ඝාතනයට ලක්වූ හිටපු ලිබියා නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ දියනියක්වූ අයීෂා ගඩාෆි සිය සහෝදරයාවූ සයිෆ් අල්-ඉස්ලාම් පිලිබඳ තොරතුරු ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. ඊට හේතුව සයිෆ් අල්-ඉස්ලාම්ට ලිබියාවේදී නඩු පවරනු ලැබූවහොත් ඔහුට අනිවාර්යෙන්ම මරණ දඬුවම ලැබෙන හෙයිනි. ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් සයිෆ්ට එල්ල වී ඇති මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා විභාග කරනු ලැබුවහොත් ඔහුට ලැබෙන්නට ඉඩ ඇත්තේ සිර දඬුවම් පමණි. සයිෆ් අල්-ඉස්ලාම් දැනට ලිබියාවේ බන්ධනාගාරයක පසුවෙයි. ඔහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනා නම් මිනීමැරීම් හා ස්ත්‍රී දූෂණ යනාදියයි. සයිෆ් අල්-ඉස්ලාම්, පසුගිය නොවැම්බර් මස සහරා කාන්තාර ප්‍රදේශයකදී අත්අඩංගුවට පත්වූයේ ඔහු වෙස්වලාගෙන සිටියදීය. සයිෆ් අල්-ඉස්ලාම් ගේ අධාර කරුවන් කියා සිටින්නේ ඔහුට, ලිබියා නව රජයෙන් සාධාරණයක් ඉටු නොවනු ඇති බවයි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd