ඇමරිකා ජනපති බිරිය මිචෙල් ඔබාමා හා දියණියන් දෙදෙනා වන මාලියා හා ශාෂා පසුගියදා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හා ඔහුගේ බිරිය ලන්ඩන් නුවර ඩවුනින් ස්ට්‍රීට් හිදී හමුවූහ.
ඔවුන් බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සමග තේ පැන් සංග්‍රහයක්ද භුක්ති වින්දේය. ඔබාමාගේ දියණියන් දෙදෙනා ලන්ඩන් වීදිවල සැරිසරන දසුන් විදෙස් මාධ්‍යයට හසුවී තිබුණි.
මිචෙල් ඔබාමා ලොව පුරා සිටින බාලිකාවන්ගේ අධ්‍යාපන කටයුතු නඟා සිටුවීමේ අරමුණින් මෙම සංචාරයට එක්ව සිටියාය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සන පින්තුර ටිකක්. (ර)
ලොව සුපිරි බලවතාගෙ පවුල දිහාවත් බලා අපේ පාලකයින්ට හැදෙන්න නොහැකිනම් එය අපේ අභාග්යයයි (බ)
ඔබාම ලංකාවට එනවා නම් අපිත් කැමතියි (නදී)
මම නම් කැමති පුංචි ළමයට (නදී)
හැරිට නරකද ඔබාමා මහත්තයව මාමා කරගත්තොත් ......! (ස)
මේ ලෝක බලවතාගේ දරු පවුලනේ. එයාලට කොහොම අදින්න පළදින්න බැරිද. මේ චාම් බව ලොවට දෙන එක පණිවිඩයක් වෙන්න ඇති. (නදී)
හේමන්ත, මේ දවස්වල වගාව එච්චර හොද මදිලු (කෙසෙල්) ;) (ම)
හැරී කුණු ලෝභයෙක්.කෙසෙල් ගෙඩියක්වත් තියල නෑ.(ම)
මේ දුවරුන් හදා වඩා ගැනීම ගැන මව විසින් ලියපු පුවත් ලිපියක් මම කියෙව්වා. ඉතා සැලකිල්ලෙන් සහ පරීක්ෂාවෙන් තමන් ගේ දරුවන් ගැන පසුවන බවත් තාවකාලික තනතුරු සැප සම්පත් වලින් පිනාගොස් වැරදි මග යාමට ඉඩ නොදෙන බවත් එහි සඳහන් වුනා. (ස)
ඔව් ඔව් අපේ සමහරු යනකොට නම් පාරත් වහලා (නි)
ජගත් ළමයෝ ඒහේ නායකයෝ බස් වලින් යනවා දැන් අපේ රටෙි සමහර නායකයන් බස් තියන් පයින් යනවා. සැබෑ වෙනසක්. (ර)
ඇත්තම තමයි පුදුම සරල ඇඳුම් පාවිච්චි කරලා තියෙන්නේ, ඒ මිනිස්සු හැම පැත්තෙන්ම ඉස්සරහට යනවා අපි පසු පසට ගමන් කරනවා කියලයි මටනම් හිතෙන්නේ... (ර)
හරිම සරල විදියට ඇඳුම් පාවිචි කරලා තියෙන්නේ (ම)
හරි අගේට ගවුම් පොඩි ඇඳලා ඉන්නවා අපේ වගේ ... (නි)
ජගත්. හිටගෙනද එයාල යන්නේ ? (අ)
සජී, මම දන්නේ නැහැ ඔයා කොහෙද ඉන්නේ කියලා. මම ඉන්නේ ලන්ඩන් වල. ඔයා දන්නේ නැහැ, ගොඩක් නායකයෝ මෙහි යන්නේ බස් එකේ නැත්නම් දුම්රියේ. එයාලට ඔයා හිතන ආරක්ෂාව නැහැ (නි)
මෙයාලත් ලංකාවට එනවද දන්නේ නැහැ තාත්ති එක්ක? අපේ ඇමතිතුමාගෙන් අහන්න ඕනෑ (නි)
දුනුමන්ත හරියටම දැනගෙනද කියන්නේ ? මොකද ලු කියන්නේ.? (ර)
දැක්කනේ පඩි පෙලේ රතු පලස් නැ, අපේ නං පඩි පෙලේ මැණික් ඔබ්බවල හදාවි පලා බබෙක් වුණත් එන වෙලාවට. (ම)
කීයක් වියදම් කරත් මොකද ඉතින් එරටවල මිනිස්සුන්ට හොඳ ජීවන මට්ටමක් අරන් දීල තියෙනවනේ පාලකයෝ. මෙහෙ වගේ රටේ මිනිස්සු දුක් විඳින්නයි ඇමතිලා සැප වින්දින්නෙයි නැහැ ඒ රටවල. (ර)
අපෙ අය හිතන්නෙ මල් මල් චීත්ත රෙද්දෙන් මහපුව අහරිම ලාබ ඇති කියල. ඔය එක ඇදුමක් ලංකාවෙ සල්ලි වලින් ලක්ෂ 3-4 වෙනවා. මිනිස්සු පිට ඔපයට බොහොම පහසුවෙන් රැවටෙනවා. ඔතැන කිසිම චාම් බවක් නෑ. හතර වටේ රැකවල්ලු. (ම)
මෙහෙම ෆොටෝ එකක් පලකලාම දකින ගොඩක් අය හිතන් ඉන්නේ මෙයාලා ආරක්ෂකයෝ කවුරුවත් නැතුව නිදහසේ ඇවිදිනවා කියලා. එත් මෙයාල අවට ආරක්ෂකයෝ බොහෝදෙනෙක් සිටිනවා. මේ ෆොටෝ උනත් ගන්නේ නිල කැමරා ශිල්පීන් පසුව ඒවා මාධ්‍යට ලබාදීමයි සිදුකරන්නේ. (ර)
මේ චාම් ජීවන පැවැත්ම අපේ දේශපාලකයෝ, ඔවුන්ගේ බිරින්දෑවරු සහ දරුවන් ඉගෙන ගන්න. (ම)