උතුරු කොරියාව සිය පස්වැනි න්‍යෂ්ටික බෝම්බය අද උදෑසන අත්හදා බැලීය.
ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසන්නේ මීට පෙර උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකළ පුනගෙ-රී ප්‍රදේශයෙන් 5.3ක විශාලත්වයෙන් යුත් කම්පන තත්වයක් වාර්තා වූ බවයි. එය පිපිරීමකින් ඇතිවූ කෘත්‍රීම කම්පනයක් බව තහවුරු වුවත් එහි ස්වභාවය සම්බන්ධව තොරතුරු ලැබී නොමැති බව ඔවුන් පවසා ඇත.
අද ජාතික දිනය සමරන උතුරු කොරියාව මෙම පිපිරීම සම්බන්ධව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැත.
සියලුම ආකාරයේ න්‍යෂ්ටික බෝම්බ හා මිසයිල අත්හදා බැලීම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උතුරු කොරියාවට තහනමක්ද පනවා තිබේ.

![bomb_test-1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/bomb_test-11.png)
![bomb_test-3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/bomb_test-31.png)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු කොරියාව මේ උඩ පනින්නේ ලඟදීම ඉල්ලන් කන්නයි..... (ම)
දරිද්‍රතාවයෙන් මිරිකුණු සාමාන්‍ය ජනතාවක් සිටින රටක අමන පලයකයන් විසින් නටන නෙයියාඩගම් තමා මේවා. (ර)
ලෝකේ තියෙන අවාසනාවන්තම මිනිස්සු ඉන්න රටක්.. ඔය රටේ ජංගම දුරකථන, අන්තර්ජාලය, වාහන පාවිච්චියට අවසර තියෙන්නේ ආණ්ඩුවේ ඉහලම නිලධාරීන්ට විතරයි.. උතරු කොරියාවේ මිනිස්සුන්ට වඩා හොදට දකුණු කොරියාවේ සත්තුන්ට කන්න තියෙනවා. අපේ රටෙත් සමාජවාදය ගෙනාවනම් වෙන්නේ මෙච්චරයි (අ)
එ් රටට හැම අතින්ම සම්බාධක දාලා හිරකරලා. එහෙම නොවුණා නම් අද ලෝකේ ඉහළින්ම ඉන්න රටක්. එ්කට බයේ තමා ධනපති රටවල් උ.කොරියාවට ඔහොම කරන්නේ. මහලොකු ධනවාදය තියන ලංකාව හොඳයි කියලද හිතාගෙන ඉන්නේ? නොදන්නවා වුණාට මෙහේ ඊට අන්තයි (නි)
නාමල් නිව්යෝර්ක්, ඔබ බලන විදියට වඩා අප බලන්නේ වෙනත් විදියට. මෙපමණ සම්බාධක මැද උතුරු කොරියාවේ මෙවැනි අවි නිෂ්පාදනය කිරීමට හැකි විද්වතුන් ඉන්නත්, ඇමරිකාවේ වාගේ හිඟන්නන් නොසිටින්නත්, සුපිරි සැප නැතුවට මුලික අවශ්‍ය දේවල් වලින් එම රට ඉදිරියට යමින් සිටීමත් ලොකු දෙයක්. නාමල්ට ලෝකය ගැන කිසිම අවබෝධයක් නැතුවා වාගේ (නි)
ලෝකේ ඉහළින්ම ඉන්න නිසා වෙන්න ඇති උතුරු කොරියාවේ මිනිස්සු ජීවිත පරදුවට තියලා ද.කොරියාවට පනින්න හදන්නේ. සමාජවාදී රටවලින් ධනවාදී රටවලට විනා අනිත් පැත්තට පනින මිනිස්සු දැකලා තියෙනවද? සංඛ වගේ මෝඩ මිනිස්සුත් ඉන්නවනේ (නි)
නාමල් ඕන තරම් ඔය බටහිර රට වලින් රුසියාව චීනය වාගේ රටවලට යන යුරෝපිය ඇමරිකානු වැසියන් ඉන්නවා , එඩ්වර්ඩ් ස්නොඩන් , බොහෝ ප්රංස පුරවැසියන් , ජර්මානු පුරවැසියින් , අද රුසියාවේ හෝ චීනය පදිංචියට තොර ගෙන ඉන්නේ , අවබෝදයක් ගන්නට ලෝකයේ සෑම රටකම පුවත් පත් රුවහිනිය බලන්න , (හේ)
පත්තරේ බලලා ඔක්කොම දන්නා පණ්ඩිතයෝ ඉන්නේ මෙතැනනේ. සමහරු ලියූ ඒවායෙන්ම තේරෙනවා දන්න තරම. මම චීනේ යාලු ගඟ එහාපැත්තෙ ඉදලා උතුරු කොරියාව දැකලා තියෙන නිසාත්, පාලමෙන් විත් චීනය පැත්තේ කඩ කරන මිනිස්සු එක්ක කතාකරලා තියෙන නිසාත් ඒ ගැන මොකුත් නොකියා ඉන්නවා. (නි)
නිල්මිණි.. උතුරු කොරියාව එහෙම තමයි. උඩින් ඔපේ යටින් හපේ වගේ. චීනයට, දකුණු කොරියාවට පේන්න තියෙන හරිය හොදට තියෙනවා, ඒ හරියේ තමයි ටුවරිස්ට්ලත් සැරිසරන්නේ. නමුත් ඇතුලට යන්න යන්න සංවර්ධනයක් ඇත්තේම නෑ. ගොඩක් මිනිස්සුත් ඉන්නේ ඇතුලට වෙන්නයි. ඒ පැතිවල දිළිදුකම වැඩියි, ගොඩක් මිනිස්සුන්ට හරියට කන්නවත් නෑ. ඔය එළියට එන මිනිස්සු බ්රෙයින් වොෂ් වෙච්ච අය, ඒ ගොල්ලොන්ට අවට ලෝකය පිළිබදව හරි අවබෝධයක් නෑ. (ර)