ රටත් දුන්නා කියපු ණය පියවා ගන්න මොකද දන්නේ නැහැ කරන්නේ? (ම)
ඔව් නිහාල් ඒ දවස ගැන අපි ඇඟිලි ගනිමින් ඉන්නේ ..? මිනී මැරුම් , ස්ත්‍රී දුෂකයන් ,මංකොල්ලකරුවන්, පැහැරගෙන යාම් නැතිනම් අපේ රටටත් ඔහොම කියන්න තිබුනා ..මිනිසුන් දියුණු වෙන්න ඕනේ සල්ලි මිලියන ගානකින් නොවේ ...කෝටි ගානකටත් වඩා වටිනාකමින් යුතු උතුම් මිනිස් ගුණධර්ම වලින් ...! ඒ ටික නැති තැන මොනවා හෙට දියුණු උනත් සමාජයට වැඩක් නැහැ ...?අපේ දරුවෝ ලොකුවෙන්නේ ..කුහක කම් අධම ගති තියෙන මිනිසුන් සමග. අයන්න කියන්න පටන්ගන්නා පාසලෙන්ම වීම බුදුන් වදින්න යන පන්සලෙන් වීම තවත් ඛේදවාචකයක් ..? (ස)
ලෝකයේ සැප විදින හොඳම සල්ලි කාරයෝ නම් හිටියේ ලංකාවේ. ජනාධිපති ඇතුළු පවුලේ සහ දේශපාලකයෝ ටික. පසුගිය ආණ්ඩුවේ කට්ටිය ගැන විතරයි මමනම් දන්නේ. (ස)
මම එක ඉල්ලීමක් කරන්න කැමති ලංකාවේ ජනතවගෙන් යුරෝපයේ කිසිම රටකට ලංකාව තුල ප්‍රමුකස්ථානය දෙන්න එපා. (ර)
රුපවති, මොනවද මේ කියන්නේ ?ලෝකේ වෙන දේවල් බොරු කියලා දැන් වසන් කරන්න බැ. ඕනෑම රටක වෙන අපරාධ ප්‍රමාණය අන්තර් ජාලයෙන් සත්‍ය දැනගන්න පුළුවන්. (ර)
ලංකාවේ ආර්ථික උපදේශකයන්ගෙන් උපදෙස් ගත්තා නම් ග්‍රීසිය ගොඩ. (නි)
දර්ශ ගොඩක් රටවල් එහෙම තමයි. අපිට තමයි බන දේශනා කරන්නේ. (ර)
අනේ මෝඩ කොල්ලනේ කෙල්ලනේ, ග්‍රීසියේ සහ ලංකාවේ දල ජාතික ආදායම එක සමානයි. නමුත් ලංකාවේ ණය තියෙන්නේ ඩොලර් බිලියන 30 විතර, ග්‍රීසියේ ඒක ඩොලර් බිලියන 600 විතර. කොටින්ම කියනවනම් ග්‍රීසිය යුරෝපයේ අනුකම්පාවෙන් ඇත දිග හැරලා කාල බීල හිටිය පහුගිය අවුරුදු 20, ඉතින් දැන් ගෙවන්ඩ වෙලා. අපිට එහෙම දෙන්ඩ යුරෝපයක් වත් වෙන රෙද්දක්වත් නැහැ. හම්බ කරගත්තොත් කෑව හැකි. ඒකයි ලංකාවට කචල් අඩු. (බ)