අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඇමෙරිකා හමුදාවට හසුවී ඝාතනය වීමට පෙර, වසර 9 ක් පාකිස්තාන ආරක්ෂක අංශ ඇස්වලට වැලි ගසා එරට සැඟවී ජීවත් වූ බව අල් ජසීරා පුවත් සේවය ඊයේ (9) අනාවරණය කළේය.
අල් ජසීරා පුවත් සේවය, මේ බව අනාවරණය කළේ, පාකිස්තාන බුද්ධි අංශ රහස් වාර්තාවක් පාදක කර ගනිමිනි.පාකිස්තානයේ අයි.එස්.අයි. බුද්ධි අංශය පිටු 336 කින් යුත් එම වාර්තාව සකසා ඇත්තේ මීට මාස 6 කට පෙරය.
ඒ, ඔසාමා බින් ලාඩන් පාකිස්තාන රජයටත් ආරක්ෂක අංශවලටත් හොරා එරට රැඳී සිටීම සම්බන්ධවෙන් පැවැති විශේෂ නඩු විභාගයට ඉදිරිපත් කිරීමටය.
එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ එක් අවස්ථාවක බින් ලාඩන් ගමන් කළ මෝටර් රථය පොලිස් නිලධාරීන්ගේ සෝදිසියකට ලක් කෙරුණු බවත්, එහි සිටියේ බින් ලාඩන් බව නොදත් පොලිස් නිලධාරීන්, දඬ කොළයක් ලියා එම මෝටර් රථය පිටත් කර හැර ඇති බවත්ය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් එම විශේෂ නඩු විභාගය පැවැත්වුණු අතර එහිදී බුද්ධි අංශ, ආරක්ෂක අංශ ඇතුළු රජයේ නිලධාරීන් 201 දෙනකුගෙන් බින් ලාඩන් සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණි.
බින් ලාඩන් පාකිස්තානයේ ඇබොට්ටාබාද් නුවර මහල් නිවසක සැඟවී ජීවත් වන බව ඇමෙරිකාව දැනගත්තේ සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන්ගේ දස්කම් හේතුවෙනි.
ඔවුන් 2011 මැයි දෙවැනිදා බින් ලාඩන් ඝාතනය කළේ පාකිස්තාන රජයට හෝ බුද්ධි අංශයට හෝ නොදන්වා රහස් හමුදා මෙහෙයුමකිනි. ඒ, ඇමෙරිකා ජනපති ඔබාමාගේ අනුදැනුම යටතේය.
බින් ලාඩන් තම රටේ රැඳී සිටින බව තමන් කිසිවක් නොදන්නා බව පාකිස්තාන රජයත්, ආරක්ෂක අංශත් පැවැසීය.
ඇමෙරිකාව බින් ලාඩන් ඝාතනය කිරීම පාකිස්තාන බුද්ධි සහ ආරක්ෂක අංශවලට අතුල් පහරක් වූවා පමණක් නොව ලැජ්ජාවට කරුණක් ද වූ බව පුවත් සේවා වාර්තා කළේය. ඒ ගැන විශේෂ විමර්ෂණයක් පවත්වා නඩු විභාගය පැවැත්වුණේ ඒ අනුවය.
බින් ලාඩන් පාකිස්තානයේ ජීවත් වූ වසර නවය තුළ ඇබොට්ටාබාද් නුවර පමණක් නොව, තවත් ස්ථාන 6 ක ජීවත් ව ඇතැයි ද පාකිස්තාන බුද්ධි අංශ සකස් කළ එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපුල්, මෙයාලා අවි දීපු වෙලාවේ දෙවි පිහිට පැතුවේ නැද්ද? (දී)
කොටින්ට කිරි පෙවුවේ ඇමරිකාව නෙවේ බොලවූ ඉන්දියාව සහ ඇතැම් කාලවල අපේම නායකයෝ.නිකන් බොරුවට තප්පුලන්නේ නැතිව කොටින්ට කිරි පොවාපු අපේම නායකයන්ට මතක ඇති කාලෙකට බලේට එන්ට දෙන්ට එපා. (අ)
ෙම රට ලංකාවයි. පාකිස්ථානය නොවේ. එබැවින් බිල් ලාඩන් ගැන සංවාද අනවශ්‍යයි. (නි)
පකිස්ථානය ලංකාවෙන් හදපු පන්සලේ හාමුදුරුවෝ පිහියෙන් ඇනල මරපු රට. දැන් ඒපන්සලේ ලගින්නේ සත්තු (අ)
ඇමෙරිකාව වැනි අනුන්ගේ ලේබොන රටක තවත් නිර්මාණයක් විතරයි ඔය බින් ලාදින් කියන්නේ.රුසියාවට ගහන්න ඔනවුනාම බින් ලාදින් බිහිවුණා. එපා වෙද්දී මරලා දැම්මා. ලෝක වෙළඳ පොලට ගැහුවේ බින් ලාදින් නෙමෙයි කියල ලෝකේ හුඟක් අය දන්නවා වුනාට, ඔය ළිං ගෙම්බන්ට තේරෙන්නේ නැති නිසයි මේකටත් ජාතිවාදී අදහස් දාන්නේ. (අ)
ඇමරිකාව නමැති ත්රස්තවදියාගේ සුජාත දරුවෙක් තමා මොහු (අ)
ඇමෙරිකාව කළේ හොඳ වැඩක් (දී)
ඇමෙරිකාව නැත්නම් ත්රස්තවාදීන් මේ වෙනකොට මීට වඩා මිනී මරනවා. ඇමරිකානුවනි, ඔබට ස්තූතියි. (දී)
නියම බිල් ලාඩන් නැති වුනේ හෘදායාබාධයකින් නේද? (දී)
ඇමරිකාව කියන්නේ මොන වගේ රටක්ද කියන එක බුද්ධිමත් ජනතාව දන්නවා. ඇමරිකන් කාරයෝ තමා කොටින්ට කිරි පෙව්වේ. ඉරාකයට ගහන්න හේතුවක් හදාගන්න ඕනෑ හින්දා තමන්ගේම රටේ අහිංසක ජනතාව මරපු අය ගැන තව මොන කතාද ? ලකාවේ ගුවන් තොටුපළට පිස්ටල් එකක්වත් අරන් යන්න බැරි එකේ කොහොමද ඇමරිකන් ෆ්ලයිට් එකකට ත්රස්තවාදීන් රිංගුවේ? (දී)
පකිස්ථානයේදී මැරුණේ ඇමරිකාව විසින් බිහිකරපු බින් ලාඩන් කෙනෙක්... (දී)
ලැජ්ජයි , ලැජ්ජයි, අපේ රටකට මෙහෙම වෙච්ච එක. (අ)
ලඟදි ලංකාවට ආපු පකිස්ථාන හමුදාපති අපේ හමුදාවට වැඩිපුර පුහුණුවීම් දෙන්න එකඟ වුනාලු. මෙයාලගෙන් ඉගෙන ගත්තොත් අපිටත් ඉතින් දෙවි පිහිට තමයි. (අ)
රිෂාර්ඩ්රි මම කිව්වේ ඇමෙරිකාව නැතිනම් අපිට බින් ලාදන්ලගෙන් මේ රටේවත් ඉන්න බැරි වෙනවා. කිසිම ආගමික අන්තවාදීයෙකුට සමාව දෙන්න හොඳ නැ.බින් ලාදන්ලා ගැන රිෂාර්ඩ් ල කියන කතා හොරාගේ අම්ම පේන කියනවා වගේ.බින් ලාඩන් කියන්නේ මුස්ලිම් නොවන හැම කෙනෙකුටම ලේ පිපාසිත, ආගම නිසා නොමග ගිය මිනීමරුවෙක්. (අ)
මෙයා හිටියානම් දෑන් ඉන්නේ තමිල්නාඩුවේ පෑනපු කොටින් එක්කයි. ඉන්දියාවෙන් තමිල්නාඩුවත් කඩලා, ලංකාවේත් ජරමර ගොඩාක් කරලා. මෙයාලගෙ අයයි කොටියි හොද මිතුරන්, මෙයාලගේ සංවිඬානයට දෑන් ඕනා ආගම් ජරමරයක් කරන්නයි. අපි හෑම ජාතියක් සමග සුහදව කටයුතු කලයුතුයි. 83 වගෙ ප්‍රස්නයක් ආවොත් අපේ රණවිරුවන්ගේ කෑපවිමත් ජීවිත පරිත්‍යාගයත් ගගට කෑපූ ඉනිවාගේයි. මෙයා චුත උනත් ප්රභාකරන් චුත උනත් ඒවයේ මුල් තාමත් පොලවයට සෑගවී ඈතිබව අප අමතක නොකල යුතුයි.ශ් රී ලාංකික අප සෑම ජාතියක්ම රට රෑකගන්නත්, ලෑබූ සාමය රෑකගන්නත් විකල්ප බලවෙගවලට යටනොවී සහජීවනයෙන් කටයුතු කලොත් අප රට විශාල දියුනුවක් කරා යා හෑකිය. අතීත මතක සටහන් තුලින් ගමන් කිරීම ඔබෙත් මගෙත් රටවෙනුවෙන් කරන යුතුකමක් වෙනු අත.(නදී)
මෙයාව ඇමරිකාවෙන් මරපු එකට වැඩිපුර දුක්වෙන්නේ අහවල් නාලිකාවේ උදේට ලෝක විචාරය කරන අය. පව් අසරණයා.(නදී)
එතකොට ඇමෙරිකාව රුසියාව මට්ටුකරන්න යොදා ගත්තු කට්ටිය කව්ද ?අමිල ඒ ගොල්ලන්ට ඕන නම් හෙට අමිලව ගස් න්ග්ගන්නත් පුළුවන්. අන්න ඒවත් මතක තියා ගන්න.බින් ලාඩන් ලෝකෙට තර්ජනයක් කියපු රටවලම දැන් මෙය ගැන හොයන්න පටන් අරන්.මොකද?තාම සැක සහිත පුද්ගලයෙක් මිස මෙය කියල ඔප්පුවෙලා නැති නිසා ? අමෙරිකාවත් ඔය තාක්ෂනය ගැන වැඩි විශ්වාසයක් තියෙන මිනිස්සු නොවේ.කරන වංචාවට කවද හෝ වන්දි ගෙවනවා. (අ)
අපේ ක්‍රිකට් ටීම් එකට පකිථානයේදී ගැහුවෙත් මෙයාගෙ නියමෙට අනුව.ඇමෙරිකාවට ස්තුති වෙන්න ඕන කරපු වැඩේට.මෙයා හිටිය නම් බුද්ධගයාවට මීට කලින් ගහන්නේ.ඇමෙරිකාව ඉන්නකන් අපිට බය නැතුව ඉන්න පුළුවන්.මේ ආගමික අන්තවාදීන් විනාශ කිරීමට අපිත් එකතු වෙන්න ඕන.බාමියන් පිළිම විනාශ කරද්දී එයට හඬ නැගුවේ,පියවර ගත්තේ ඇමෙරිකාව බව අමතක කරන්න එපා.ඇමෙරිකාවට එරෙහිව කෑ ගසන විමල්ලට මේවානම් තේරෙන්නේ නැතුවා නෙවේ.(අ)
ඇමරිකන් හමුදාවටත්, සි අයි ඒ එකටත්, ජනපති ඔබාමාටත් ස්තුතියි. (නි)
මේ අහිංසකය මතු බවයත් ඉපදෙන්න ඕන. මේ මනුස්සය නිසා මම අවුරුදු 4ක් ඇෆ්ගනිස්ථානයේ සේවයකර හොද ඉතිරියක් කර ගත්ත. අහිංසක ඔබට පින්.(අ)
ඉස්මෛල් හුසේන් ඔන්න ඔතන තම ප්රශ්නය තියෙන්නේ. ඔයාගේ රට හරියටම මොකක්ද? (අ)
බින් ලාඩන් පකිස්තානෙ හිටියෙ ආරක්ෂක අංශවල සහයෝගයෙන්. (නි)