ලෝකයේ අති දුර්ලභම පක්ෂියා යැයි සැළකෙන මැඩගස්කර් පෝචර්ඩ් නමැති තාරාවර්ගයේ පැටවුන් ඉපදී සති දෙක තුනකින් පසු මිය යන බව විද්‍යාඥයෝ කියති. ඔවුන්ට වාසස්ථාන සඳහා සුදුසු තෙත් බිම් නොමැති වීම එයට හේතුවී තිබේ.
පරිසරවේදීන් පවසන්නේ මානව ක්‍රියාකාරකම් තෙත් බිම් විනාශ වීම හේතුවෙන් ඔවුන් ඉතා සීමිත තෙත් බිම් සහිත පරිසරයන්ට කේනද්‍රගත වී ඇති බවයි. හේතුවෙන් මෙම කුරුල්ලන්ඉතිරිව ඇති තෙත් බිම් කිහිපයකට ඒකරාශී වී ඇති බවයි.
මෙම පර්යේෂණය පිලිබඳ තොරතුරු ජාත්‍යන්තර කුරුළු සංරක්ෂණය නැමැති ජර්නලයේ ප්‍රකාශයට පත්කර තිබේ.
එම පර්යේෂණය කල අය පවසන්නේ ඔවුන්ගේ සමීක්ෂණයට අනුව දැනට ලෝකයේ දැකිය හැක්කේ පෝර්චඩ් පක්ෂීන් 25ක් වැනි සුළු පිරිසක් බවයි.
මානව ක්‍රියාකාරකම් වන විනාශය සහ මසුන් ඇල්ලීම හේතුවෙන් මෙම සතුන්ගේ වාසභූමි විනාශ වි ගොස් ආහාර ද හිඟ වි ඇත. මෙම සතුන්ගේ ඉතිරිව සිටින අවසන් කීප දෙනාගේ වාසභූමිය ලෙස සීමා වී ඇත්තේ ගිනිකොන දිග මැඩගස්කරයේ පිහිටි එකම තෙත්බිම පමණකි.
පර්යේෂණ ප්‍රධානි ආචාර්ය ජොෆ් හිල්ටන් පවසන්නේ මෙවැනි සංඛ්‍යාවෙන් ඉතාමත් සිමිත ප්‍රමාණයක් සිටිනා කුරුල්ලන් ගැන සෘජු ඇස්බැල්මක් තිබිය යුතු බවයි.
‘‘ අපි ලඟ ගැහැණු සතුන් 10 ක් හෝ 11 ක් පමණයි සිටින්නේ මෙයින් වැඩි ප්‍රමාණයක් බිත්තර දමනවා ඒ වාගේම උන් එම බිත්තර රකිනවා නමුත් පැටවුන්ට සති දෙකක් හෝ තුනක් ගිය පසු නොපෙනි යාමට පටන්ගෙන තිබෙනවා“ යැයි හිල්ටන් පවසයි.
මේ සතුන් ආහාර සොයා ගන්නේ දිය යට කිමිදිමෙනි. පර්යේෂකයන් සොයාගත් සාක්ෂිවලට අනුව සතුන් මියයන්නේ කුසගින්නෙන් යැයි ද පර්යේෂකයෝ කියති. මේ විල් ඉතා ගැඹුරින් යුතුවීම නිසා ඔවුන්ට ගොදුරු සපයා ගැනීම අසීරු කටයුත්තකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්මන් මිනිසා විෂඝෝර සර්පයින්ටත් වඩා භයානක ලෙස මිහිකත වනසමින් තමන්ද වැනසෙමින් පවතී. (නි)
ලොව දරුණුම සත්ත්වයා මිනිසාය. තම වර්ගයා ද, අනෙකුත් සත්ත්වයින්ද විනාශ කරයි. එසේත් නැතහොත් විනාශයට මග පාදයි. (නදී)
අපෙත් ලංකාවේ වැව් වල "සේරු " කියල පක්ෂීන් විශේෂයක් හිටිය ඒ මෙයාලමයි මම හිතන්නේ..?දැන් දකින්නත් නැහැ? (නදී)
පරිසරවේදීන්ට පුළුවන් කමක් නැද්ද ඒ රටේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මේ සත්ත්ටු රැකගන්න පුළුවන් වැඩ පිළිවෙලක් ඇති කරන්න? (අ)
මොරිෂස් දුපත් වල හිටපු ඩෝඩෝ පක්ෂියා වගේ වදවෙලා යයි ඉක්මනටම. (නදී)
සමහර සතුන්ට කාල ගුණයේ පරිසරයේ කුඩා වෙනසක් වුනත් බලපානවා. කොහොම වුනත් මිනිසාගේ පැවැත්ම නිසා ලෝකයෙන් සමහර සතුන් වර්ග වද වී යාම අනිවාර්යයි. (නදී)
ලැව් ගිනි, ගං වතුර , ඉඩම් ගොඩකිරීම් වැනි දේ නිසා අපේ රටෙත් මේ වගේ කුරුළු විශේෂ කොපමණ ප්‍රමාණයක් වදවී ගිහින් ඇද්ද ? (නදී)
අපේ රටේ ඉන්න කපුටත් ඒ වගේනේ (අ)
ලංකාවේදි මේ සත්තු අභිජනනය කරන්න බැරිද දන්නේ නැහැ (නදී)
අනේ දෙවියනේ! (නි)
පරිසරයේ ජෛව විවිධත්වය රැක ගැනීම සියලු දෙනාගේම යුතුකමක්. ඒ නිසා ඒ රටේ බලධාරීන් මේ ගැන පියවරක් අරගෙන මේ සතුන් ආරක්ෂා කිරීමට කැප විය යුතුයි.(අ)
මේ වගේ ලිපි ගොඩාක් වැදගත් (අ)
මිනිසුන්ට වගේම සත්තුන්ටත් ජීවත්වෙන්න අයිතියක් තියෙනවා.මිනිස් ක්‍රියාකාරකම් නිසා ඒවා නැතිවෙනවා නම් ඒ අයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. මේ මිනිසුන්ගේ ක්‍රියා හෙළාදකිමු. (නි)