|
ධුරයෙන් ඉවත් වූ ඇනෙට් |
ජර්මනියේ අධ්‍යාපන කටයුතු ඇමැතිනී ඇනෙට් ෂාවාන් පෙරේදා (09) සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.
ෂාවාන්ට ඉල්ලා අස්වීමට සිදුවූයේ ඇය ඇයගේ ආචාර්ය උපාධි නිබන්ධනය සකස් කිරීමේ දී, නීතිවිරෝධී ලෙස වෙනත් නිබන්ධන කිහිපයකින් උපුටා ගැනීම් කළේ යැයි චෝදනා එල්ලවීමෙනි.
බර්ලීනයේ හෙයින්රිච් විශ්ව විද්‍යාලය ඇගේ ආචාර්ය උපාධිය ද අහෝසි කිරීමට තීරණය කර ඇත.
හෙයින්රිච් විශ්ව විද්‍යාලය තමාට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් තමන් නීති මගින් පියවරක් ගන්නා බව ෂාවාන් කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වා මහත්තයෝ! මෙහෙ නම් මෙලහකටත් කුලියට ගත්ත මිනිස්සු උද්ඝෝෂනය කරනවා ආයෙත් ඕනා කියලා.(නදී)
වරදක් කලොත් පරීක්ෂණය තියන්න කලින් ඉල්ලා ඇස් වෙනවා (දී)
අනේ මන්දා, (දී)
අන්න වැඩ (දී)
මට කියන්න මොකුත් නැහැ.හිනා යනවා අප්පා (දී)
පාර්ලිමේන්තු වරප්‍රසාද නිසා ලංකාවේ නම් ගැටලුවක් නැහැ. අනික ආචාර්ය උපාධි සදහා අපේ අය නිබන්ධන දෙන්නේ නැහැ. දෙන්නේ.... (නි)
නැවතත් ඇයව පත්කිරීමට අපි පොල් ගසා කන්නලවුවක් කරමුද? (නි)
ඒ රටේ ඇමතිලට නම් ලැජ්ජාව කියන එක තියෙනවා. (ස)
අපේ රටේ ඇමති වෙන්න ආචාර්ය උපාධි ඕන නැහැ. ඕන වෙන්නේ වෙනත් සුදුසුකම් (ස)
ඇයි ඉල්ලා අස්වෙන්නේ. අපේ රටේ වගේ විනාශ කර කර ලැජ්ජාවක් නැතිව ඉන්න පුළුවන්නේ.(නදී)
අහලා තියෙනවාද අපේ රටේ මෙහෙමදෙයක් (දී)
පරිගණක මෘදුකාංග හදලා තියෙනවා ඒ වගේ දේවල් සොයා ගන්න පුළුවන් විදිහට. (ස)
සිල්වා ඔබ හරි. අපේ අමාත්යවරුනම් කවදාවත් යන්නේ නැහැ.(නදී)
අපේ රටේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වත් මෙහෙම දෙයකට ඉල්ලලා අස්වෙනවද? අධ්‍යාපන ඇමති ගැන කුමන කතාද? ඒ ගොල්ලෝ මේ ගැන ඇහුවොත් කියයි අධිරාජ්‍යවාදීන්ගේ සූත්‍ර අපි අහුවෙන්නේ නැහැ කියලා.(නදී)
වරදක් උනාම කලයුතු දේ (දී)
"ෂාවාන්ට ඉල්ලා අස්වීමට සිදුවූයේ ඇය ඇයගේ ආචාර්ය උපාධි නිබන්ධනය සකස් කිරීමේ දී, නීතිවිරෝධී ලෙස වෙනත් නිබන්ධන කිහිපයකින් උපුටා ගැනීම් කළේ යැයි චෝදනා එල්ලවීමෙනි." කොහොමද හොයන්නේ තවත් එකකින් උපුටා ගත්තා කියලා (දී)
ලැජ්ජාවටද (දී)
වරදක් උවානම් ඊට නිසි දඩුවමක් තියෙන්න ඕනේ (දී)
යම් වරදක් සිදු උනොත් ඉල්ලා අස් වෙනවා (දී)
බලන්න ඒ තීරණය (දී)