තම ජාතික ආරක්ෂක උපදේශක ධුරය, එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපතිනිය ලෙස කටයුතු කළ සූසන් රයිස්ට පිරිනැමීමට ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා ඊයේ (6) තීරණය කළේය.
|
ජනපති ඔබාමා, සූසන් රයිස් සහ තනතුරෙන් සමුගැනීමට නියමිත ජාතික ආරක්ෂක ලේකම් ටොම් ඩොනිලොන් ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්... |
ඇමෙරිකා ජනපතිවරයා ධවල මන්දිරයේ රෝස උයනේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී මේ බව දැනුම් දුන් අතර සූසන් රයිස් මෙන්ම, ජාතික ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉවත් වීමට නියමිත ටොම් ඩොනිලොන් ද එම අවස්ථාවට සහභාගී වූහ.
දෙවැනි ධුර කාලය ආරම්භ කළ අවස්ථාවේදී ඔබාමා රාජ්‍ය ලේකම් ධුරයට පත් කිරීමට සැරසුණේ සූසන් රයිස්ය. කෙසේ නමුත් ඊට ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් පමණක් නොව, ඔබාමාගේ ඩිමොක්රටික් පක්ෂයේ ඇතැමුන්ගෙන් ද දැඩි විරෝධයක් එල්ල විය. එම විරෝධයට හේතු වූයේ සූසන් රයිස්ගේ විදෙස් ප්රතිපත්තියයි.
මේ අතර එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපති ධුරයට ඔබාමා විසින් නම් කරනු ලැබ ඇත්තේ සමන්තා පවර්ස් ය. දීර්ඝ කාලයක් ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්ති සැකැසීම සම්බන්ධයෙන් කටයුතු කළ තැනැත්තිය ඇයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපටත් ෆරයිඩ් රයිස් ටිකක් දෙන්න.(නදී)
කවුරු හරි නෑයෙකුට හෝ යාලුවෙකුට මේ තනතුර දුන්න නම් හොද නැද්ද ? අපේ රටේ නම් කරන්නේ එහෙමයි. අපි නම් ඔබ තුමා වගේ නෙවෙයි. ඉස්සෙල්ලම පවුලේ උදවියට සලකල තමයි සෑම දෙයක්ම කරන්නේ. අර කෙන්යාවේ දුක්විදින සහෝදරයා ගෙන්නලා එතුමාට දිලිදු සහන කොමසාරිස් තනතුර හෝ ජනාධිපති උපදේශක තනතුරක් හෝ දුන්න නම් හොදයි නේද?(නදී)
ජයවේවා
කලින් කොන්ඩලිසා රෛස්, දැන් සුසන් රෛස් . හොදයි හොදයි ඇමෙරිකන් ජාතියටම බත් දෙන්න යන්න වගේ.(නදී)
බත් කෝම උනත් පිටි නම් දෙන්නන්. ගුලිත් තියෙනවා. ඩෝන්ට් රයිස්.(නදී)