දකුණු කොරියාවට පහර දෙන බවට තර්ජනය කරමින්, උතුරු කොරියාව ඊයේ (4) ඔවුන් සතු දිගු දුර මිසයිල දකුණු කොරියාව දෙසට හැරවීය.
දකුණු කොරියා ආරක්ෂක ඇමැති කිම් ක්වේන් ජිං කියා සිටියේ උතුරු කොරියාව ඔවුන් සතු ‘කේ.එන්. 8’ වර්ගයේ දිගු දුර මිසයිල දකුණු කොරියාවේ හමුදා කඳවුරු සහ සෝල් අගනුවර ඉලක්ක කර ගනිමින් ස්ථානගත කර ඇති බවය.
උතුරු සහ දකුණු කොරියාව අතර මහා පරිමාණයේ යුද්ධයක් හට ගනු ඇති බවත් එය න්‍යෂ්ටික යුද්ධයක් තෙක් දුරදිග යනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කරයි.
මේ අතර ඇමෙරිකාව ඊයේ නිවේදනය කළේ ඔවුන් සතු රේඩාර්වලට හසු නොවී පියාසර කළ හැකි ‘ස්ටෙල්ත්’ ප්‍රහාරක යානා කිහිපයක් දකුණු කොරියානු හමුදාවට ලබා දීමට කටයුතු කළ බවය.
උතුරු කොරියාව අනතුරු අඟවා ඇත්තේ දකුණු කොරියාවට පමණක් නොව, ඇමෙරිකාවට ද ප්‍රහාරයක් එල්ල කරන බවටය. ඇමෙරිකාවට අයත් හවායි දූපත්වල පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට පහර දෙන අයුරු දැක්වෙන් වීඩියෝ දසුන් පෙළක් ද උතුරු කොරියාව මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමුකෝ. (නි)
මේවා දකිද්දී අපිට ඇඩෙනවා. (නි)
කෝ ඊනියා ඇමරිකන් විරෝධියෝ? මේකෙන් රස්සා නැති වෙන්නේ අපේ කොල්ලන්ට කියන එකවත් තේරෙන්නේ නැද්ද? (නි)
උතුරු කොරියාවෙත් දකුණු කොරියාවෙත් ඉන්නේ එකම මිනිසුන්. එකට එකතුවෙලා පහර දෙන්න තියෙන්නේ ඇමෙරිකාවට. (නි)
සිසිරගේ කතාව හරියටම හරි දාන්න 5 ක් (ස)
සිසිර, මහේෂ්, නොදැන කියවන්න එපා. (නි)
යුද්ධයක් එපා.(නදී)
යුද්ධයක් එපා.(නදී)
කොරියාව කියන රට දෙකඩ කරන්න මුල් වුණේ ඇමරිකාව. කොරියාව එම උගුලට අහු වුණා. එකම ජාතියක් දෙපිලට වෙලා යුද්ධ කරන එක මහා මෝඩකමක් කියලා ඔවුන්ට තේරුනත් දැන් ආපස්සට හැරෙන්න ඉඩක් නැති තත්වයට පත් වෙලා . (නි)
ඇමෙරිකාවේ ප්‍රහාරක ශක්තිය ගැන නොදැනයි මේ සියදිවි නසා ගැන්මකකට යන්නේ. උතුරු කොරියාවේ ගුවන් බලය ගුවන් යානා 1400යි ඇමෙරිකාවට 18000කට වඩා තිබෙනවා. නාවික ශක්තිය බැලුවත් ලෝකේ ලොකුම නාවික හමුදා 5ක් එකතු කළත් ඇමෙරිකාවට අභියෝග කරන්න අමාරුයි. (නි)
ඇමරිකාව වියට්නාමයෙන් ඉගෙන ගත් පාඩම අමතකවෙලා... අලුත් පාඩමක් ඉගෙන ගන්නේ මෙදා පාර උතුරු කොරියාවෙන්... (ස)
ඇමරිකාවට ඕනෑ එයාලගේ වාහන ටික විකුණාගන්න. (නි)
ප්‍රධාන විශබීජය තමයි ඇමෙරිකාව. ඕවට ඇමෙරිකාව සම්පුර්ණයෙන් වග කියන්න ඕනෑ. (නි)