ගී්රසියේ අධිකරණයනක් මඟින් එරට හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වන ආකිස් සොකට්සෝෆෝලොස්ට අවුරුදු 20 සිර දඬුවම් නියම
|
ආකිස් සොකට්සෝෆෝලොස් (වමේ) |
කළේය.ඔහුට එරෙහිව ඇති චෝදනාව වනුයේ නීතිවිරෝධි මුදල් නිත්‍යානුකුල බවට පත් කිරීමයි.
ආකිස් ඇතුළු ඔහුගේ අනුගාමිකයන් 16 දෙනෙක් එම චෝදනාවට වරදකරුවන් වී ඇත.රුපියල් මිලියන හයක මෙම මුදල් ගනුදෙනුව යුරෝපියානු දේශපාලන අර්බුදයේ සංකේතයක් බව වාර්තා සඳහන් කරයි.
ආකිස් 73 වන වියෙහි පසුවන අතර පසුගිය අවුරුදු 30 පුරාවටම ගී්රක දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් විය. ඔහු 1996 සිට 2001 දක්වා ගී්රසියේ ආරක්ෂක අමාත්‍යධූරය දැරුවේය.ඔහු අමාත්‍යධූරය දරණ සමයේ යුධ උපකරණ මිලදි ගැනීමේදී අල්ලස් ලබාගත් බවත් එම මුදල් නීත්‍යානුකූල බවත් වාර්තා සඳහන් කිරීම මෙම චෝදනා එල්ල කිරීමට හේතු විය. නඩු විභාගයන්හිදී ආකිස් ඔහුට එරෙහිව තිබූ එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ආයතනයට අනුව යුරෝපයේ බංකළොත්ම රට වනුයේ ග්‍රීසියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ලංකාවේ වුණා නම්, ඇප මත මුදාහරී කියලා වගේ එකක් තමයි අහන්න වෙන්නේ (නි)
රජකම් කළත් කළකම් පල දෙනවාලු.... (නි)
ලබාගත් අල්ලස් නීත්‍යානුකූලයි කියන්න උපදෙස් ගත්තේ අපේ කෙනෙකුගෙන්ම වෙන්න ඕනෑ. (දිල්)
ලංකාවේ නම් කිසිම විටෙක මෙවැනි දේවල් බලාපොරොත්තු වෙන්න එපා. (දිල්)
ලංකාවේ දේශපාලන ක්‍රමය නීති ක්‍රමය පාලන ක්‍රමය ඉතාලියට ආදේශ කරානම් ඔය මුකුත් නැහැ . අපේ රටෙන් ගන්න ගොඩක් දේවල් මේ රටවලට තියෙනවා . ඇවිත් මේවා ගෙන අද්‍යනය කරන්න (ත)
චන්දි අලුත්වල, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. මොකද දන්නවද? මෙයා "හිටපු" එක්කෙනේක්නේ. දැන් ඉන්න කෙනෙක් නම් ඔයා කියන දේ හරි. හිටපු කට්ටියට ඒ වරප්‍රසාද නැහැ. (නි)
ග්‍රීසිය මේ ආදර්ශය අරගෙන තියෙන්නේ අපෙන්. (නි)
ග්‍රීසියේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ... *(දී)