ඇමෙරිකාවේ රැඳී සිටිමින් ඇමෙරිකාවට එරෙහිව රුසියාව වෙනුවෙන් ඔත්තු බැලුවැයි චෝදනා ලැබූ රුසියා තානාපති නිලධාරීහු 35 දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ඇමෙරිකාවෙන් පිටව ගියහ.
නෙරපා දැමුණු එම තානාපති නිලධාරීන් 35 දෙනා ආපසු රුසියාවට ගෙන්වා ගැනීමට රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් විශේෂ ගුවන් යානයක් ඇමෙරිකාවට යවන ලදී.
පසුගිය නොවැම්බර් 8 වැනිදා පැවැත්වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්රතිඵල වෙනස් කිරීමට රුසියාව කටයුතු කිරීම සම්බන්ධ සිදුවීමක් මුල්කොට ගනිමින් ඔත්තු බැලුවේ යැයි චෝදනා එල්ල කරමින් ඔබාමා පරිපාලනය මෙසේ රුසියා තානාපති නිලධාරීන් රටින් නෙරපා දැමීමටත්, රුසියාවට නව සම්බාධක පැනැවීමටත් කටයුතු කළේ පසුගිය සිකුරාදා ය. රටින් පිටවී යෑමට එම නිලධාරීන්ට පැය 72 ක කාලයක් හිමිවිය.
රුසියන් රජයේ අනුදැනුම මත, එරට පරිගණක දත්ත සොරුන් එසේත් නැතිනම් හැකර්වරුන් ඇමෙරිකන් ජනපතිවරණයේ ප්රතිඵල වෙනස් කිරීමට කටයුතු කළ බවත්, එය ට්රම්ප්ට ජයග්රහණය කරා යෑමට හේතුවක් වුණු බවත් ඔබාමා පරිපාලනය චෝදනා කර තිබේ. එල්ල වී ඇති එම චෝදනා පදනම් විරහිත බව රුසියාව කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගියත් මොකද දැන් ඕනේ හරිය කරලනේ යන්නේ , කවුරු වුනත් කමක් නැහැ හොඳින් හරි නරකින් හරි ක්ලින්ටන් පරද කල එක ලොකු දෙයක් නැත්නම් අපිට හැමදාම කොටි නැටුම් බල බල ඉන්න තිබුන (අ)
තව දවස් කීපයකින් ඔබාමාත් ගෙදර යයි. ඊටපස්සේ ට්රම්ප් රජවෙනවා. රුසියාවේ කට්ටිය අායෙත් ඇමෙරිකාවට එනවා. කොහොම වුණත් ට්රම්ප් හොඳයි ශ්රී ලංකාවට (නි)
ට්රම්ප්ට ජය! (නි)
මේක නම් හොඳයි. මමත් කැමතියි වැඩේට (නි)
මමත් පක්ෂ ට්රම්ප්ට තමයි (නි)