ඇමරිකා, රුසියා හා ඕස්ට්‍රේලියා ඇතුළු රටවල් ඒකාබද්ධව සිරියාවට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් සිරියා සෙබළුන් මිය යාම පිළිබඳව ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් කනගාටුව පළ කරයි.
ඕස්ට්‍රේලියාවේ ගුවන් යානා ද සම්බන්ධවී සිදුකළ ගුවන් ප්‍රහාරයෙන් සිරියා සෙබළුන් මියයාම පිළිබඳ සංවේගය පළ කරමින් එරට අගමැතිවරයා නිව්යෝර්ක් හිදී මාධ්‍ය හමුවේ අදහස් පළ කර තිබිණි.
ඔහු පවසා ඇත්තේ ඕස්ට්‍රේලියාව ප්‍රහාරයට එක්වූයේ අයිඑස් ත්රස්තයන්ට එරෙහිව කරන ප්‍රහාරයක් හේතුවෙන් බවත් මිය ගිය හා තුවාල ලැබූ සිරියා සෙබළු වෙනුවෙන් පෞද්ගලිකවම කනගාටුව පළ කරන බවත් ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරියන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කර තිබෙන්නේ ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව , රුසියාව මෙයට සම්බන්ධ නැහැ , එ් නිසා රුසියාව මෙය සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ හදිසි රැස්විමක් ඉල්ලා සිටියා , (හේ)
එක්සත් ජාතීන් මේවට නිහඬ බව රකින්නේ මොකද? මේවා යුද අපරාධ නෙමෙයිද? අපේ ජනාධිපතිතුමාට ප්‍රශ්න කරන්න පුළුවන් නේද? මොකද එතුමාත් ඇමෙරිකාවේ නේද මේ දවස් වල?
පුෂ්පා, එක්සත් ජාතීන් කියල නාමිකව සංගමයක් තිබුනාට ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් තමයි එක්සත් ජාතීන් කියන්නේ. පිහිටුවාගත්තෙත් ඒ ගොල්ලොමයි. වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියමුද ඒ අමාරුව කියන්නේ ඒකටයි... (ර)
එකසත් ජාතීන්ගේ සංවිධානයත් අද වනවිට දේශපාලනීකරණය වෙලා. අද වෙන විකල්පයක් ඕනෑ. නමුත් මේ යන ක්‍රමයට ඔලුව නමන්න වෙලා (නි)
කණගාටුව පළකළා කියල ඒ නැතිවූ ජීවිත නැවත ලැබෙන්නේ නැහැනේ (නි)