ප්‍රසිද්ධ චරිත සහ ධනවත් පුද්ගලයන්ගේ වත්කම් හෙළි නොකර සැගවීමට මෙන්ම බදු නොගෙවා සිටීමට එම පුද්ගලයන්ට උදව් කළ මොසැක් ෆොන්සේකා සමාගම හා සම්බන්ධ කරුණු හෙළි වීමෙන් පසු අයිස්ලන්ත අගමැති සිග්මන්ධාර් ගන්ලුග්සන් තම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඔහුගේ පවුලේ වත්කම් සඟවාගෙන සිටි බවට ද එමගින් හෙළි කර තිබිණි.
අයිස්ලන්ත අගමැති සහ ඔහුගේ බිරිද එක්ව සමාගමක් ආරම්භ කර ඇති අතර ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන විට ඔහුගේ වත්කම් වසන් කර තිබේ.
මෙම සිද්ධි හෙළිවීමෙන් පසු අයිස්ලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට විශාල විරෝධතාවයක් පැවැත්විණි. එම අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස එරට ජනපති ඕලෆුර් ග්රිම්සන් වෙත ඉල්ලීමක් ඉරිදිපත් කර තිබුණි. නමුත් එය ප්‍රතික්ෂේප විය.
අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලපෑම් පැමිණෙන්නට වීමත් සමග ඔහු ඉල්ලා අස් වීමට තීරණය කොර ඇත.
මීලග අගමැති වශයෙන් එරට කෘෂිකර්ම ඇමති පත් වෙනු ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් එනපොට හොඳ නැහැ වගේ (නි)
අපේ කාගෙවත් විස්තර නැද්ද ඔය පොතේ? (නි)
ලංකාවේ පුද්ගලයන් හා ආයතන 22කගෙ නම් ඇති බව ආරංචි .ඉන්දියාවේ සුපිරි නලු අමිතාබ් බච්චන් සහ ආශ්චර්යා රායි ගේ ආයෝජන ඇති බව ආරංචි.ලංකාවෙ අයගේ නම් සදහන් කර නෑ.සයිබර් ප්‍රහාරයකින් ටෙරා බයිට් 2.3ක දත්ත සොරකම් කරල තමයි හැකර්වරයෙක් මේව එලි කරල තියෙන්නෙ. (බ)
අයිස්ලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ..... අපේ ඇමතිලා අස් වෙන්නේ නෑ....(හේ)
අයිස්ලන්තයේ ජනතාව බුද්ධිමත් බව පේනවා.අපේ රටේ නම් තම පක්ෂයේ නායකයින් මොනවකලත් අනුමත කරන කොටසක් සිටිනවා.එ් නිසයි අපේ රටේ දුප්පත්කම තුරන්කරන්න බැරි.(හේ)
චානක හරි (නි)