ජර්මනියේ ඇන්ස්බැක් නුවර දී මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
එළිමහන් සංගීත ප්‍රසංගයකදී මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවත් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාද මිය ගොස් ඇති බවත් කියති.
බවේරියා හි අභ්‍යන්තර කටයුතු ඇමැති කියනුයේ 27 හැවිරිදි අයකු සංගීත ප්‍රසංගයට ඇතුළුවීමෙන් පසු ඔහු පසුපස පැළඳගෙන ආ උපකරණයක් පුපුරුවා හැර ඇති බවයි.
පිපිරීමෙන් පසු එම භූමියේ සිටි 2500ක පමණ පිරිසක් ඉවත් කර ඇතැයි කියති. සතියක් ඇතුළත බවේරියා ප්‍රාන්තයේ සිදුවූ තෙවැනි ප්‍රහාරය මෙය බව විදෙස් මාධ්‍ය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රහාර එල්ල වන ප්‍රදේශයක් වෙලත් ඇයි මේ වගේ දෙයක් සංවිධාන කර තිබෙන්නේ.(හේ)
දැන් මේ සිද්ධි ලොවටම කරදරයක් වෙලා. ඇයි තවත් අනුකම්පා කරන්නේ? අපි ඔක්කොම මේ විදියට විනාශවෙලා යයි (නි)
අනේ දෙවියනේ, හරිම කණගාටුයි (නි)
රංජන්, ඇයි ඔයාට අමතකද ලංකාවෙත් මේ වගේ ප්‍රහාර එල්ලවෙන කාලයක් තිබුනා. එහෙම කියලා ලංකාවේ සංගීත ප්‍රසංග තිබුනේ නැද්ද? දැන් මිනිසුන්ට සියල්ලම අමතක වෙලා. (නි)
මේ ත්‍රස්තවාදය ලෝකෙන්ම තුරන් කල යුතුයි. (ර)
ශ්‍රී ලංකා හමුදාවන් ත්රස්තවාදීන් පරදවනකොට බටහිර රටවල්වලට ලොකු දුකක් දැනුන. දැන්වත් ඒ රටවලට තේරෙනවද දන්නේ නෑ දෙපිටකාට්ටු ප්රතිපත්තිවල පල විපාක. (බ)
එයාලගේ ආගමික නායකයින් මේවාට විරුද්ධව ක්‍රියාකරන්න ඕනේ. ඒ අයට මේ සම්බන්ධව බලකරන්න ඕනේ. ආගමේ නාමය කැත නොකර සාමකාමීව ඉන්න කියල මුළු ලෝකයේම ඉස්ලාම් ජනතාව නැගී සිටුවන්න ඕනේ. එතකොට අන්තවාදීන්ගේ සහ සාමකාමී ජනතාවගේ වෙනස ලොවට තේරේවි. (බ)
නලින් මහත්මය ඔබ හරි (බ)
සරණාගත වේශයෙන් ලක්ෂ ගණනක් මෙරටට පැමිණිය. ඔවුන් සමග මොනතරම් අන්තවාදී පිරිස් පැමිණියද කියා කවුද දන්නේ. තමන්ගේ වාසිය පිණිස අන් රටවලට කළ අකටයුතුකම් කාලයත් සමග ඔවුන්ටම පාරාවළල්ලක් වෙලා. (බ)