තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් කුඩා දරුවන් විසිදෙනකුට සහ පුද්ගලයන් හය දෙනකුට ජීවිත අහිමි කළ ඛේදජනක සිද්ධිය වාර්තා වූ ඇමෙරිකාවේ කනෙක්ටිකට් ප්‍රදේශයට ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා ඊයේ(16) පැමිණියේය.
ඉකුත් සිකුරාදා සිද්ධිය සැල වූ වහාම විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති ඔබාමා සඳහන් කළේ වසර ගණනාවක් තිස්සේ ඇමෙරිකාව මෙම අමිහිරි අත්දැකීමට මුහුණ දෙමින් සිටින බවත් තුවක්කු භාවිතය සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගත යුතු කාලය එළඹ ඇති බවත්ය.
කනෙක්ටිකට් ප්‍රදේශයට පැමිණි ජනපති ඔබාමා සිද්ධියෙන් මියගිය කුඩා දරුවන්ගේ මාපියන් සහ ප්‍රදේශවාසීන් හමු විය.
සිය මව වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව ආයුද සන්නද්ධව සැන්ඩි හුක් ප්‍රාථමික පාසලට කඩා වැදුණු විසිහැවිරිදි ඇඩම් ලන්සා නමැති මෙම තුවක්කුකරු කළ වෙඩි තැබීමෙන් කුඩා දරුවෝ සහ පාසලේ විදුහල්පතිවරයා ද ජීවිතක්ෂයට පත් වූහ. සිද්ධියෙන් මියගිය ගියේ අවුරුදු 6ත් 7ත් අතර වයසේ පසු වූ කුඩා දරුවන්ය.
තුවක්කු කිහිපයක් අතැතිව පාසලට පැමිණ කළ වෙඩි තැබීමෙන් පසුව ඇඩම් ලන්සා සිය දිවි හානි කර ගත් බව නිව්ටවුන් පොලිසිය සඳහන් කරයි.
පාසලේ විදුහල්පති සහ මනෝවෛද්‍යවරිය ඇතුළු වෙඩි තැබීමෙන් මියගිය වැඩිහිටියන් හය දෙනාම කාන්තාවන් බව වාර්තා වේ.
මෙවැනි සාහසික කි්රයාවක් සඳහා ලන්සා පෙළඹවීමට හේතුව කුමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැත.
සිද්ධියෙන් මියගිය දරුවන් ඇතුළු පිරිස සිහිපත් කිරීම පිණිස ප්‍රදේශවාසීහු රැසක් සැන්ඞ් හූක් පාසල අසලට පෙරේදා පැමිණ සිටියහ. තුවක්කුකරුවන්ගෙන් දරුවන් බේරා ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී මියගිය විසිහත් හැවිරිදි වික්ටෝරියා සෝටෝ නමැති ගුරුවරිය මෙහිදී විශේෂයෙන් සිහිපත් කෙරිණි.
‘‘මියගිය අයගෙන් බොහොමයක් සුන්දර කුඩා දරුවන්. උපන්දින, උපාධි උත්සව, විවාහ උත්සව වැනි ජීවිතයේ වැදගත් අවස්ථා විඳ ගැනීමට පෙර ඔවුනට ජීවිතයෙන් සමු ගැනීමට සිදු වුණා.’’ යනුවෙන් සිද්ධියෙන් කම්පනයට පත් ජනපති ඔබාමා පැවැසීය.
මෙම සිදුවීමත් සමඟ තුවක්කු භාවිතය පිළිබඳ නව නීති හඳුන්වාදීම සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළ ආන්දෝලනාත්මක තත්ත්වක් මතුව තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් ධවල මන්දිරය කියා සිටියේ වහාම මේ පිළිබඳව අවධානය යොමු කරන බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ළමයිට පන එයි (දී)
මෙයාගේ කිඹුල් කදුළු (දී)
ඒව හොද වැඩ (දී)
මේවා තමයි ලෝක විනාසේ කියන්නේ (දී)
මේ ප්රභාකරන් අවුරුදු 30ක් තිස්ස ඔය වගේ පොඩි එවුන් මරණකොට ඔයගොල්ලේ සෝකය පළකරලා නීවේදනය කළත් ඒවා නැහැ (අ)
පලස්තීනයේත් ළමයි මැරණා නොවේද? ඒ ගැන සිතීම අප කාගේත් වගකීමක්. (නි)
ඒ රටෙන් විකිණූ අවිආයුධ වලින් අනෙක් රටවල කොච්චර ළමයින් මැරෙන්න ඇද්ද? කොච්චර දෙමවුපියන් අඩන්න ඇද්ද? ඒවා ඔහුට නොපෙනුනාද? (නි)
තුවක්කු භාවිතය සිවිල් වැසියන්ට තහනම් කරන්න. දැන් අඩලා වැඩක් වෙන්නේ නැහැ. (නි)
ඇඩෙනවා තනි ඇහැට (ස)
අපේ රටෙත් මේ වගේ කෙනෙක් හිටියනම් කොපමණ හොදද? මගේ වීරයා ඔබාමා..!(නු)
අසරණ ළමයි. මම බුද්ධාගමේ, කොහොම වෙතත් ඔබට නිවන් සුව (දී)
ඉර්ෆාන්, තුවක්කු නීතිවිරෝධී මෙහේ අපරාධ මෙච්චර වෙද්දී, තුවක්කු නීත්‍යානුකූල කළොත් කොහොමට තියෙයිද? (නි)
ඇමරිකාවේ ඉන්නේ බොහෝමයක් ත්‍රස්ථවාදීන් (ස)
ඔබටයි මේ කියන්නේ ඇත්තටම ඔබට දරු දුක දැනෙනවාද? පලස්තීනයේ වගේම ඔබලා බෝමිබ හෙලු හැම රටකම කුඩා දරුවන් අමු අමුවේ ඝාතනය වුවා ඒ දෙමාපියන්ටත් තිබුණේ මේ දරු දුකම තමයි ඒ විපාක දැන් ඔබ රටතුලින්ම ඔප් නැන්වෙනවා නොවේද? ඔබ ඇත්තටම හදවතින් දුක්වන්න ඒවිට සියල්ල දක්නා දෙවිදුන් ඔබ ගේ හදවත පාරිශ්රද්ධත්වයට පත්කරන්නේය (ස)
බලන්න නොගිහින් කොහොමද (දී)
කනගාටුයි .... (දී)
මීට පෙරත් ඇමරිකාවේ පාසලක මෙවැනිම වෙඩි තැබීමත් සිදුවුණා නේද? (නි)
ඔබාමාගේ ශෝක ජනක මුහුණ (දී)
තම නිදහස රකින්නට අවි බලේ යොදා ඉඩ දී තිබේ නීතිය මුළු රටම හදා අවි ගත්තෝ නැසේ අවියෙන් කියා එදා කිතු ධර්මයේ පවසා ඇත සිතනු හොඳා (නි)
වටිනා වැඩක්
ලංකාව ඔය වගේද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඔබාමා හොද නායකයෙක්. (නි)
ඇමෙරිකාවේ තුවක්කු භාවිතකරන්නේ සෙල්ලම් බඩු ගානට, මම ඇමෙරිකාවේ ඉන්න නිසා දන්නවා , මෙහෙ පත්තරවල මාසෙකට සැරයක් තුවක්කු මිලගණන් දාපු දැන්වීම් එනවා, ඩොලර් 150 ඉදල ඉහලට තියෙන මේ තුවක්කු ඕනෙම කෙනෙක්ට මිලදීගන්න පුළුවන්, පොලිසියේ පවා ප්‍රසිද්ද වෙන්දේසි තියෙනවා ඕනෑම කෙනෙක්ට මිලදීගන්න, වයස 18 වීම විතරයි එකම සුදුසුකම, මේවගේ පාසල් ළමුන් ඝාතනය කිරීමක් උණු පළමු වතාව මේක නෙමෙයි , සිසුන් අතරේ පොඩි රණ්ඩුවක් උනත් අනිත් දවසේ තාත්තගේ තුවක්කුව අරන් ඇවිත් හතර අතේ වෙඩි තියාගන්නවා, (ස)
කවුරු කොහොම කිව්වත් මොහු ආදර්ශමත් නායකයෙක් (ස)