කෝටිපතියන් ශ්‍රේණි ගත කිරීමේ පුරෝගාමියන් වන ලෝක ප්‍රසිද්ධ ෆෝර්බ්ස් සඟරාව හදුන්වා දෙන ප්‍රථම කෝටිපතියන් ප්‍රථම 50 දෙනා අතර ස්ථානයක් හිමිකර ගත් චීනයේ ටයින්ස් සාමාගම හිමිකරු 57 හැවිරිදි ලීන් යූ අන් ඔහුගේ සමාගමට අවුරුදු 20 ක් පිරීම නිමිත්තෙන්; එහි සේවය කරන සේවකයන් 12000ක් අතරින් සේවකයන් 6400කට දින හතරක ප්‍රංශයේ සංචාරයක් සංවිධානය කළේය.
ඒ අනුව පැරිස් අග නගරයත් දකුණු දිග ප්‍රංශයේ කෝට් ඬේ අෂූර් නම් පළාතට අයත් මුහුදු වෙරළත් එහි ප්‍රධාන නගරය වන නීස් නගරයත් දැකබලා ගැනීමට හා සංචාරය කිරීමටත් ඉහත සංචාරයේ අරමුණ වුයේය. පැරීසියේ පිහිටි ලෝක ප්‍රසිද්ධ ලූවර් කෞතුකාගාරය, අයිෆල් කුළුන, නොහඳුනන සොල්දාදුවන්ගේ ස්මාරකය පිහිටි ඩිගෝල් වට රවුම, මෝලින් රූශ් රඟහල ආදිය නැරඹීමට සුදානම් කර තිබු අතර එම සේවක පිරිස සදහා පැරීසියේ පිහිටි හෝටල් 140ක කාමර 6400ක් වෙන් කරවා තිබුණි
මෙම සංචාරය ගිනස් ඉතිහාසයට එකතු වන ගිනස් වාර්තාවක් බව මාධ්‍ය වාර්තා කරයි. ගිනස් කමිටුව ඔවුන්ගේ පෙරහැරක් නැරඹීමට නීස් නගරයටද පැමිණ සිටියේය. පසුගිය වසරේ මෙම සංචාරය සදහා මොස්කව් නගරය තෝරා ගත්තේය. එනමුදු මෙතරම් සේවකයන් ප්‍රමාණයක් සහභාගි නොවුහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බොසුත් මේ වගේ ට්‍රිප් එකක් ලගදීම දෙනවා කීව්වා. අපි ඇගිලි ගණන් කර කර ඉන්නවා එක ලැබෙනකන්.(හේ)
මිනිසෙකුට කොච්චර ලැබුනත් ඒවා දෙන්නත් පිනක් තියෙන්න ඕනෑ. ඒ වගේම ඒවා ලබන්නත් පින් තියෙන්න ඕනෑ. (නි)
කොහොම හරි දියවන්නාව පැත්තට ඇතුලු උනොත් මේවත් වැඩද ? (නදී)
හිරාන්, බොස්ට 6400 දෙනෙක් තවම ලැහැස්ති කරගන්න බැරිවෙන්න ඇති (අ)
ශිරාන් සිහින ලෝකයේ සැරි නොසරා ඔබේ බොසත් කෝටිපතියෙක් බවට පත්කිරීමට මහන්සියෙන් වැඩ කරන්න(නදී)
මාත් දන්නා දවසේ ඉඳල මැරෙනවා අනේ , කෝටිපතියෙක් කොහොම වෙතත් අමාරුවෙන් ලක්ෂ පතියෙක් වුනා ඒ මදැයි !(හේ)
කෝටිපතියෙක් වෙන්න ඔයතරම් අමාරුද? මිනිස්සුන්ගේ බුද්ධියට මවාපාලා සිප්පිකටු විකිණීමෙන්, දෙවියන් විකිණීමෙන්, මිනිසුන්ට දියුණුවන හැටි කියාදෙන පොත් විකිණීමෙන් දියුණුවූ මිනිසුන් කොතරම් සිටිනවාද .හැබැයි ඒවා පස්සේ ගිය අපි එතනමයි (හේ).
මෙන්න නියම බොස්ලා, සේවකයන්ට සලකන විදිය.(හේ)
මෙන්න කෝටි පතියෝ ඒ නිසයි ඔහුට ඔය විදියට හරි යන්නේ.(හේ)
මේ වගේ ආයතනයක් වෙනුවෙන් උපරිම කැපවීමෙන් වැඩ කරන්න සේවකයෝ පසුබටවෙන්නේ නැහැ. (නි)
මම දන්නා මැණික් මුදලාලි කෙනෙක් ඉන්නවා ඕපනායක පැත්තේ. එයා මට කිව්වා මැණික් ව්‍යාපාරයට බැස්සේ පළමු ලක්ෂ දහය හොයල නතර වෙනවා කියල හිතාගෙනලු. ලක්ෂ දහය හෙව්වට පස්සේ හිතුනලු ඇයි මම මෙතනින් නතර වෙන්නේ කියල. මනුස්සය තාමත් එම ව්‍යාපාරයේම ඉන්නවා.(නදී)
මේ වගේ පිරමිඩ් ක්‍රමයට බඩු විකුනපු චීන කොම්පැනියක් කොළඹ තිබුන නේද ?(හේ)