නොකඩවා ඇද හැළෙන මහ වැසි හේතුවෙන් ගංගා නදිය පිටාර ගැලීමෙන් හටගත් සැඬ රළ පහරට හසුවී, ඉන්දියාවේ හිමාල කඳු පාමුල පිහිටි උත්තරකාන්ද් ප්‍රාන්තයේ රුද්‍රප්‍රයාග් දිස්ති‍්‍රක්කයේ නගරයක් මුළුමනින්ම විනාශ වූ අතර 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
සහන සේවා නිලධාරීන් පවසන්නේ, පුද්ගලයන් 50 දෙනෙකු ජල ගැලීම්වලට හසුවී ගසාගෙන යෑමෙන් අතුරුදන්ව ඇති බවය. ඊට අමතරව නිවාස අහිමිවීමෙන් ලක්ෂයකට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි විය.
සැඬ ජල පහර, ගස් පෙරළා ගෙන නිවාස සුනු විසුණු කරමින් නගරය හරහා ගලා ගිය බවත් නිවාස සහ ගොඩනැගිලි අසුරු සැණින් බිමට සමතලා වූ බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
උත්තරකාන්ද් ප්‍රාන්තයේ සෙසු දිස්ති‍්‍රක්කවලින් ද ජල ගැලීම් සහ නාය යෑම් වාර්තා වේ.
සැඬ පහරට හසුවී මාර්ග විනාශ වීමෙන් කොටු වූ පිරිස් බේරා ගැනීමට ඉන්දීය හමුදාව කටයුතු කළ අතර ඒ සඳහා හෙලිකොප්ටර් යානා ද යොදා ගැනිණ. සහන සේවා නිලධාරීන් පැවැසුවේ, අධික වර්ෂාව නිසා එම සහන සේවා කටයුතුවලට බාධා එල්ල වූ බවය. ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවලට ද මේ වනවිට මහ වැසි ඇදහැළෙමින් පවතින අතර නවදිල්ලි නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසා දැමීමට ද බලධාරීන්ට සිදුවිය. ඒ, ගුවන්තොටුපොළ ජලයෙන් යටවීම නිසාය.
ධාරාණිපාත වැසි හේතුවෙන් ගුවන් ගමන් සහ දුම්රිය ගමන්වලට ද බාධා එල්ල වී ඇතැයි ද පැවැසෙයි. ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් පවසා ඇත්තේ ඉදිරි තෙදින පුරාවට ද දිගටම මහ වැසි ඇදහැළීමේ අවදානමක් පවතින බවය.
|
ප්රචණ්ඩ රළ පහර නගරයට කඩා වැදුණු අවස්ථාව |
|
මාර්ග සෝදා ගොස් මෝටර් රථ අනතුරට පත්ව ඇති අයුරු |
|
මාර්ගයක් නායයෑමෙන් කොටුවූ පිරිස් |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියන් බලදාරීන් වැස්ස අඩු කාලයට බංග්ලා දේශයට වතුර නැති කරනවා. වැස්ස වැඩි කාලයට ගං වතුර බංගලා දේශය දිසාවට හරවනවා. එබැවින් ගංගාව කෝප වී ඇත.(නදී)
හොදට හෝදලා තියනවා වැහි දෙවියෝ. .ඉන්දියාවේ මිනිස්සු හරිම අපිරිසිදුයි වැසිකිලියත් ඉතින් පාරේම තමා.(නදී)
අපේ මව්බිම ඉන්දියව් අපි ආවෙ ඉන්දියාවෙන් අපේ ආගම ආවෙ ඉන්දියාවෙන් එහෙ ඉන්නේ අපේ මිනිස්සු මම හදවතින්ම දුක්වෙනවා මේ කරදරයට පත් උන ජනතාව වෙනුවෙන් (අ)
වාසනා,ඔබ හරියටම හරි. වැස්ස නැතත් බංගලාදේශය වතුරෙන් යට වෙන්නේ ඉන්දියාවේ වාරි කළමනාකරණය නිසා. මෙයාලගේ වැඩ දකුණු ආසියාවටම පිළිලයක්. (නි)
මිනිස්සු ස්වභාවධර්මයට කරපු දේවල්වල ප්‍රතිවිපාක. දුකට පත්වුන අයට ඉක්මන් සුවය ලැබේවා!(නදී)
ලංකාවේ මිනිස්සුන්ගේ වෛරය මොකද මේ ? මේවා ස්වාහාවික දේවල්. සුනාමිය,ධීවරයෝ විපතට පත්වුණා කව්රුත් අහිංසක අය නේද?මේ වගේ දේවල් පලි ගන්න දේවල් නොවේ. ජයලලිතා වුනත් කරපු පව් ලගදීම විදවන්න වේවි. (නි)
දඹදිව වන්දනාකරුවන්ගේ නහයවල් ඉවර ඇති.ඉවසන්න බැහැ මල,මුත්‍රා ගඳ හේදිලා යන්න වැස්ස එකනම් හොඳා.ගඟේ පතුල වැල්ල පෑදිලා තිබුනේ.සාමාන්‍ය ජනතාවට වැස්ස සිදුකළ උපද්‍රව ගැන මොනවා වුනත් දුකයි (නි)
මේවා ස්වබාවික විපත්. මොන රටක වුනත් වෙන්න පුළුවන්. කව්රුත් මිනිස්සු. අමතක කරන්න එපා අපිටත් සුනාමි ඇවිත් අපේ මිනිස්සු දුක් වින්ද හැටි (නි)
ජයලලිතාගේ ගෙදරට ආවා නම් නියමයි. (නදී)
ඉන්දියාවේද? එහෙනම් කමක් නැහැ. (නි)
ජයලලිටට වෙන්නේ නැහැනේ මේ වගේ දේවල් (අ)
අපේ රටට මෙවැනි විපතක් වුනොත්,හිතට මොනවගේ වේදනාවක් ඇතිවෙයිද?පව්. (නි)
ලංකාවේ (ආර්.ඩී.ඒ.) එකෙන් කරපු පාරවල් ඔහොම වෙන්නේ නැහැ (නි)
ඉන්දීයාවේ මිනිස්සු ඔය ගඟට වදිනවා. ගඟේ නානවා, මිනි අළු දානවා, මිනි පාකරලා අරිනවා, වැසිකිලි මාර්ග හරවනවා, කුණු කානු හරවනවා. ගඟට තරහ ගිහින් දෙන්න ඇති පිටාර යන්නම.(නදී)
මිනිස්සු පව් ඒත් ඉන්න්දියව කියන්නේ මහා ජරා රටක් අපිට කොතරම් වින කටිනවද ඔවුන්.(නදී)
රනි,අනුන්ට මොනවා වුනත් කමක් නැහැ ,තමන්ගේ කටබඩ පිරෙනවා නම් කියන ප්රතිපත්හියේද ඔයා ඉන්නේ. (අ)
කොටි පුහුණු කලාට,පරිප්පු බෙදුවට,ඉන්දියන් හමුදාව බලෙන් එවුවට, වඩමාරච්චි වල හිරවෙලා හිටපු ප්රභාකරන් හෙලිකොප්ටරේක දමාන දිල්ලි එකරන් ගියාට මෙහෙම වෙලා මදි. (අ)
රානි කව්රුත් මිනිස්සු ..නිකම් කට තිබ්බ පලියට දොඩවන්න එපා. (අ)