ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පාසලක පන්ති වේලාවේ සමලිංගික දෙමාපියන්ගේ දරුවන් පිළිබඳවූ වාර්තා චිත්‍රපටයක් පෙන්වීම සම්බන්ධයෙන් එම සිසුන්ගේ දෙමාපියන් පැමිණිලි කර ඇතැයි එරට පුවත් සේවා කියයි.
නිව්සවුත්වේල්ස්හි අධ්‍යාපන අමාත්‍ය ඒඩ්‍රියන් පිකෝලි පවසා ඇත්තේ බර්වුඩ් උසස් බාලිකා පාසලේදී ‘ගේ බයි බේබි‘ චිත්‍රපටය පාසල් වේලාවෙන් පසු දර්ශනය කරන ලෙස තමා නියෝග කළ බවයි.
පාසල් කාලයේදී තමන් ඔවුන්ගෙන් අපේක්ෂා කරන්නේ ගණිතය, ඉංග්‍රීසි ඇතුළු විෂය මාලාවට අයත් ප්‍රශ්න ගැන කථා කරන ලෙස බවත් පිකොලි ටූජීබී ගුවන්විදුලියට පවසා ඇත.
‘මෙම චිත්‍රපටය පාසල් විෂය මාලාවට අයත් එකක් නොවෙයි. ඒකයි මම ඒ තීරණය ගත්තේ.‘ යැයි පිකොලි සඳහන් කරයි.
ජාතියක් වශයෙන් සමලිංගික ආකර්ෂණයට සහ ලිංග වෙනස්වීමට භාජනය වූවන් විවේචනය හේතුවෙන් ඔවුන් සිත්තැවුලට පත්ව ඇති බවත් ඔවුන් සියදිවි හානි කර ගැනීමේ සම්භාවිතාව සම ලිංගික නොවන අයට වඩා 6 ගුණයක් වැඩි බවත් එම චිත්‍රපටයෙන් පෙන්වා දෙයි.
මායා නිවෙල් අධ්‍යක්ෂණය කළ ‘ගේ බයි බේබි‘ චිත්‍රපටය විදුහලේ ආදි ශිෂ්‍යාවකි. සම ලිංගික දෙමාපියන්ගේ දරුවන් සිව් දෙනකුට ඕස්ට්‍රේලියාවේදී හා ඉන් පිටතදී මුහුණ පෑමට සිදුවන අවහිරතා සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක් එම චිත්‍රපටයට ඇතුළත්ය.
චිත්‍රපටය මගින් මිනිසුන් අනෙකාට ගරු කරන්නේ කෙසේද යන්න ගැන පාසලේදී ඉගැන්වීමට හැකිවීම වඩාත් වැදගත් බව ඇතැම් පිරිස් කියති.
නමුත් ෆෙඩරල් කම්කරු සෙනෙට් සභික පෙනී වොන්ග් ට්විටර් පණිවිඩයකින් කියා සිටියේ මෙයින් සාමාන්‍ය පවුල්වලට හා ඔවුන්ගේ දරුවන්ට ප්‍රහාරයක් එල්ලවන බවයි.
චිත්‍රපටය ප්‍රදර්ශනය කර ඇත්තේ ‘වෙයා ඉට් පර්පල් ඩේ‘ නමැති සන්ධානයේ හවුල්කාර පාසල් වෙනුවෙන් දියත් කළ වැඩසටහනක් නිමිත්තෙන් බවත් එරට පුවත් සේවා වාර්තා කර ඇත. එය සමලිංගික හා ලිංග වෙනස්වීමට ලක්වූ දරුවන් හමුවේ ඇති අභියෝග සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ පිරිස් එක්ව පිහිටුවා ගත් සංවිධානයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමලිංගිකත්වය වරදක් නොවේ. ඒක ඒ මිනිස්සු උපන් හැටි. කරන්න ඕනෑ ඒ මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය ගෙවන්නට ඉඩදීලා අනික් අයව දැනුවත් කරන එක. අනික සමලිංගික බාවා ගොඩාක්ම එන්නේ එ් අයගේ තියෙන ජාන වල ප්‍රශ්නයක් කියල තමා දොස්තර මහත්තුරු කියන්නේ. හැබැයි ඔය මානසික හොර වෙද්දුනම් ඒ අහිංසකයන්ගෙන් මුදල් ගසා කනවා හොද කරන්නම් කියලා. නමුත් අපිට කියන්න බැහැ ඔවුන්ගේ ආසාවල් වෙනස් කරන්න කියලා. මොකද ඒ අය කොච්චර වේදනාවකින් පෙලෙනවද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි කාගේ කාගේත් අදහස් වලට ගරු කරලා ඉන්නවනම් හොදයි කියල මට හිතෙන්නේ. (බ)
විජයබාහුගේ මතයට මාත් එකඟයි (නි)
අනේ නාමල් ඉතින් ඔය දියුණුයි කියන සමාජයක් තියෙන ඇති තරම් විද්‍යාත්මක සඟරා තියෙන ඕස්ට්‍රේලියාවේ දෙමව්පියොත් කලබල වෙලා තියෙන්නේ ඒ අයත් ගල් යුගයට අයිති නිසාද ?වහාම ඔයා ඕස්ට්‍රේලියා ගිහින් ඒ ජනතාව දැනුවත් කරන්න නැත්නම් පව් (ම)
අනුර, මම ඔයා සමග එකඟයි. ප්රශ්නය ඔය කියන බුධිමතුන් කියා ගන්න සෙට් එක තමයි. ඔවුන් හැදුණු පරිසරය මගින් ඔවුන්ගේ අදහස් ආරෝපණය වී ඇත. තාරුණ්‍යය ගැන නොදන්නා, තාරුණ්‍යය නොවිඳ පාඩම් ම පමණක් කර, තද බල විනයන් ට යටත්ව හැදුනු බුධිමතුන්ගෙන් මේවාට විසදුම් ලබාගත නොහැකියි. අලුත් වැදගත් නිදහස් නිර්ව්‍යාජ සංස්කෘතියක අවශ්‍යතාව තරුණ අයට පවතී. ඒ වැනි දෙයකට අවශ්‍ය මග පෙන්වීම නොලැබීම නිසා මෝඩ පහත් සංකර විකාර සංස්කෘතියක් තාරුණ්‍ය වෙනුවෙන් බිහිවී ඇත. (බ)
ලංකාවේ බාලිකාවන් අතරේ සමලිංගිකත්වය දැන් වේගයෙන් පැතිරෙනවා. එයට හේතුව බැරි වෙලාවත් විරුද්ධ ලිංගිකයෙකු සමග අඩුම ගනනේ මිතුරු කමක් වත් තිබෙන බව ආරංචි වූ විගස පාසැල් ගුරුවරියන් හා විදුහල්පතිනිය එකතුවී ශිෂ්‍යාවට අමානුෂික ලෙස හිරි හැර කරීමය. මේවා කරන්නේ විනය කමිටු කියලා දේවල් හදාගෙන. අවසානයේ දී සිදුවන්නේ මොනවා හරි ඛේදවාචකයක් හෝ අර ශිෂ්‍යාව සදාකාලිකව වෙනත් ආකාරයකට හෝ විනාශ කිරීම.මේවා අපේ රටේ වහගෙන සිදුවන අපරාද. මේවා ගැන බුද්ධිමත් කතිකාවක් ඇතිවනවා නම් ඉතා කාලෝචිතය. නමුත් ප්‍රශ්ණය වන්නේ බුද්ධිමත් යයි එකතුවන්නේ ද ඉස්සලා මෙහි සඳහන් ආකාරයේම පුද්ගලයන්මම වීමය.(නදී)
නාමල්ට සමලිංගික සහ නපුංසක ලිංග පැටලිලා වගෙයි. (බ)
පියලාල්, සොපී වගේ අය ගල් යුගයෙද කොහෙද ඉන්නේ. සමලිංගිකත්වය ගැන විද්‍යාත්මක සගරාවල පලවෙන ලිපි කියවා බලන්න. ඔබලා කතාකරන්නේ හරියට ලෝකයේ දියුනුම රටවල වෛද්‍යවරුන්ටත් වඩා මේ ගැන දන්නවා වගේ. ලිදේ ඉන්න ගෙම්බන් මෙන් හැසිරෙන්න එපා (නදී)
උපතින්ම එලෙස බිහිවෙන්නේ ඉතා කුඩා ප්‍රතිශතයක් විතරයි. අනිත් අය තමන්ගේ ආශාවන් නිසා නොමග ගොස් ජීවිතය විනාශ කරගන්නවා (නදී)
උපතින් කෙනෙක් සම ලිංගික වෙන්නේ නැහැ. කැමැති කෙනෙකුට කර ගන්න දුන්නත් කමක් නැහැ. එත් ෆිල්ම් පෙන්නා මේවට ළමයි පෙළඹ වීම, සමලිංගික විවාහ නීතිගත කිරීම වැරදියි. ආර්ථිකයට ඔරොත්තු නොදෙන ජනතා වර්ධනය සිමා කරන්න කරන දේවල් වෙන්නත් පුළුවන්. නමුත් මේවා ලෝක සම්මතයට පයින් ගැසීමක්. (නදී)
මේකට අපේ ආණ්ඩුවෙන් ඉදිරියේදී විසදුම් ලැබේවී.(හේ)
නුවන් එය කවුද (අ)
සමලිංගික වීම රෝගී තත්ත්වයක් නොවේ. පොඩ්ඩකට හිතන්න අපේ රටේ මිනිස්සු හැමොම බත් කනවා. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුලු්වන් කවදාවත් බත් කන්න කැමති නැති. ඉතින් බහුතරය බත් කන නිසා බත් නොකන කෙනා මානසික රොගියෙක්ද? ඇමරිකාවට ගියාම ඔිකේ අනිත් පැත්ත එතකොට පාන් කන නිසා හැමෝම මානසික රෝගින්ද?(අ)
කෙනෙක් සමලිංගික වීම උපතින්ම සිදුවන්නක් බව එය රෝගී තත්ත්වයක් නොවන බව ද දැන් ලෝකයේ බොහෝ රටවල මතය වේ. කෙනෙක් සම හෝ විරුද්ධ ලිංගික අයෙකුට ආදරය කරන්නේ ළමයි හදන්නම නෙවේ නේ. ඉතාමත් පෞරුෂයෙන් යුත් සාර්ථක ධනවත් ජිවිත ගෙවන සමලිංගික අය ලෝකයේ ඉන්නවා. (නදී)
සමලිංගිකත්වය වරදක් නොවේ. ඒක ඒ මිනිස්සු උපන් හැටි. කරන්න ඕනෑ ඒ මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය ගෙවන්නට ඉඩදීලා අනික් අයව දැනුවත් කරන එක (නදී)
සනත්ට වැඩේ පටන්ගන්නවනම් දියවන්නවෙන්ම පටන්ගන්න පුළුවන් (ම)
මම නම් දකින්නේ සම ලිංගිකත්වය යනු මානසික දුබලතාවයක්. උත්පත්තියෙන්ම හෝ කුඩාකාලයේ තම පෞර්ෂයට වන හානියක්. විරුද්ද ලිංගිකයා කෙරේ ඇතිවන බියක්.එය හොඳින්ම තේරුම් ගත හැක්කේ, සම ලිංගිකයින් , විරුද්ධ ලින්ගිකයින්ට වඩා ලිංගිකත්වයට දක්වන රුචිකත්වය. ලැජ්ජාව අඩුකම. අප කල යුත්තේ සම ලිංගිකත්වය ට අනුබල දීම නොව ඔවුන්ගේ පෞර්ෂය වර්ධනය කර ඔවුන් එයින් මුදවා ගැනීමයි. (අ)
සදිති ඔයාගේ කතාව පට්ට .(අ)
කොහොමද අනේ සමලිංගික දෙමාපියන්ට ළමයින් ලැබෙන්නේ ?(ම)
සමලිංගික දෙමාපියන්ගේ දරුවන්ට ඇති ප්‍රශ්නයක්නම් කාටද අම්මා කියන්නේ ,කාටද තාත්තා කියන්නේ කියන එකයි.(ම)
මේවා නිසා තමයි අපේ බොහෝ අය තම දරුවන්ට ඔය රටවල අද්යාපනය දීමට අකමැති (ම)
මේ පාසැල රජයේ මුදලින් යැපෙනවානම්, මේ ක්‍රියාව වැරදිය.මෙතන ගැටළුවක් වී ඇත්තේ, සමලිංගික ප්රශ්නය නොව.ගුරුවරයාගේ ක්‍රියා කලාපයයි. ගුරුවරයාගේ බලය පිළිබද ප්රශ්නයයි. (බ)
ඔව් එ්ක ලෝකේ මවපු දෙවියන්ට කියන්න .එක එක අයගේ ආසාවල්. (බ)
නුවන් ඔබ හරි. මම කියන්නෙත් මෙය වරදක් නොවේ කියා.(හේ)
මේ දේ වැරැදියි නේද?(හේ)
ලෝකයේ කතා කළ යුතු ගැටළු තව ඇත (බ)
ගෝත්‍රිකයන්ට මේ බව පහදා දුන්නාට නුවන්ට ස්තුතියි. ඔබ ලංකාවේ ජීවත් නොවන බව පේනවා. (අ)