උතුරු කොරියාව ඊයේ(10) තවත් න්‍යෂ්ටික අත්හදා බැලීමකට සූදානම්වීමත් සමඟ එය ‘සැබෑ තර්ජනයක්’ ලෙස සලකා දකුණු කොරියාව හා ජපානය සිය හමුදා සීරුවෙන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ජපානයේ ටෝකියෝ නුවර අවට මිසයිල ආරක්ෂාව තරකර ඇති බවත් ඇමෙරිකා රේඩාර් හා චන්ද්‍රිකා පද්ධතිය උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළ කලාපය පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින බවත් දකුණු කොරියා ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එම න්‍යෂ්ටික අත්හදා බැලීම භූගතව හෝ ගුවන්ගතව හෝ සිදු කිරීමට උතුරු කොරියානුවන් සූදානමින් සිටින බව නිවේදනය කළේ දකුණු කොරියානු ආරක්ෂක අමත්‍යංශයයි.
උතුරු සහ දකුණු කොරියාව අතර හට ගන්න අවි ගැටුමක් න්‍යෂ්ටික යුද්ධයක් තෙක් දුරදිග යනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් පවා බිය පළ කරයි.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේ කොරියානු අර්ධද්වීපයේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය පාලනය නොකළ හැකි මට්ටමින් දුරදිග ගොස් ඇති බවය.
මේ අතර, උතුරු කොරියාවෙන් චීනයට ප්රවේශවීම සඳහා ඇති දේශසීමා මාර්ගය සංචාරකයන් සඳහා වසා දැමීමට චීන රජය පියවර ගෙන තිබේ. නමුත් ව්‍යාපාරික කටයුතු සඳහා එම මාර්ගය භාවිත කිරීමට චීන බලධාරීන් අවසර ලබාදී ඇත.
දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් පහර දෙන බවට තර්ජනය කරමින් යුද්ධයකට සූදානම් වන උතුරු කොරියාව පෙරේදා (9) දකුණු කොරියාවේ සිටින විදේශිකයන්ගෙන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් තම තමන්ගේ රටවල් බලා යන ලෙසටය.
උතුරු කොරියාව අනතුරු අඟවා ඇත්තේ තමා අසල්වැසි දකුණු කොරියාවත් ඇමෙරිකාවත් සමඟ ඕනෑම මොහොතක යුද්ධයකට පැටැළීමට සූදානම් බවත්, යුද්ධයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවත්ය.
ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිවේදනය කර ඇත්තේ උතුරු කොරියාවෙන් එල්ල වන ඕනෑම මිසයිලයකට උඩු ගුවනේදී පහර දී විනාශ කිරීමට තම මිසයිල පද්ධතියට හැකි බවය.
උතුරු කොරියාවෙන් එල්ල විය හැකි න්‍යෂ්ටික, රසායනික හෝ ජෛව රසායනික අවි ප්‍රහාරයකට මුහුණ දීමට තම හමුදා මේ වනවිටත් සූදානමින් සිටින බවත් ඒ සඳහා ඇමෙරිකාවේ සහාය හිමි වන බවත් දකුණු කොරියාව පවසයි. එසේ ප්‍රහාරයක් එල්ල වුවහොත් උතුරු කොරියාවට පහර දීමට පිලිපීනය, ජපානය ආදී ඇමෙරිකාවේ මිතුරු රටවල් රැසක් සූදානමින් සිටී.
දකුණු කොරියාවට සහ ඇමෙරිකාවට පහරදෙන බවට උතුරු කොරියාව තර්ජනය කිරීමත් සමඟ කොරියානු අර්ධද්වීපයේ හට ගත් ‘නොසන්සුන්කාරී’ වාතාවරණය කඩිනමින් අවසන් කර ගැනීමට නොහැකි වුවහොත් එයින් මුළුමහත් ආසියානු කලාපයම අස්ථාවර වනු ඇතැයි චීන ජනාධිපති සී ජිංපින් බිය පළ කර ඇත.
|
ටෝකියෝ නුවර මිසයිල ආරක්ෂාව තරකර ඇති අයුරු.... |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු කොරියාව ජය ගන්නවා ඇමරිකාව පරදිනවා ,,,,,,(ස)
අපේ කොල්ලෝ කෙල්ලෝ 25000ක් කොරියාවේ වැඩ. යුද්ධයක් ඇති වුණොත්? අපි සාමය ප්‍රාර්ථනා කරමු. (නි)
සලිනි, ඔයා දන්නේ ඇමරිකාව කියන ටිකමනේ (නි)
ඇමරිකාවට වුවමනාව තියන්නේ රටවල් වල යුද්ධ ඇතිකරන්නයි. (නි)
මම ඇමෙරිකාවට පක්ෂ නැහැ. (නි)
ලෝකෙයේ සිටින සමස්ත මිනිසුන් වෙනුවෙන් දෙවියන් ඇමරිකාවට දඩුවම් දිය යුතුයි (නි)
ශලනි.ඔබ මොනවද මේ ලියන්නේ. උතුරු කොරියාවට කන්න නැහැ කියා කියන්නේ කොහොමද? සමහරවිට ඇමරිකාව ඇතුලු බටහිරට ගැති, ඇත්ත වසන්කර ඇති, ප්රවෘත්ති පමණක් කියවා අසා ඔබ ඔවුන් කියනා දෙය පිලගන්නා රූකඩයක් පමණයි. මෙවන් මත දරණ සමාජයක් තවත් කලකදී බිහිකරීම ඇමරිකානුවන්ගේ අරමුණයි. එවිට ලොව පාලණය සදහා ඔවුනට නාස් ලණු ප්‍රමාණවත්.(නදී)
සදාම් හුසේනුත් ඔය වගේම කිව්වා.... (නි)
අනිවාර්යෙන් යුද්දයක් ඇතිවෙනවා ඇමරිකාව පරදිනවා.(නදී)
ඇමෙරිකාව ලෝකයේ ප්‍රශ්න වගා කරලා වවාගෙන කන ජාතියක්. (නි)
සරත් ඔබ හරි ..එත් යුද්දයක් වෙන්නත් ඉඩ තියෙනවා..එහෙම වුනොත් ලංකාවටත් යම් බලපෑමක් වේවි...(ස)
උතුරු කොරියාව පාමුල යුද අභ්‍යාස කරලා ඔවුන්ව අවුස්සන්නේ ඇමෙරිකාව වුවමනාවෙන්මයි. එතකොට දකුණු කොරියාවයි ජපානයයි බයවෙලා අමෙරිකාවෙන් ආයුධ මිලට ගන්නවා. නමුත් යුද්ධයක් වෙන්නේ නැහැ. ඇමෙරිකාව බිලියන ගණනක ආයුධ විකුණා ගන්නවා... (නි)
මෙතන අදහස් දක්වද්දී ප්‍රවෘත්තිය කියවලා අදහස් දක්වන්න. තමන්ගේ රටේ ජනතාවට කන්න නොදී න්‍යෂ්ටික අවි හදන උතුරු කොරියාවට ලංකාවට පහර දෙන්න වුණත් ආයුධ තියෙනවා. වැරදිලා හරි පොඩ්ඩක් එහා මෙහා වෙලා ඔය අවියක් මේ පැත්තට ආවොත් ගල් ගහලද නවත්වන්නෙ?අදටත් උතුරු කොරියාවට කන්න හාල් දෙන්නෙ දකුණු කොරියාව. (නි)
ඔය ඇමෙරිකාවේ සෙල්ලම් ටික වැඩි ඈතකට නොයාවි ළමයෝ... (නි)
න්‍යෂ්ටික යුද්ධයක් පැමිණේවිද? (නි)
ඉල්ලගෙන කන්න වගෙයි... (නි)
ලේ නෑයන් කොටවලා මරවලා ඇමෙරිකානු බලය ලොව පුරා පැතිරවීම තමයි අරමුණ. ඇමෙරිකානු යක්ෂයා මිහිතලයෙන් දුරුවේවා! මගේ රටට තෙරුවන් සරණයි. (නි)