ගුලාන් කඳුකර පෙදෙසින් තම දේශසීමාව උල්ලංඝනය කළ සිරියා ගුවන් යානයක් බිම හෙලන ලදැයි ඊශ්‍රායල් හමුදා වාර්තා උපුටා දක්වමින් සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරයි. ගුවන් යානා නාශක පේට්ට්රියට් මිසයිල භාවිතා කරමින් මේ යානය බිම හෙළා ඇත.
ඊශ්‍රායල් ආරක්ෂක හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් පීටර් ලර්නර් පැවසුවේ බිම හෙලු ගුවන් යානය රුසියාවේ නිශ්පාදිත සුකෝයි - 24 වර්ගයේ යානයක් බවයි. මේ යානයේ සිටි නියමුවා හා සහන නියමුවා සිරියාවට පතිත වූ බව ද ඔහු පවසා ඇත.
ඊශ්‍රායල් හමුදාව පවසන්නේ යානයට ප්‍රහාරය එල්ලකරන විට ඔවුන් දළ වශයෙන් කිලෝ මීටරයක් තරම් ප්‍රමාණයක් දේශසීමාව උල්ලංඝනය කර තිබූ බබවයි.
සිරියා රාජ්‍ය රූපවාහිනියද ඊශ්‍රායලය තම ගුවන් යානයක් වෙඩි තබා බිම හෙලා ඇතැයි වාර්තා කළේය. මේ අතර එක්සත් ජාතින්ගේ සාමසාකච්ඡා කරුවන් සිරියාවේ පාලනය පවතින ගුලාන් කඳුකර පෙදෙසට පිටත් ව ගොස් ඇති බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටිය බය වෙලා වගේ. වෙන්න ඕනි දේ හරියටම සිද්දවෙනවා වගේ. (ස)
ඒ පී අයි මේ වගේ අවදියෙන්ද? (ස)
නියමයි (දී)
අපිට මොකටද අනේ (දී)
ඇමරිකාව ඇතුළු බටහිර ලෝකයම බලන්නේ තමන්ට කීකරු නොමැති සිරියන් ජනාධිපති පන්නා දමන්ට , පසු ගිය කාලයම ඔවුන් කලේ තමන්ට අවනත නැති රජයන් පෙරලා දැමිම , බටහිරට සහ ඇමරිකාවට දණගසා සිටියොත් කිසිම මානුෂික අයිතිවාසිකම් ප්‍රශ්නත් නැහැ , විරෝධතාත් නැහැ . පොඩි එකා ලොකු එකාගේ ආහාර වේලක්. (ස)
හරියට හරි එහෙම තමා දෙන්න ඕනේ (නදී)
එක වෙලාවක අධිරාජ්‍යවිරෝධී වීරයෝ. සුළු මොහොතකින් අධිරාජ්‍යවාදයට ගැතිවෙනවා. කන්න ඕනෑ වුණාම කබරගොයත් තලගොයා වෙනවා කියන එකට හොඳ උදාහරණයකුත් පෙන්වනවා (නි)
චාමික ඔබ ඔබ ගැනම පවසා තිබෙනවා වාගේ , (දී)