බි්රතාන්යයේ සහ ඇමරිකාවේ ඉලක්ක වලට පවා ප්‍රහාර එල්ල කළ හැකි නව බැලස්ටික් මිසයිලයක් පසුගියදා චීනය අත්හදා බලා ඇති බව වාර්තා වේ.
ඩොන්ග්ෆෙන්ග් 41 ලෙස නම් කර ඇති මෙම මිසයිලය සැතපුම් 8700 ක පමණ දුරින් ඇති ඉලක්කයක් වෙත එල්ල කළ හැකි බව සඳහන්ය.එහි න්‍යෂ්ඨික මිසයිල ශීර්ෂ (වෝර්හෙඞ්) 10 ක් එකවර ප්‍රවාහනය කළ හැකි බවද පැවසේ.
තවත් මහාද්වීපයකට පහර එල්ල කළ හැකි මෙවන් අන්තර්මහාද්වීපික මිසයිලයක් අත්හදා බැලීම ගැන ඇමරිකාව චීනයට දොස් පවරා ඇති බවද අත්හදා බැලීම් කිරීමට තමන්ට අයිතිය ඇත යැයි පවසමින් චීනය ඊට පිළිතුරු දී ඇති බවද වාර්තා වේ.
විද්‍යාත්මක පරීක්ෂණ කිරීමට තමන්ට අයිතිය ඇති බවත්,මෙම මිසයිල අත්හදා බැලීම කිසිදු රටක් හෝ ජාතියක් ඉලක්ක කර සිදුකෙරුණක් නොවන බවත් චීනයේ ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් රටවල් දිනෙන් දින දියුණු වෙනවා. අපි? (නි)
මනෝජ්, ඇයි අපි එයාලට දියුණු වෙන්න පාර කපාදෙන එක මදිද? (නි)
ඔක්කොම බලාගෙන ගියාම ඇමරිකාවට විතරද කරන්න පුළුවන්? (නි)
අපිත් රොකට් එකක් යැවුවනේ (නි)
ඕවා අපි හදන්න මහන්සි වෙන්න ඕනෑ නැහැ. දියුණුව කියන්නේ මිසයිල හදන එකම නෙමෙයි මනෝජ් මහත්තයෝ (නි)
ඔව්..ඔව්..රිචි බාලසුරිය, දියුණුව කියන්නේ අනුන් හදන එක සල්ලි දීලා ගන්න එක තමයි (නි)
මොනවද මේකේ අත්හදා බල බලා ඉන්නේ? (නි)
මේවා ඇමරිකාව මීට දසක ගණනාවකට කලින් ලබාගත් තාක්ෂණය.. චීනය කියන්නේ ඒකාධිපති රාජ්‍යක්, ජනතා කැමැත්ත නොවිමසා චීන කොමියුනිස්ට් පක්ෂයට කැමති ඕනෑම දෙයක් කරන්න පුළුවන්, ඇමරිකාව, යුරෝපය, ද.කොරියාව , ඉන්දියාව වැනි ප්රජාතන්ත්රවාදී රටවල් චීනය සන්නද්ධ වනවාට අකමැති ඒකයි. (ර)
නාමල් නිව්යෝර්ක්, චීනය ගැන නොදැන අවතක්සේරු කරන්න එපා. ඇමරිකාවේ වාගේ සංදර්ශන නැහැ චීනයේ... (ර)
මේ මිසයිලයෙන් බ්‍රිතාන්‍යයට හා ඇමෙරිකාවට මිස රුසියාව වගේ රටවලට පහරදෙන්න බැරිද? (නි)
අයියෝ ඩිලාන් රුසියාව චීනෙට අල්ලපු රටනේද? මිසයිල ඕනේ නැහ කැටපෝලෙකින් විදින්න පුළුවන්.ලෝක සිතියම බලන්නකෝ (බ)
මිනිස්සු මරන්න මොන ආයුද හැදුවත්, කවුරු හැදුවත් වැරදි වැරදි වැරදි, මට හිතෙන විදියට ඇමරිකාවට ඕන දෙයක් හදන්න පුළුවන්, (ම)
අපිත් මිසයිලයක් යවන්න ඉන්නේ.(හේ)